Stranger Things

Bam

Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    ජීවිතේම විනාස කරපු කතාවෙ අවසානය.

    ep one. නැන්සිගෙයි මයික්ගෙයි නංගිලට පිස්සු. කිසිම කෙනෙක් එයාව ගන්න ගන්නෙ නෑ.

    ep two. ඩෙමෝගෝර්ගන් attacked 😳 😭
    Holly wheeler ව අරං යන්න ඩෙමෝගෝර්ගන් එනවා.
    ආයිත් කෙල්ල බේරිලා අම්මා ලගට යනවා. ඒත් අම්මා විස්වාස කරන්නෙ නෑ.
    පස්සෙ ඩෙමෝගෝර්ගන් එයාලා ඉන්න තැනට එනවා. එතකොට තමයි අම්මට තරු පේන්න ගන්නෙ. ඔව් අම්මා හෝලි වීලර් ව විශ්වාස කරනාවා. පස්සෙ දෙන්නාම බාත් ටබ් එකේ අම්මා එක්ක හැංගෙනවා.
    ඒත් බේරෙන්න බෑ. ඩෙමෝගෝර්ගන් අම්මටයි තාත්තටයි පහර දීලා හෝලිව පැහැර ගන්නවා.
    මෙතන ඉදලා තමා කතාව පටන් ගන්නෙ. එලවන් el upside down කියන සමාන්තර ලෝකයට විවර් උනු දිවාරය හරහා upside down වලට යනවා.

    ep three. Derek Turnbow තමයි ඊලඟට ඩෙමෝගෝර්ගන් ගේ ඉලක්ක කියලා කට්ටිය දැන ගන්නවා.

    එයාලා Derek Turnbow ඇතුලු පවුලම පැහැර ගන්නවා . මේකට උදව් කරන්නෙ එරිකා සින්ක්ලෙයාර් කියන ලූකස් ගෙ නංගි. (high iq ) @IndrajithGamage වගේ කෙනෙක්. එයාලා කෑමට සිහිනැතිවෙන ද්‍රව්‍ය යොදා සෑදූ පායි කියන ආහාරය යොදා ගන්නවා. ප්ලෑන් එක සාර්ථකම නෑ. ඒත් හිතපු තරම් අසාර්ථකත් නෑ. කට්ටිය එයාලව පැහැරගැනීම සාර්ථකව අවසන් කරනවා.

    ඒ අතරේම හෝලි වීලර් කියන ළමයට ලියුමක් හම්බ වෙනවා. ඒකේ තියෙන්නෙ සිතියමක්. එයා ඒකේ සලකුණු කල ස්ථානය කරා ලගා වෙනවාත් සමග කතාව කිසිවෙකුත් බලාපොරොත්තු නොවෙන ලෙස මැක්ස් මේෆීල්ඩ් මුන ගැසෙනවා. මෙයා මැරෙනවා හතරවන කතා මාලාවෙදි.
    suck :baffled:

    Ep four. මේ අතරෙ කට්ටිය ප්ලෑන් කරනවා ඩෙමෝගෝර්ගන් අල්ලන්න. Derek Turnbow කියන ළමයා පසුපස එනකොට ප්ලෑන් එක අසාර්ථක වෙනවා. ඒත් කිහිප දෙනෙකු ඩෙමෝගෝර්ගන් පසු පස හබාගොස් upside down කියන සමාන්තර ලෝකෙ ඇතුලට යනවා. ඒත එයාලට ඩෙමෝගෝර්ගන් අල්ලා ගන්න නම් හම්බ වෙන්නෙ නෑ.

    ඒ අතරේ අප් සයිඩ් ඩ්වුන් කියන වැක්නාගෙ මනසේ මැක්ස් එක්ක හෝලී හිර වෙලා ඉන්නවා කියලා මැක්ස් හෝලිට පැහැදිලි කරනවා. ඒත් එක්කම මැක්ස් අනාවරණය කරනවා. පැහැදිලි කල නොහැකි බයානක මතකයක් නිසා මැක්ස් සැගවී සිටින ගුහාවට වැක්නා ( henry ) පැමිණීමට පැකිලීමක් දක්වනවා කියලා.

    ඒ එක්කම මැක්ස්ට පලා යාමට සැලැස්මක් ඇති බවද අනාවරණය කර එයට හෝලිගේ උපකාර අවශ්‍ය බව හගවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අමාරුවෙන් හෝලිව කැමති කර ගන්නවා.

    මේ අතරේ එලවන් එක්ක හෝප් පොලිස් කාරයා. Upside down වල තියන හමුදා කදවුරකට රිංගනවා. එයාලා හිතන්නෙ හමුදාව විසින් වැක්නාගේ සිරුර ආරක්ෂා කරනවා කියලා. ඒත් එයාලා පුදුමයට පත් කරමින්. එතන හමුදාව රදවා ගෙන සිටිනුයේ එල්ගේම සහෝදරිය එයිට් (කාලි) කතාව නරඹපු අයට මෙයාව මතක ඇති.

    ඊලඟට තමයි හොදම හරිය විල්ට එයාගෙ ඇගේ තිබුණ බලය පාලනය කරන්න පුලුවන් වෙනවා.එයා ලූකස් වයි රොබින් වයි වීලර් බෝයි වයි බේරගන්නවා.

    මෙතනින් කතාව මාසෙකට නතර වෙනවා හරියටම දෙසැම්බර් 25 ජේසු බබාගෙ උපන්දිනේ දවසෙ තමයි ඉතුරු ටික බලන්න වෙන්නෙ.

    මෙයාලට හම්බවුන අලුත්ම අභියෝග වලට විසිරිලා තියන කණ්ඩායම එකතුවෙලා එකට මුහුණ දෙන විදිහ ඔක්ක්ක්ම ඉතුරු එප්සෝඩ් වලින් තමයි බලන්න වෙන්නෙ. හැබැයි කියන්න ඕනේ කතාව ඉවර කරන්න වෙන නිසා ද කොහෙදෙ මේ සැරේ ඩෆර් සහෝදරයෝ කතාව ගොඩාක් සැරයක් අනවශ්‍ය ලෙස සංකීර්ණ කරන්න ගොස් අච්චාරුවක් කරගෙන කියලා තමයි කියන්න වෙන්නෙ. ඒතරමට කතාව තාත්වික නෑ. ඔක්කොම එප්සෝඩ් ටික බලන්න නම් ඉතිං මේ අවුරුද්දට සමු දෙන්න වෙනවා එහෙනම් ජය. ✌ ✌ @Bam

    මේ ඉන්නෙ කතා නායිකාව හොලී වීලර්.


    images
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    අහ් තව දෙයක් කියන්න අමතක උනා.

    ඔයාලට කතා මාලාවේ පළවෙනි කොටස නරඹනකොට මීට දශක කිහිපයකට පෙර, ඒ කියන්නෙ දැන් වයස 60 වැඩි අය කොහොමද සමලිංගික සබදතා සමාජයෙන් සඟවා පවත්වාගෙන ගියේ කියන එක ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙන්න පොඩි සම ලිංගික සබදතාවක් කතාවට එකතු කරන්න ඩෆර් සොහොයුරෝ අමතක කරලා නෑ.
    ඉතිං ඒ කොටසත් රස විදින්න කියලා ආදරයෙන් මතක් කරනවා.

    ස්තූතියි.


     
    • Haha
    Reactions: Inigo Montoya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මුල් සීසන් එකද කොහෙද බැලුවා හෙන කාලේකට කලින්.. ඊට පස්සේ බැලුවේ නැ. දැන් කතාව මතක නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    මුල් සීසන් එකද කොහෙද බැලුවා හෙන කාලේකට කලින්.. ඊට පස්සේ බැලුවේ නැ. දැන් කතාව මතක නෑ
    ඔවු මාත් මුල් සීසන් එක බැලුව. එත් එකේ ඉන්න නිළිය මට අල්ලන්නේ නැති නිසා ඉතුරු ටික බැලුවේ නැහැ. මට කියන්න තේරෙන්නේ නැහැ මොකක් හරි හේතුවක් නිසා මන් ඒකිට කැමති නැහැ. ඔය වගේම තව උන් ඉන්නවා. අර ස්මෝල්විල් සීරිස් එකේ ක්ලාක් ගේ යාලු චීන කෙල්ල, සැන්ද්‍රා බුලොක් ගෑණි එහෙම මට අල්ලන්නේ නැහැ.