STF නව අණදෙන නිලධාරියා එම්.ආර් ලතීෆ්!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    STF නව අණදෙන නිලධාරියා එම්.ආර් ලතීෆ්!

    පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මීට අදාළ පත්වීම් තමන් මීට ටික වේලාවකට බාරගත් බවයි.

    ඔහු එම තනතුරේ රාජකාරී හෙට බාරගැනීමට නියමිත බවද වාර්තා වේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා විශ්‍රාම යෑම හේතුවෙන් මෙම පත්කිරීම පොලිස් කොමිසම විසින් තීරණය කර ඇත.

    ලතීෆ් මහතා මීට පෙර පොලිසියට බඳවා ගැනීමේ සහ පුහුණුවීමේ කටයුතු පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර ඇතැයි පැ‍වසේ.
     

    Similar threads