පුළුවන් බන්...සාමන්යෙන් SSD එකක Warranty දෙන්නේ එක්කෝ Years වලින් නැත්තන් TBW වලින්..TBW කියන්නේ Tera Bytes Written..Samsung 850 EVO එකේ නම් මට මතක විදියට වොරන්ටි එක එක්කෝ 5 years නැත්තන් 75 TBW (දෙකෙන් මුලින් එන ඒකද කොහෙද)..
දැන් මගේ SSD එක ගත්තේ 2016 August වගේ..දැන් එතකොට මාස පහමාරක් වගේ පාවිච්චි කරලා තියෙනවා මේක..දැනට මේකේ 2.42 TBW වෙලා තියෙනවා මාස පහකට වගේ..ගාන හදලා බැලුවොත්, මාස 154.96 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් 75 TBW Limit ඒකට එන්න..ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු දහතුනක් (12.91 Years)![]()
වොරන්ටි හම්බෙන්නෙත් අවුරුදු පහයිනෙ
මම නම් මේක පාවිච්චි කරන්නේ OS එක දාන්නයි Softwares Install කරන්නයි..ආයිත් නැහැ SSD තියෙන PC/Laptop එකක වැඩ කරලා වෙන එකක වැඩ කරන්න අමාරුයි
මොකද හැම දෙයක්ම ෆාස්ට්..තත්පර පහෙන්/හයෙන් Login Screen ඒකට එනවා Windows 10..Password/PIN ගහල එන්ටර් කරපු ගමන් තත්පර දෙකෙන් තුනෙන් ඩෙස්ක්ටොප් එකේ..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන්ම වැඩ කරන්න පටන්ගන්න පුළුවන්..වෙන වෙන ඒවා ලෝඩ් වෙනකන් බලන් ඉන්න ඕනේ නැහැ..සාමාන්‍ය HDD තියෙන laptop එකක ඩෙස්ක්ටොප් ඒකට ඇවිල්ල This PC ගියහම Drives ටික පෙන්නන්න ටිකක් වෙලා යනවා..SSD එකක් තියෙද්දී එක වෙන්නෙම නැහැ (මගේ 250 GB SSD ඒකයි 1 TB HDD ඒකයි තියෙන්නේ)
Photoshop/MS Word/PowerPoint තත්පර හතරෙන් ලෝඩ් වෙනවා..Chrome ඒකට තත්පර දෙකක් හෝ තුනක් (extensions කීපයක් දාල තියෙන නිසා මෙච්චර වෙලා යන්නේ..extensions නැත්තන් ක්ලික් කරපු ගමන් ලෝඩ් වෙනවා)
තව මොනවද දැනගන්න ඕනේ?![]()
TBW කියන්නේ Tera Bytes Written newei Total Bytes Written man dan aragena awuruddak withara wenawa thama 5.13 TBW
වොරන්ටි හම්බෙන්නෙත් අවුරුදු පහයිනෙ 

