divaina Editorial today.....!
ප්රජාතන්ත්රවාදී රටවල ආණ්ඩු යනු තම අසීමිත බලයේ සහ ශක්තියේ පිළිබිඹුව බව ජනතාව විශ්වාස කරති. ඔවුනට එසේ උගන්වාද තිබේ. එහෙයින්, පොලිස් බලයට මුවා වී වැරදි කොට සැඟවී සිටීමේ ශක්තියක් අඟුලානේ පොලිසියට තබා මොන මඟුලක පොලිසියකටවත් නැත.
පොලිසිය සැබෑ අපරාධකරුවන් "වැරදීමකින්" හෝ "සැඟවූ ආයුධ සොයා ගැනීමට යැමේදී ආපසු හැරී පොලිසියට වෙඩි තැබීමට තැත් කිරීමේදීA" හෝ ඝාතනය කළ විට මිනිසුන් රතිඤ්Æ පත්තු කරන්නේත්, අහිංසකයන් ඝාතනය කළ විට පොලිස් ස්ථාන කුඩුපට්ටම් කරන්නේත් කුමක් නිසාද යන්න තවම බොහෝ දෙනාට තේරුම් ගත නොහැකි බව පෙනේ.
තමන්ට මිස තමන්ගේ නෝනලාට හෝ පුතුන්ට හෝ පොලිස් බලතල නොමැති බව බොහෝ පොලිස් නිලධාරීන් නොදන්නා බව පෙනේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ එච්. එන්. බී. ජී. කොටකදෙණිය මහතා පවසන්නේ පොලිස් නිලධාරීන්ගේ වැරදි ක්‍රියාකලාපයට හේතුව ඔවුන් උසස් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් නොවීම නිසා බව ය.
මෙය සත්‍යය නම් උසස් පොලිස් නිලධාරීන්ව ද අධීක්ෂණයට ලක්කිරීමට රජය ඉක්මන් පියවර ගත යුතුව තිබේ. විනයානුකූල වූත් යුක්තිගරුක වූත් සමාජයක් බිහිකිරීම වත්මන් රජයේ අරමුණ නම් එය යථාර්ථයක් බවට පත්කිරීම පිණිස රජය බැටන් පොල්ල අතට ගෙන පොලිසියේ දොරට තට්ටු කළ යුතුව තිබේ.