Starlink එකක් ගත්ත - පොඩි Review එකක් (ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි)

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    උනුත් ෆිල්ම් රීල් කැමරා පිටින් වතුරේ ගිහින්ද මන්දා බං. කිසිම වැදගැම්මක් ඇති එකක් නැ⁣නේ
    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.

    නියමයි මල්ලි. නව යුගයට බලශක්තියෙන් ස්වයංපෝෂිත වීම තරම් වටින දෙයක් නැ. ❤️
    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.
    ------ Post added on Dec 8, 2025 at 6:28 PM
     
    • Like
    Reactions: Lahiru120

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    කරන්ට් යන කාලෙ ගහපු Off grid එකක් තියෙනව බං මගේ, මගේ On grid එක රේට් එක 37ට දෙන කාලෙ ගැහුවෙ. 40kW ලොකු සිස්ටම් එකක්. කිරියෙ @Tricle_Buwa ට කියල වැඩේ කරගත්තෙ. On grid එක. සුපිරියට කරා වැඩේ
    Off grid එක ඉස්සරහ ගහපු එකක්, හැබැයි ඒකෙත් මෙයාටම කියල ළඟදි පැනල් Upgrade කරා. ඒක Growatt 5.5kW ඉන්වර්ටර් එකකින් කරපු එකක්, LFP 5kW Battery pack එකක් තියෙනව, පැනල් 3.3kW වෙන්න වගේ ගහල තියෙන්නෙ. 40kW එක ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට යනව, අනිත් එකෙන් ගෙදර කොස්ට් එක කවර් කරනව. EV එකක් තියෙන නිසා දවල් වරුවෙ Portable charger එකෙන් EV එක චාර්ජ් කරනව. එතැනත් ලොකු ඉතුරුවක් තියෙනව බං. දැනගන්න මොනවහරි තියෙනව නම් අහන්න.
    නැත්නම් Hybrid එකත් දැන් Popular, DEYE Inverter එකකින් කරා නම් නියමයි.
    machan offgrid eka gahanna keeyak giyaada machan? monawada gedara off grid eken cover wenne?
    samanyen unit 150 - 170 athara wage use karanawanan cost saving ekak thiyanawada?
     
    • Like
    Reactions: Lahiru120

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම 2007 ඉඳල SLT ඉන්ටර්නෙට් එක්ක ඉන්නෙ, 2007 Prepaid Dialup connection එකකින් පටන්ගෙන, පස්සෙ ADSL වලට මාරු උනේ 2008, එතැන ඉඳල 2016 වෙනකල්ම ADSL එක්ක ඉඳල ෆයිබර් වලට මාරු උනේ. එතැන ඉඳල මේ වෙනකල් ෆයිබර් තමයි යූස් කරන්නෙ. ඒත් දැන් ඉන්ටර්නෙට් එකත් එක්ක තියෙන අවශ්‍යතා වැඩි වෙද්දි ඒකම නැතුවම බැරි දෙයක් වෙලා, පැයක්වත් ඩ්‍රොප් උනොත් හරිම අමාරුයි කරගන්න. අතක් පයක් කැඩුන වගේ. ඒත් මේ ළඟකඳි ඉඳල SLT එකේ සර්විස් පට්ටම අවුල් ගියා. කනෙක්ෂන් එකක් කැඩුනම හදන්න අනිවාර්යෙන් පැය 24කට වඩා යනව. ඒකෙ ඉන්න උඩම ලොක්කො හම්බවෙලා කතා කරත්, TRCSL එකට පැමිණිලි කරත් එවෙලෙට විසඳුමක් ලැබෙනව විතරයි, ආයිත් Permanent solution එකක් නෑ. මොකද ෆයිබර් කියන්නෙ කොච්චර හොඳ කනෙක්ෂන් එකක් උනත් කැඩුනම පුලුවන් ඉක්මනට හදල දෙන්නෙ නැත්නම් ඒක Reliable නෑ. මේ ළඟදිත් කනෙක්ෂන් එක කැඩිල කම්ප්ලේන් කරාම දවසක් යනකල් ආවෙ නෑ. ඊළඟ දවසෙම සිංගර් එකට ගිහිල්ල Starlink package එක ගත්ත, ඔන්න ඔය සිද්දිය තමයි ස්ටාර්ලින්ක් වලට මාව අරං ගියේ. කොහොමහරි ඒ වෙලාවෙ ස්ටොක් තිබ්බ නිසා අරගෙන ආව. 119,000ක් උනා කිට් එක. ටිකක් බරයි, Box එකත් ටිකක් ලොකුයි. ගෙදර අරගෙන ඇවිල්ල Unbox කරා, ඒකෙ අමුතු Unboxing experience එකක් තියෙන්නෙ, ඇපල් අයි ෆෝන් එකක් අන්බොක්ස් කරනව වගේ. පැකේජ් එකේ තියෙනව Dish එකයි, රවුටර් එකයි, මීටර් 15ක් දිග Cable එකක්, ඒක Dish එකයි රවුටර් එකයි කනෙක්ට් කරන්න. Network cable එකක් වගේ පෙනුනත් එයින්ම එකක් නෙමෙයි වගේ එයිට වඩා හයිය හොඳ කේබල් එකක්. තව තඩි පවර් ඇඩැප්ටර් එකක්. පොතක්, කාඩ් බෝඩ් එකක කනෙක්ට් කරන විදිය ඇඳපු ලොකු කොලයක්. ඔය ටික තමයි පැකේජ් එකේ තිබ්බෙ. මම හිතුවෙ Configure කරන්න ගොඩක් අමාරු ඇති කියල, උළු වහලෙ මුදුනෙම ගහන්න ට්‍රයි කරා, වැඩේ හරි ගියේම නෑ. ඒක Flat surface එකක තියන්නම ඕන. මුහුණත උතුරු දිශාවට හරවන්න ඕන. වහලයි, ස්ලැබ් එකෙයි දෙකේම පිරෙන්න සෝල ගහල තියෙන නිසා හරිම අමාරු උනා තැනක් හොයාගන්න. කොහොමහරි උළු වහලෙ වැඩේ හරි ගියේ නෑ. ඒ නිසාම සෝල නොගහපු පොඩි කොන්ක්‍රීට් කෑල්ලක් තිබ්බ ඒකෙ ගහන්න තීරණය කරා. ඒක උඩ ඩිෂ් එක තියල Starlink ඇප් එකක් එනව, ඒක WiFi කනෙක්ට් කරාම Auto ඩිටෙක්ට් කරනව. මාරම ලේසියි Configuration process එක. Dish එක Rotate & Tilt කරද්දි ඇප් එකේ Live පෙන්නනව. Flat surface එකක තිබ්බම Tilt එක ගැන හිතන්න දෙයක් නෑ. ඊට පස්සෙ උතුරට Rotate කරාම ඇප් එකේම පෙන්නනව හරියට Align උනා කියල. වැඩේ එච්චරයි. ඊට පස්සෙ විනාඩි 50කටද කොහෙද ටෙම්පරි කනෙක්ෂන් එකක් ආව ඔක්කොම Setup කරන්න, එතැනදි විස්තර ඔක්කොම එන්ටර් කරල, කාඩ් එක ඇඩ් කරල පේ කරා. Residential Lite එකට ගියේ, 9200ක් කැපුන. හරියටම අපි ඉන්න ලොකේෂන් එක ඇප් එකට දෙන්න ඕන Setup කරද්දි නැත්නම් Connection එක Restrict කරනව. කොහොමහරි Configuration process එක හරිම ලේසියි. ඊට පස්සෙ ඇප් එකේම තියෙනව Obstruction map එකක්. ඒකෙ පෙන්නනව Link වුන සැටලයිට් වල විස්තරය. Obstructions තියේ නම් හරියටම පෙන්නනව රතු පාටින්. ඩිෂ් එකේ Surface එක උතුරට තියෙන නිසා ඒ පැත්තෙ කිසිම Obstruction එකක් තියෙන්න බෑ, ඒ වගේම දකුණ දිශාවටත් අංශක පොඩි ගානක කෝණයක මුකුත් තියෙන්න බෑ, බටහිර & නැගෙනහරි පැත්තෙන් ලොකු අවුලක් නෑ. ළඟම මොකුත් නොතිබ්බොත් ඒ ඇති. මගේ නම් බටහිර ගස් දෙකක් තිබිල පොඩි Obstructions වගයක් අහු උනා ඒත් ඒක එච්චර අවුලක් නෑ කියල ඇප් එකේම පෙන්නනව. ඇප් එකෙන්ම Speed test එකක් දාන්න පුලුවන්. හැබැයි එයිට වඩා ස්පීඩ් යනව වගේ Speedtest එකෙන් දැම්මම. කොහොමරි ටෙස්ට් එකක් දැම්මම මටම පුදුමයි පට්ට ස්පීඩ්. 450+Mbps යනව. ඊට පස්සෙ දවසක්ම වෙන් කරගෙන කේබල් ඇද්ද, ඒක නම් මාර කට්ටක් කෑව. SLT Fiber එකයි Starlink එකයි Separate වෙන්නම කේබල් ඇද්ද, ස්ටාර්ලින්ක් එකට WiFi Access Point දෙකක් කනෙක්ට් කරා තට්ටු දෙකේ තියෙන, තව කම්පියුටර් වලට Cable ඇද්ද 8 Port Gigabit Switch එකක් හරහා. දැන් දවස් 4ක් වෙනව කනෙක්ෂන් එක අරගෙන, පට්ටම ස්පීඩ්, Average අනිවා 250+Mbps යනව, ගොඩක් වෙලාවට Over 350+Mbps යනව, ඊයෙ ඩවුන්ලෝඩ් එකක් දැම්ම ඒකට නම් එක දිගටම 450+Mbps ස්පීඩ් ආව, Maximum 500Mbps ගියා. අප්ලෝඩ් එක නම් ටිකක් අවුල් හැබැයි ඩවුන්ලෝඩ් එකට සාපේක්ෂව, 40+Mbps යන්නෙ, 60Mbps වගේ තමයි මට උපරිම අහු උනේ. හැබැයි අනිවා 25Mbps+ Stable යනව. ඒක ලොකු අවුලක් උනේ නෑ. හැබැයි අර තරම් ලොකු ඩවුන්ලෝඩ් ස්පීඩ් එකට සාපේක්ෂව අප් එක අඩුයි. තව හොඳම දේ Power consumption එක, අපේ ගෙදර Ongrid + Offgrid solar තියෙන නිසා පවර් එක ගැන පොඩ්ඩක්වත් වොරි වෙන්නෙ නෑ, ඒත් මම Consumption එක මොනිටර් කරා කට්ටිය ගොඩක් කියල තිබ්බ නිසා. කොහොමහරි Average 44W වගේ කරන්ට් එකක් යනව. මම නෝට් කරා හොඳට අප්ලෝඩ් කරද්දි පවර් එක ටිකක් වැඩියෙන් යනව වගේ, 74W වලටත් ගියා, නිකං තියෙද්දි Around 32W වගේ යන්නෙ, යූසේජ් එකත් එක්ක Power consumption එහා මෙහා යනව, කොහොමහරි Heavy user කෙනෙක් නම් Average consumption එක 45-55W වගේ කියල හිතුව නම් හරි. ඒ කියන්නෙ දවසකට යුනිට් එකක් වගේ යනව. ගෙදර මාලු ටැංකියක් තියේ නම් අන්න ඒකෙ මොටර් වලට යනව වගේ ගානක් යන්නෙ කරන්ට් එක. ලොකුවට හිතන්න දේකුත් නෑ හැබැයි හිතන්නෙ නැතුවත් බෑ වගේ, මටසෝල තියෙන නිසා අවුලක් නෑ,සෝල නැති කෙනෙක් නම් මේක Consider කරන්න. හැබැයි අපි බලල නැති උනාට SLT Fiber router එකකටත් වොටි 15ක්වත් යනව ඇති නේද?
    දැන් කෙනෙක්ෂන් එක අරගෙන දවස් 4ක් වගේ වෙනව. 240+GB යූස් කරල තියෙනව. හැබැයි Heavy use කරනව කියල තාම ස්පීඩ් අඩු උනේවත් එහෙම කිසිම දෙයක් දැනුනෙ නෑ. ඊට පස්සෙ කට්ටිය කියල තිබ්බ වැස්සෙදි අනං මනං අවුල් යනව කියල. මේක ගත්තට පස්සෙ එක දවසක් තද වැස්සක් වැටුන හොඳටම අහස කළු කරගෙන, ඒ වෙලාවෙදි ඇප් එකේ Log එකෙත් වැටුන Weather interference කියල. ඒත් ස්පීඩ් එක ආව 150+Mbps වගේ. පොඩි අඩුවීමක් තිබ්බ ඒත් ලොකු අවුලක් නෑ. කිසිම Internet disconnect වීමක් උනේ නෑ. කනෙක්ෂන් එක මාරම ස්ටේබල්, Reliability එක ගැනත් ඉතිං කියන්න දෙයක් නෑ නේ. කැඩෙන්න හේතුවක් නෑ නේ. ඇත්තටම හොඳ Experience එකක්. Video calls, Meetings වගේ දේවල් වලදිවත් කිසිම Delay එකක් තේරුනේ නෑ. ආහ් අනිත් වැදගත්ම දේ Ping එක, ටිකක් වැඩියි 80ms වගේ යනව. හැබැයි ඒ ලංකාවෙ සර්වර්ස් එක්ක පින් කරද්දි. ඒත් එච්චර ලොකු ඉෂූ එකක් නම් වෙලා නෑ මට. මේක ඔන්ලයින් ගේම් ගහන අයට හෙම කොහොම බලපායිද දන්නෙ නෑ. හැබැයි කනෙක්ෂන් එක ගැන මට නම් පට්ට සැටිස්.

    ඊට පස්සෙ SLT ෆයිබර් එක ගැන කියනව නම්, මම ඒකෙ යූස් කරේ අර Unlimited family එක, 100Mbps & 1TB Data quota එකක් දෙන එක. අපේ Peo TV Connection දෙකකුත් තියෙන නිසා බිල එනව 14,000කට කිට්ටුව. මම ඒකට කරේ අද Request කරා Trio Vibe එකට මාරු කරන්න, ඒක 3530ක් වෙන්නෙ, Peo TV එකක් ෆ්‍රී දෙන නිසා එතැන ලොකු ඉතුරුවක් තියෙනව, කොහොමහරි අනිත් කනෙක්ෂන් එකත් එකතු වෙලා අලුත් බිල් එක රුපියල් 6000කට අඩුවෙන් එයි. ස්ටාර්ලින්ක් එකේ ගානත් ආවම ආයිත් දෙකටම රුපියල් 15,000ක් වගේ යයි. ඇත්තටම ගානෙ ලොකු වෙනසක් උනේ නෑ. පරන ගානටම වගේ දැන් කනෙක්ෂන් දෙකක් ගත්ත. දැන් ෆයිබර් එක තියාගෙන ඉන්නව Backup කනෙක්ෂන් එකක් විදියට මොනවහරි උනොත් යූස් කරන්න, Starlink එක Primary කනෙක්ෂන් එක විදියට යූස් කරනව. මුලින් Hardware වලට ගිය 119,000 ගාන තමයි ටිකක් දැනෙන ගානකට ගියේ.

    මේකෙ මට මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නෙ,
    1. Starlink hardware cost එක ටිකක් වැඩි නිසා කොච්චර මේක Durable ද කියන එක ලොකු Concern එකක්. මොකද SLT Fiber නම් උන් මොනවහරි උනොත් Router free replace කරල දෙන නිසා. මේකෙ ඒ Unit එක මොන තරම් Durableද කියන එක හිතන්න ඕන. මට Global review වලින් නම් අහු උනේ ප්‍රශ්නයක් නැතුව අවුරුදු ගානක් වැඩ කරනව කියල.
    2. මේ පැත්තෙ වඳුරො ඉන්න නිසා පොඩි දෙගිඩියාවක් තියෙනව උන් අනං මනං කරයි කියල. තාම නම් හැබැයි අවුලක් නෑ ඇවිල්ල වටේ කැරකිලා යනව දැක්කෙ නෑ වගේ. ඒත් ෂුවර් නෑ ටිකක් අවදානෙන් ඉන්නෙ.
    3. දැන් අපි Residential Lite plan එකේ නේ ඉන්නෙ රුපියල් 9200කට. කට්ටිය තාම වැඩිය නැති නිසා මේ තරම් ස්පීඩ් එනවද කියල ෂුවර් නෑ. හොඳට කට්ටිය මේක ගත්තොත් ස්ලෝ වෙයිද වගේ අවුලක් තියෙනව. හැබැයි ඒත් Global review තියෙන්නෙ Residential Lite Plan එකත් 150Mbps පල්ලෙහාට එන්නෙ නෑ කියල.
    4. Upload එක Download එකට සාපේක්ෂව ගොඩක් අඩු නිසා ඒ ගැන හිතල බලන්න Heavy upload කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම්.


    මේකෙ අනිත් වැදගත් කරණා ටික,
    1. මේ රවුටර් එකේ WiFi 6 එනව. ඒක මාර ස්පීඩ්, Up to 1Gbps වගේ ලින්ක් වෙනව(ඉන්ටර්නෙට් ස්පීඩ් නෙමෙයි WiFi speed එක) හොඳ WiFi device එකක් කනෙක්ට් කරොත්, හැබැයි ලොකුම අවුල ස්පීඩ් හොඳ උනාට Range එක නම් හොඳටම මදි. ඇත්තටම Range එක නම් පට්ටම අවුල්. ටිකක්හරි දුරට යද්දි කනෙක්ෂන් එක අවුල් යනව. ඒ නිසා මේකට එන රවුටර් එකේ Inbuilt WiFi ගැන එච්චර Depend වෙන්න එපා. මට නම් WiFi Access Point දෙකක් තියෙන නිසා මේක එච්චර ලොකු ඉෂූ එකක් නෙමෙයි. ඒත් ගන්න ඉන්න කෙනෙක් මේ ගැන හිතන්න.
    2. පවර් වැඩියෙන් යන නිසා සෝල නැති කෙනෙක් හෙම ටිකක් හිතන්න, ගෙදර යන යුනිට් ගානට වඩා මේකට Power backup එකක් හෙම හොයන්න ගියොත් ටිකක් අමාරු වෙයි කියල හිතෙනව.
    3. කට්ටිය කියනව වගේ කනෙක්ෂන් එකේ Stability issues අනං මනං ඇත්තටම මට තාම දැනුනෙ නෑ. මට නම් Fiber එකට වඩා පට්ටයි. ඒකෙ 100Mbps නේ කොහොමත් ආවෙ අර අන්ලිමිටඩ් පැකේජ් එක නිසා, එයිට වඩා 4, 5ගුණයක් වේගෙන් මේකෙ ඩේට එනව. ඒ වගේම Truly Unlimited නිසා ඒ Freedom එක නම් උපරිමයෙන් Enjoy කරනව. SLT එකේ තියෙන අඩුම Unlimited එකත් 9700ගානක් ටැක්ස් එක්ක. ඒකෙත් 100Mbps Speed limited & 1TB Data cap එකක් තියෙනව, මේකෙ ඒ මුකුත් නෑ. Unlimited & Speed වැඩියි. ඒ නිසා ඒ රේන්ජ් එකේ ඉන්ටර්නෙට් ගන්න කෙනෙක්ට මේක සුපිරිම ඔප්ෂන් එකක්.
    4. මේකෙ Reliability එක උපරිමයි කියල මට හිතෙනව. මොකද ගංවතුරක් ආවත්, මුහුදු 7ක් ගොඩ ගැලුවත්, මොනවගේ විනාසයක් උනත් මේක Satellite වලින් වැඩ කරන නිසා වැඩ කරයි. මම වගේ Up time එක උපරිමයෙන් බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේක ගොඩක් හොඳ ඔප්ෂන් එකක් වේවි.

    තව මතක් උනොත් ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන්නම්, ඒ වගේම ෆොටෝස් ටිකක් දාන්නම් Speed test results හෙම.
    Overall මට නම් මාර Satis connection එක ගැන.
    මොනවහරි ප්‍රශ්නයක් තියේ නම් අහන්න...
    gemmec tamai komlo
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    image.png


    දවස් 13ක් දැන් යූස් කරල තියෙනව, 578GB ඩවුන්ලෝඩ් කරල. මම ගොඩක් Heavy download කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මේකෙ ස්පීඩ් එකේ විදියට දවසකට TB ගානක් Easy download කරන්න පුලුවන්.
    500Mbps Maximum යනව, 450Mbps ගොඩක් වෙලාවට එනව, ඒ නැතත් 200+Mbps අනිවා එනව.
    ලයින් එකේ ඩිස්කනෙක්ට් වෙන සීන් මුකුත්ම තේරුනේ නෑ. එකම දේ මෙයාල Regular updates රිලීස් කරනව. මොනවට කරනවද මංද. දවස් 4කට සැරයක් වගේ අප්ඩේට් එකක් යනව වගේ. එතකොට පාන්දර රවුටර් එක Restart වෙනව. ඔන් වෙලා රෙඩි වෙන්න විනාඩි 1-2ක් වගේ යනව. ඊට පස්සෙ කනෙක්ෂන් එක හරියටම ස්ටේබල් වෙන්න විනාඩි 5-10ක් වගේ යනව. එතකල් 100Mbps වගේ ස්පීඩ් එකක් එන්නෙ.

    මම දැන් මේ කනෙක්ෂන් එකෙන් පැය ගණං Meetings වල හිටිය කිසිම අවුලක් නෑ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,732
    8,475
    113
    image.png


    දවස් 13ක් දැන් යූස් කරල තියෙනව, 578GB ඩවුන්ලෝඩ් කරල. මම ගොඩක් Heavy download කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මේකෙ ස්පීඩ් එකේ විදියට දවසකට TB ගානක් Easy download කරන්න පුලුවන්.
    500Mbps Maximum යනව, 450Mbps ගොඩක් වෙලාවට එනව, ඒ නැතත් 200+Mbps අනිවා එනව.
    ලයින් එකේ ඩිස්කනෙක්ට් වෙන සීන් මුකුත්ම තේරුනේ නෑ. එකම දේ මෙයාල Regular updates රිලීස් කරනව. මොනවට කරනවද මංද. දවස් 4කට සැරයක් වගේ අප්ඩේට් එකක් යනව වගේ. එතකොට පාන්දර රවුටර් එක Restart වෙනව. ඔන් වෙලා රෙඩි වෙන්න විනාඩි 1-2ක් වගේ යනව. ඊට පස්සෙ කනෙක්ෂන් එක හරියටම ස්ටේබල් වෙන්න විනාඩි 5-10ක් වගේ යනව. එතකල් 100Mbps වගේ ස්පීඩ් එකක් එන්නෙ.

    මම දැන් මේ කනෙක්ෂන් එකෙන් පැය ගණං Meetings වල හිටිය කිසිම අවුලක් නෑ.
    ado heavy download waladi speed limit kiwwe boruwak neda? dan nam matath hitenawa ekak ganna
     
    • Like
    Reactions: Lahiru120

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    image.png

    මේ දැන් දාපු ඩවුන්ලෝඩ් එකක්,

    ado heavy download waladi speed limit kiwwe boruwak neda? dan nam matath hitenawa ekak ganna
    ඒක නම් ෂුවර් බොරු කතාවක්, මම කොහොමත් හිතාගෙන ඉන්නෙ මේ මාසෙ ටෙස්ට් කරන්න ටෙරා බයිට් ගානක් ඩවුන්ලෝඩ් කරන්න.
    කනෙක්ෂන් එක නම් පට්ට ස්ටේබල් බං.
    ------ Post added on Dec 14, 2025 at 11:23 PM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,732
    8,475
    113
    image.png

    මේ දැන් දාපු ඩවුන්ලෝඩ් එකක්,


    ඒක නම් ෂුවර් බොරු කතාවක්, මම කොහොමත් හිතාගෙන ඉන්නෙ මේ මාසෙ ටෙස්ට් කරන්න ටෙරා බයිට් ගානක් ඩවුන්ලෝඩ් කරන්න.
    කනෙක්ෂන් එක නම් පට්ට ස්ටේබල් බං.
    ------ Post added on Dec 14, 2025 at 11:23 PM
    total cost eka dapan mchn.
    monthly subscription eka with tax keyada
     
    • Like
    Reactions: Lahiru120

    planner123

    Well-known member
  • May 22, 2018
    8,995
    15,449
    113
    9200යි බං. එච්චරයි. Final amount එක තමයි 9200

    කිට් එක ගන්න ගියා 119,000ක් සිංගර් එකෙන්
    Me 9200 package ekei, 15000 gaane ekei mokadda wenasa ?
    Priority cn eka witharada ? Data caps nane ?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    image.png


    දැන් මාසෙකට ආසන්නව පාවිච්චි කරල තියෙන්නෙ, මේ දවස් 28ට යූසේජ් එක 1.2TB
    කිසිම විදියකින් ස්පීඩ් ඩ්‍රොප් එකක් උනේ නෑ. 450+Mbps යනව, ඇවරේජ් 300Mbps+යනව.
    Seedr එකෙන් ටොරෙන්ට් ගන්න ඇති 300GB විතර, ඒත් කිසිම වෝනිං එකක් මුකුත් ආවෙ නෑ. Direct torrents නම් ඩවුන්ලෝඩ් කරේ නෑ තාම.
    පැය ගණං වීඩියෝ Conference, Meetings වල ඉන්නව, කිසිම විදියකින් ඩ්‍රොප් එකක් එන්නෙ නෑ ඉන්ටර්නෙට් වල, පට්ටයි. මේ වෙනකල් කනෙක්ෂන් එකේ කිසිම ඩ්‍රොප් එකක් අහු උනේ නෑ. තදින්ම අහස පේන්නෙ නැති ගානට කලු කරගෙන වැස්ස දෙතුන් පාරක්, එහෙම වෙනසක් නෑ. ඩ්‍රොප් එකක් නැතුව හොඳට වැඩ කරනව.

    දැනට අවුලකට කියල මට නම් තේරිලා තියෙන එකම දේ අප්ලෝඩ් ස්පීඩ් එක විතරයි. වඩුන්ලෝඩ් එකට සාපේක්ෂව අප් එක හොඳ නෑ. 50Mbps Maximum යන්න පුලුවන්, ඒත් 50Mbps max upload යන්න Potential එක තිබ්බට, ඇත්තටම Drive Upload එකක් වගේ කරද්දි ඒ තරම් යන්නෙ නෑ. එකපාර සර්විස් දෙක තුනකට අප්ලෝඩ් කරොත් අර Maximum up speed එක යනව, අපි හිතමු එකපාර Drive, OneDrive, TG වගේ අප්ලෝඩ් 3-4ක් දැම්මොත් Max යනව. ඒත් එක සර්විස් එකකට Max speed එක යන්නෙ නෑ.

    තව මේකෙ Web browsing speed එක හෙම පට්ට වැඩියි. US Servers වලින් එන නිසා වෙන්න ඇති. Ping එක වැඩියි කියන එක නම් විකාර කතාවක්, ඒකෙන් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ මට. Ping එක 40ms වගේ යන්නෙ ඒත් කිසිම සර්විස් එකක ප්‍රශ්නයක් වෙලා නෑ. හැබැයි ඔන්ලයින් ගේම් ගහන කෙනෙක්ට මේක කොහොම වෙයිද දන්නෙ නෑ.

    ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් හිටු කියල, පට්ට ස්පීඩ්, මට නම් මාර සැටිස් කනෙක්ෂන් එක ගැන.


    Me 9200 package ekei, 15000 gaane ekei mokadda wenasa ?
    Priority cn eka witharada ? Data caps nane ?
    Priority විතරයි, මට හිතෙන්නෙ ලංකාවෙ තාම 15,000 ගන්න එක තේරුමක් නෑ කියල. මේකෙ ස්පීඩ් එක නම් මට හොඳටම ඇති, තව කල් ගිහිල්ල Users ල වැඩි උනොත් කොහොම වෙයිද දන්නෙ නෑ
    ------ Post added on Dec 30, 2025 at 4:19 PM

    Singer eken apita setup Karala denawada kit eka. Nathnm api kit eka setup karaganna oonada? 🤔
    Setup කරල දෙන්න ඕනද ඇහුව, මම එපා කිව්ව :lol:
    Additionally charge කරනවද මංද
    ------ Post added on Dec 30, 2025 at 4:20 PM

    Film download karoth copyright warning enawa neda? Online stream karanna puluwan site tiyenawa arc018.to wage ewa. Ewatath copyright case enawada danne na.
    Seedr එකෙන් නම් සෑහෙන ගත්ත, එහෙම අවුලක් ආවෙ නෑ බං.
    ------ Post added on Dec 30, 2025 at 4:20 PM