STOP DENGUE විනාඩියක් අරන් කියවන්න.. ජීවිතයක්බේරගන&#

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    STOP DENGUE විනාඩියක් අරන් කියවන්න.. ජීවිතයක්බේරගන&#

    juhQSq.jpg

    ඩෙංගු මරණ මේ වෙද්දි 250 +
    ඩෙංගු රෝගීන් 80000+

    අවධානම ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ..
    වාර්තා වලට අනුව ඉදිරි සති කිහිපයේදි මේ අවධානම දෙගුණ වෙන්න පුළුවන්.
    සරලවම කියනවනං මටත් ඔබටත් ඔබේ සමීපතමයෙකුටත් ඩෙංගු මරණයක් උරුම වීමට හැකි අති භයානක තත්වෙක අපි ඉන්නෙ..
    ඉතින් ඩෙංගු මැඩලන්න කරන්න තියන හොඳම විසඳුම තමයි ඩෙංගු මදුරුවො බෝ වෙන තැන් විනාශ කරන එක..
    ඒ දේ කරන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් ගැන තමයි මේ කියන්න යන්නෙ..

    මේක mobile app එකක්..
    මේක තමයි link එක
    https://play.google.com/store/apps/details?id=com.SLI.stopDengue
    නම - stop dengue

    මොකක්ද වෙන්නෙ - ඩෙංගු බෝ වන ස්තාන පිළිබඳ ඡායාරූපයක් හා ස්තානය සමග ඔබ app එක හරහා දැන්වූ විට ඒ ස්තානය පිරිසිදු කිරීමේ කටයුත්ත සිදු කිරීමට කටයුතු සම්පාදනය කිරීම.
    කොහොමද වෙන්නෙ - හරි මෙහෙමයි වෙන්නෙ.

    TffVIL.jpg
    ඔය (1) රූපයේ දැක්වෙන පරිදි stop dengue කියලා serch කරලා app එක හොයාගන්න

    6mQKB1.jpg
    (2) රූපයේ ආකාරයට install කරගන්න..

    Hxtvhi.jpg
    දැන් ( 3 ) රූපයේ ආකාරයට පෙන්වා ඇති ස්ථානය click කළ පසු ලැබෙන ( 4 ) රූපයෙ ඇති options වලින් "report a location " option එක click කරන්න..
    VD2Jhw.jpg



    4sBakO.jpg
    එවිට ඔබට google maps හරහා ඔබ සිටිනා ස්ථානය පෙන්වා දී ඇති සලකුණින් ( රතු පැහැ රවුම ) දැකගැනීමට හැක. ( 5 වන රූපය )( එම ස්ථානය උදාහරණයකි)
    ඔබ සිටිනා ස්තානය නිවැරදිව ඔබේ දුරකතනයේ location on කිරීම හරහා ස්වයක්‍රීයව හඳුනාගනී...
    ඉන්පසුව " report" ස්ථානය click කරන්න. ( කළු පැහැ රවුම )

    naisqN.jpg

    Report කල පසු ලැබෙන මෙනුවෙහි ( 6 රූපය ) අවශ්‍ය තොරතුරු ඇතුලත් කර submit කරන්න..

    O8OKia.jpg
    ඉන්පසු (7) වන රූපයේ ස්ථානය click කර ඩෙංගු බෝ වන ස්ථානයේ ඡායාරූපයක්ද ගෙන ඇතුලත් කළ හැකියි



    මේ අයුරින් ඔබට ඩෙංගු බෝ වන ස්ථාන පිළිබඳව stop dengue app එක හරහා දැනුවත් කළ හැකි අතර ලැබෙන තොරතුරු අනුව ඒ ස්තාන පිරිසිදු කිරීමට කටයුතු සම්පාදනය වනු ඇත.

    ස්වේච්ඡා පිරිසිදු කිරීමේ සේවා සඳහා සහභාගී වීමට කැමති පිරිස මේ google form එක පුරවලා විස්තර දෙන්න..
    https://docs.google.com/forms/d/e/1FAIpQLSeLJbvpcmfE0T2nhV4JV7gUr9rZHi0x4ON5em0Ecs8D4omgdg/viewform

    අපේ සමූහයට එකතු වෙන්න
    https://www.facebook.com/groups/SLDisasterRelief/?fref=mentions

    හැකි ඉක්මනින් මෙය share කර දැනුවත් කරන්න..
    #stop_dengue
     
    • Like
    Reactions: a2mdb

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    පිරිසිදු කරන එක නම් හොද දෙයක් ..හැබැයි ඔහොම ඩෙංගු තුරන් කරන්න බෑ ...කරන්න ඕනි දේ මම කී පාරක් කිව්වද ....
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පිරිසිදු කරන එක නම් හොද දෙයක් ..හැබැයි ඔහොම ඩෙංගු තුරන් කරන්න බෑ ...කරන්න ඕනි දේ මම කී පාරක් කිව්වද ....

    mama dekke neha kiyapu de poddak kiyapanko apahu dena ganna
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,994
    5,674
    113
    ඉතාමත් හොඳ වැඩක්. හරිනං මේවා රජයෙන් වෙන්න ඕන දේවල්. ඒත් මෙලෝ මලදානයක් නැති උන් රටපාලනය කරන රටක මහජනයාටම තමා මේවා කරගන්න වෙන්නේ.

    ස්තුතියි ඔබට
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    mama dekke neha kiyapu de poddak kiyapanko apahu dena ganna

    මේක කරන්න බෑ කියල තමයි ගොඩක් අය කිව්වේ ...මම කියන්නේ පුළුවන් කියල ...ආය type කරන්න බැරි නිසා කලින් දාපු පොස්ට් එකක් එහෙමම දාන්නම් ..කෙටියෙන් කිව්වේ ...step by step කියන්නත් පුළුවන් ..

    ඒක කරන විදිය කියල නෑනේ බන් ...කොහොමත් මේ health feild එකේ ඉන්නෙම ඔලුව ඉදමගත්ත එවුන් ..දන්න එකම දේ තමයි සුද්ද කරපිය සුද්ද කරපිය සුද්ද කරපිය ...
    එකම දේ ආය ආය කියන්න බෑනේ ...මම කලින්ම කියපු දේ copy paste කරන්නම් ...අපේ උන් නෙට් අස්සේ ඉන්නෙත් නෑ ...gov ෆක්කු ඩෙංගු මදුරුවා මරන්නෙත් නෑ ...කිම්බ සුද්ද කලා කියල මදුරුවා බෝවන එක නවතින්නෙත් නැති නිසා කල යුතු දේ කිව්වම මම පට්ට මෝඩයෙක් කියල නම් අහගත්තා ....

    යකු දැන් කී පාරක් නම් කිව්වද කිම්බ අස්සේ සුද්ද කලාට වැඩක් නෑ බොල ...කරන්න තියෙන්නේ එක දෙයයි ...thread එකක්ම දාල කිව්වේ ඒකයි ...

    "යකෝ බලන බලන අත ඩෙංගු ...අවුරුදු කීයක්ද දැන් ...
    මේ රජයේ ෆක්කුන්ට තේරෙන්නේ නැද්ද යකු මොකක්ද මේකට කරන්න ඕනි කියල
    අර phd මේ phd ඔස්තාර්ලා හැට හුටමාරක් ඉන්නවා ...එකෙක්ට නෑ idea එකක් ...ගෙවල් වල පොල් කට්ටේ හුජ්ජ බිංදුව හොය හොයා යන්න විතරයි දන්නේ ..හැබැයි මුන්ට ගෙවන පඩි නම් අස්ප ගණන් ...

    යකෝ මේකට කරන්න ඕනි මෙච්චරයි

    දැන් අවුරුදු විස්සක විතර ඉදන් ඩෙංගු ...තව අවුරුදු 20 යනකනුත් මේ විදියම තමයි නැත්නම් මිට අන්තයි ...

    **මුලික පිරිවැයක් දරපිය මුලින්
    **හදපිය ජන ශුන්‍ය හරි සුදුසු හරි පෙදෙසක අඩුම ගානේ 1000 විතරවත් ඉන්න පුළුවන් ඉස්පිරිතාලයක් ...( 2000 විතර ඉන්න army camp එකක් )
    **ඩෙංගු හැදෙන හැදෙන එකා ගෙනත් දාපිය ඔය ඉස්පිරිතාලෙට රටේ කොහේ හිටියත් ...
    **ඩෙංගු මදුරුවා දවස් 10 බොල ඉන්නේ ...
    **තව එකෙක්ට බෝවෙන්න තියන කාල සීමාව ඉවර වුනාම යවපිය ගෙදර ...
    **යකු ලංකාවේ ඔක්කොම ඩෙංගු රෝගීන් දැන් එක තැනක ..
    **දැන් රටේ අනික් තැන්වල ඉන්න ඩෙංගු මදුරුවා අහවල් එකෙක්ගෙන් ලේ බොන්නද බොල ...

    මීට වඩා හොද idea එකක් තවත් තියනවද යකු ....gov මෝඩ ෆක්කු දැන් මිලියන කීයක් කාබාසිනියා කරලා ඇද්ද මුන්ගේ punda ඩෙංගු මර්දනයට ... "

    කියපු දේ හරියට තේරුම් ගත්තේ නැති නිසා ආයෙත් ටිකක් පැහැදිලි කරලා කිව්වා

    " මම කියන්නේ මෙහෙම සීන් එකක් ...ඩෙංගු මදුරුවා මර්ධනයට gov ෆක්කු මොකවත් කරන්නේ නෑ කියල අපි පැහැදිලිව දන්නවනේ දැන් ...ඒක අමතක කරලා control කරන්න පුළුවන් විදියක් ගැන මම කිව්වේ ..ඇයි උබ බෑ කියන්නේ ...

    හැමවෙලාවෙම නෙට් එකක් ඇතුලේ අපේ උන් ඉදියිද ...ඒක කරන්න අමාරුයි ...දැන් බලපන් ඩෙංගු හැදෙන්නේ කොහොමද මම දන්නේ නෑ ...හැබැයි හැදුන එකෙක්ගේ ලේ බීල තව එකෙක් කෑවොත් අනිකට හැදෙනවනේ ...ඕකනේ සරල තියරිය ...ඩෙංගු මදුරුවා වැඩි වෙන කාලෙට ඩෙංගු රෝගිනුත් වැඩි වෙනවා ...කෙලින්ම ඩෙංගු මදුරුවෙක් කාල ඩෙංගු හදුනා කියහන්කෝ ( එහෙම හැදෙනවද මම දන්නේ නෑ ) එහෙම හැදෙනවානම් ඒක අඩු සම්බවිතාවක් ...මොකද අපි හැමෝටම ඔය ඩෙංගු මදුරුවා එකා පාරක් හරි විදලා තියනවා ...දැන් එහෙනම් මොකක්ද අපි කරන්න ඕනි ...ඩෙංගු මදුරුවෝ සහ ඩෙංගු රෝගීන් සහමුලින් වෙන් කරන්න ඕනි ...ඕක තමයි මගේ point එක ... ...දැන් බලපන් ඩෙංගු හැදිච්ච එවුනුයි අනිත් එවුනුයි ඩෙංගු මදුරුවෝයි එක ගොඩේ ඉදගෙන කොහොමද බන් control කරන්නේ ...මදුරුවාට යන්න කිව්වට යන්නේ නැති නිසා තමයි ඩෙංගු රෝගීන් සියලු දෙනා ලංකාවේ එක zone එකකට දාන්න කිව්වේ ...එතකොට රෝග පැතිරීමට ඩෙංගු මදුරුවන්ට ඩෙංගු රෝගීන් නෑ ...උන් ඔක්කොම එකම තැනක ...ලෙඩ්ඩු 1000-2000 ඉන්න පුළුවන් ඉස්පිරිතලයක් හදන්න බැරි කමක් නෑනේ ( බැරිමනම් army camp එකක් ගනිනින්කෝ )...මදුරුවෝ මර්ධනයට මුන්ට කිසිම අදහසක් නැති නිසා කොහොමත් 100% ඩෙංගු නැති කරන්න බෑ ...නමුත් patient isolation ක්‍රමයෙන් 90% විතර control කරන්න පුළුවන් ...මට හිතෙන්නෙම පුළුවන් කියල ...හැබැයි මොලේ වැඩිච්ච මුන්ට මෙහෙම දෙයක් හිතෙන්නේවත් නෑ ...මේ කෙටියෙන් කිව්වේ ...step by step ඕනි නම් කියන්නම් කොහොමද කරන්නේ කියල ... "
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    මේක කරන්න බෑ කියල තමයි ගොඩක් අය කිව්වේ ...මම කියන්නේ පුළුවන් කියල ...ආය type කරන්න බැරි නිසා කලින් දාපු පොස්ට් එකක් එහෙමම දාන්නම් ..කෙටියෙන් කිව්වේ ...step by step කියන්නත් පුළුවන් ..

    "

    machang kalekata oya Dengu natthata na neda ethakota kohomada oka patan ganne aith :rolleyes::rolleyes:
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    machang kalekata oya Dengu natthata na neda ethakota kohomada oka patan ganne aith :rolleyes::rolleyes:


    mama nam danna widiyaat ehema na...innawa habayi aduwen ...kawruwath e gana katha karanne na leddu adu nisa...deshagunika wipryasa waladi maduruwo wadi wena kaleta thamai dengu rogin wadi wenne ....me dan wage .....hari dengu rogin na ma kiyamuko ekek wath ...but elagata patan ganna palaweni leda innwane ...ithin eyawath isolate karanawa ekenma...