දුමින්දගේ කථන ස්නායුවලට බරපතල හානි !
Srilankamirror - මුල්ලේරියාව වෙඩි හුවමාරුවේදී බරපතල තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කොට, මේවනවිට ස්නායු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ මොළයේ, කතා කිරීමට හැකියාව ලබා දෙන ස්නායුවලට බරපතල හානි සිදුවීම හේතුවෙන් ඔහුට කතා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
මෙලෙස විනාශයට පත්වූ ස්නායු යථා තත්ත්වයට පත්නොවන අතර යම් හෙයකින් හානියට පත් ස්නායු වටා පිහිටා ඇති අනෙකුත් ස්නායුවල සහයෙන් කල් යාමේදී ඇතැම් විට ඔහුට කතා කිරීමේ හැකියාව ලැබිය හැකියැයි වෛද්‍යවරුන් විශ්වාසය පළ කර සිටියි.
මේවන විටත් මන්ත්‍රීවරයාට භෞතික චිකිත්සක ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති අතර රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කලේ, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ මතක ශක්තියට කිසිදු අයුරකින් බලපෑමක් එල්ල වී නොමැති බවයි.
මන්ත්‍රීවරයාව මේවන විට ක්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීම ආරම්භ කර ඇති බවද වාර්තාවේ.
ෙකෙසේවුවද, දුමින්ද සිල්වා මහතා වරින්වර වචන මුමුණන බව ද යථා තත්ත්වයට පත්වූ වහාම ඔහුගෙන් කටඋත්තර ගැනීමට හැකිවන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් උපුටා දක්වමින් "දිවයින" පුවත්පත ඊයේ (25) වාර්තා කර තිබිණ.
පාර්ලිමේන්තු කථානායකවරයාගේ අවසරය ලබාගෙන තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් කටඋත්තරයක් ගැනීමට පොලිසිය ක්‍රියා කරන බව ද එම වාර්තාවේ සදහන්විය.
ඇතැම් විට ඉදිරි කාලයේදී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය පිළිබඳව දුමින්ද සිල්වා මහතා අධිකරණයේදී සාක්‌කි දීමට පවා ඉඩ තිබෙන බව එම වාර්තාව මගින් අනාවරණය කර තිබුණි.