strike එක ඉවරවෙන පාටයි 
සරසවි ආචාර්ය අරගලය ළඟදීම අවසන් වන ලකුණු
-------------------------------------------------------
2012 අගෝස්තු 22 බදාදා- පස්වරු 06:56
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීම පිළිබඳව සුබවාදී පුවතක් හිරු ප්රවෘත්ති අංශයට අද පස්වරුවේ වාර්තා වුණා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. මෙහිදී වැටුප් වැඩිවීම සහ රටේ දලදේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය පිළිබඳව යම් එකඟතාවයකට දෙපාර්ශවය පැමිණ තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඊයේ පැවැත්වූ සාකච්ඡුාවෙන් අනතුරුවයි ඔවුන් අද නිලධාරීන් සමග සාකච්ඡා කළේ. සාකච්ඡාවට එක්වූ විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් ඒ පිළිබඳ හිරු ප්රවෘත්ති අංශයට පැහැදිළි කළා