Stonehenge මිලට ගනී.

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    පුටුවක් ගන්න ගොස් Stonehenge මිලට ගත් මිනිසා.


    ලෝක උරුම පුරාවිද්‍යා ස්ථානයක් වන එංගලන්තයේ Stonehenge ගැන යාලුවෝ දන්නවා ඇතිනේ. වසරකට මිලියන ගනනක් Stonehenge බලන්නට එනවා. මෙය පිටසක්වල දොරටුවක් ලෙසත්, දේවාලයක් ලෙසත්, පුරාතන කැලැන්ඩරයක් ලෙසත් සමහරුන් විස්වාස කරනවා.

    XxSbNEm.jpg


    නමුත් ඔයාලා දන්නවාද මිට වසර 100 කට පෙර ස්ටෝන්හෙන්ජ් (Stonehenge) විකුණන්නට දාලා තිබ්බා කියලා? මේ කියන්න යන්නේ ඒ ගැනයි.


    අද අපේ කතා නායකයා:
    Cecil Chubb

    QryuknU.jpg


    ක්‍රි.ව 1876 දී සිසිල් චබ් මෙලොව එලිය දකින්නේ රිදි හැද්ද කටින් දරාගෙන නෙවෙයි. සෑදල තනන්නකුගේ පුතකු වූ සිසිල් ගේ පවුල සාමාජයේ එතරම් පිලිගැනිමට ලක්වුනේ නැ. නමුත් තම ස්වෝත්සහයෙන් නැගි සිටි සිසිල් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නවා. ඒ අනුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලත් විමට වරම් වල ඔහු, තම වෘත්තිය අධිනීතිඥවරයකු ලෙස අරබනවා.

    සිසිල්, ධනවත් කාන්තාවක් වූ ‘‘මාරි බෙලා ඇලිස්‘‘ සමග විවාහා පත්වනවා.

    දැන් තමයි නියම කතාවට එන්නේ.

    මේ ක්‍රි.ව 1915 වර්ශයයි. ලෝක යුද්ධයක පලමු අත්දැකිම මුළු පෘථිවියම විදිමින් සිටින අවධියයි. එංගලන්තයටත් ලෝක යුද්ධ උණුසුම හොදින්ම දැනුනා.

    1915 සැප්තැම්බරයේ දිනක වෙන්දේසියක් පැවැත්වෙනවා. මාරි ගේ ඉල්ලිම මත සිසිල් මෙම වෙන්දේසියට යන්නේ තම නිවසට අගනා පුටු කට්ටලයක් මිලදි ගැනිමටයි. වෙන්දේසියට ගිය සිසිල්ගේ හිත එකවරම වෙනස් කරන්නට අංක 15 දරණ වෙන්දේසි භාණ්ඩයට හැකි වෙනවා.

    අංක 15 භාණ්ඩය - ස්ටෝන්හෙන්ජ් (Stonehenge)

    ස්ටොන්හෙන්ජ් භූමිය 1800 සියවසේ මුල සිටම ඇන්ට්‍රෝබස් නම් පවුලකටයි අයත් වෙලා තිබුනේ. නමුත් ලෝක යුද්ධ අාරම්බයත් සමගම පවුලේ අවසන් උරුමකරු වු සර් එඩ්මන්ඩ් ඇන්ට්‍රෝබස් ජිවිතක්ෂයට පත්වෙනවා. සර් එඩ්මන්ඩ්, හමුදා ලුතිනන්වරයක්. බෙල්ජියමේ සිදුවුනු පලමු ලෝක යුද්ධයේ මුල්ම සටනකදි ඔහු මියයනවා. ඒ අනුවයි ස්ටෝන්හෙන්ජ් වෙන්දේසියට එන්නේ.

    වෙන්දේසිකරුවන්ගේ පැහැදිලිකිරිම් හා භුමියට තිබු කැමැත්ත හේතුවෙන් සිසිල් විසින් ස්ටොන්හෙන්ජ් වෙත ඔට්ටු තබනවා. වෙන්දේසියට පැමිණ තිබු විදේශිය ජාතිකයින් විසින් මෙය මිලට ගනිවි යැයි සිසිල් තුල බියක් පැවැති බවද ඔහුගේ පසුකාලින කතාවලින් පැහැදිලි වෙනවා. එසේ වුවහොත් ස්ටොන්හෙන්ජ් වල ගල් ටිකත් රට පටවයි නොවැ.

    අවසානයේ වෙන්දේසියේදි සිසිල් ජයගන්නවා. ඔහු විසින් පවුම් 6,600කට මිලදි ගන්නවා. අදට සාපෙක්ෂව බැලුවොත් එම මුදල, ඩොලර් 624,000 හෝ යුරෝ 563,000 කට සමානයි.

    ගෙදරට බඩු ගන්න ගිය මනුස්සයා, අක්කර 30ක ලොකු වත්තකුයි ගල් කනුයි අරගෙන ගෙදර එනකොට සිසිල්ගේ බිරිදට මොනවා හිතෙන්න ඇතිද?

    ආරංචි විදිහට සිසිල්ගේ බිරිද නම් ස්ටෝන්හෙන්ජ් ගත්ත එකට එතරම් මනාප වෙලා නැ.

    ස්ටෝන්හෙන්ජ් මිලදි ගැනිමෙන් වසර 3කට පසු, එනම් 1918දි සිසිල් විසින් ස්ටොන්හෙන්ජ් භූමිය පොදු දේපලක් ලෙස රජයට පවරන්නට තිරණය කරනවා.

    සිසිල් විසින් ස්ටොන්හෙන්ජ් රජයට පැවැරිමේදි එකග වු කොන්දේසි ප්‍රකාරවට අදටද ස්ටොන්හෙන්ජ් අවට ගම්වාසින්ට මෙම භූමියට ඇතුල්විමට ගාස්තු ගෙවිම අවශ්‍ය වන්නේ නැ.


    අශ්වලාඩමක හැඩයට ටොන් ගනන් බර ගල්පුවරු සිටුවා සාදා ඇති පුරාවස්තු නැරබිමට වසරකට මිලියන ගනනක් පිරිස පැමිණෙනවා. 1986 වසරේදි යුනෙස්කෝව විසින් ස්ටොන්හෙන්ජ් ලෝක උරුමයක් ලෙස පත්කරනවා.

    එදා සිසිල් නොසිටින්නට ස්ටොන්හෙන්ජ් වෙත අත්වන ඉරණම කුමක් වේද?
    මෙන්න එක උදාහරණයක්.
    1915 වෙන්දේසියේදි සිසිල් තම ලන්සුව ජයගන්නේ, අයිසැක් කුක් නැමැති වැවිලිකරු පරදවමිනි. අයිසැක් කුක් ගේ මුණුබුරා පවසන ආකාරයට, එදා අයිසැක් විසින් මෙම භුමිය මිලට ගත්තානම්, මෙතන ගොවිපල් දාන්න සැලසුම් කරලා තියනවා. ගොවිපලක් දැම්මානම් පුරාවිද්‍යා භූමියට වෙන දේ හිතාගත්තැකි නේ.


    ස්ටොන්හෙන්ජ් පොදු දේපලක් බවට පත්කල, එහි අවසන් තනි උරුමක්කරු වූ සිසිල් චබ්, ක්‍රි.ව 1934 දි හෘදය අකර්මණය විමකින් මිය යනවා.

    JjtDPFb.jpg


    ස්ටොන්හේන්ජ් අයිතිය නම් විසදුනා. නමුත් ස්ටොන්හෙන්ජ් හි අබිරහස් නම් නිමක් නැ.

    - රොෂින් ප්‍රනාන්දු

    ජනේලය

     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කවදාවත් අහපු නැති කතාවක්, ඔබට ස්තුතියි :)