මොකක්ද මේ " ශක්ති සහල් " කියන්නේ ?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    මොකක්ද මේ " ශක්ති සහල් " කියන්නේ ?

    හාල් මිල පසුගිය සති කිහිපයතුළ අසාමාන්‍ය ලෙස ඉහල යාමත් සමගම ශක්ති සහල් ගැනත් රටේ යම් සංවාදයක් ගොඩනැගුනා.
    ඒ වගේම කිහිප දෙනෙක් මේ ශක්ති ව්‍යාපෘතිය ගැන හොයන්න පටන් ගත්තා.. මේ ශක්ති ව්‍යාපෘතිය ගැන කෙටි හැදින්වීමක්..
    2000 වසර වෙද්දී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් 2000 පමණ හිටියා...මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් හිටියේ එක්කෙනෙයි...
    ඒ තමයි නිපුන සහල් ව්‍යාපාරය...
    2014 වෙද්දී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් ගණන 500 දක්වා අඩු වෙනවා වගේම මහා පරිමාණ සහල් නිෂ්පාදන සමාගම් කිහිපයක් බිහි වෙනවා ( අරලිය , නිව් රත්න, ලක්, ලත්, හිරු, මේනක, ගැමිරස ) ඒකට හේතු කිහිපයක් තිබ්බා
    සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් කඩා වැටීමට හේතු
    1) රජයන් විසින් සිදුකල අනවශ්‍ය සහල් ආනයනයන්
    2) වී තොග හිගය ( නියගය නිසා )
    3) මහා පරිමාණ සමාගම් සමග තරග කිරීමට නොහැකිවීම
    4) ඇතැම් සහල් ව්‍යාපාරිකයින්ගේ දුර්වල කළමනාකරණය

    මේ කඩා වැටීමත් එක්ක සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් මුහුණ දුන් ප්‍රබලතම ගැටලුව තමයි තම බැංකු ණය ආපසු ගෙවීමට නොහැකිවීම... රු මිලියන 10000 පමණ මෝල් හිමියෝ බැංකුවලට ණය වෙලා තිබුණා.. මේ අර්බුදය නිසා තිස්සමහාරාමයේ සහල් මෝල් හිමියකු 2018 ජනවාරි මාසයේදී සියදිවි නසා ගන්නවා..
    විෂයභාර අමාත්‍ය පී.හැරිසන් අමාත්‍යතුමා මේ ගැටලු නිරාකරණය කිරීමෙන් මග හරිනවා..
    මේ ගැටළු පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අවධානය යොමු වෙනවා... වහාම එම ගැටලු සදහා විසදුම් ලබා දෙන ලෙස එවකට ආර්ථික කටයුතු පිලිබද රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ශ ද සිල්වා මැතිතුමාට වගකීම භාර දෙන්නේ හිටපු අග්‍රාමාත්‍යතුමා විසින්...
    ආචාර්ය හර්ශ ද සිල්වා මැතිතුමා මේ ගැටලු විසදීමේ වගකීම භාර ගන්නවා.
    අමාත්‍යවරයා ඉදිරියේ තිබුණු ගැටලු
    1) වෙන්දේසි වීමට තිබූ මෝල් සහ අපරාධ චෝදනා යටතේ ( ඔඩපණ ණය නිසි දිනට ගෙවීමට නොහැකි වීම අපරාධමය වරදක් සේ සලකයි ) රක්ෂිත බන්ධනාගාර ගතවීමේ අවධානමක් තිබූ සහල් මෝල් හිමියන් බේරා ගැනීම ..
    ඒ අනුව වහාම හිටපු අග්‍රාමාත්‍යතුමා මාර්ගයෙන් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක්
    ඉදිරිපත් කරන ‍ආචාර්‍ය හර්ශද සිල්වා මැතිතුමා සහල් මෝල් හිමියන්ට එරෙහිව සියලු ණය අය කිරීම් වලට අදාල නීතිමය ක්‍රියාමාර්ග තාවකාලිකව අත් හිටුවන ලෙස බැංකු වලට දැනුම් දීමක් කරනවා.

    2) දැන් අමාත්‍යවරයා ඉදිරියේ තියෙන්නේ මේ සහල් මෝල් යලි ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන ගැටලුව ..ඒ සදහා කාරක ප්‍රාග්ධනය ලෙස රු මිලියන 1000 ඕන...මෝල් හිමියන් අසාදු ලේඛනගත වෙලා නිසා ඔවුනට යලි බැංකු ණය ලබා ගත නොහැකියි..
    ඒ ගැටලුවලට විසදුම් ලෙස දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති ආරම්භ කරමින් ( පොළොන්නරුව , අනුරාධපුරය , පුත්තලම , කුරුණෑගල , අම්පාර , මහනුවර , මඩකලපුව , හම්බන්තොට ) ජාතික මට්ටමේ සමුපකාරයක් ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සංගමය බිහි වෙනවා...
    තම්බපණ්ණි , ශක්ති , රන්කෙත කියන වෙළෙඳනාම තුනම අයිති මේ Ricecoop ලෙස කෙටියෙන් හදුන්වන ආයතනයට. දිස්ත්‍රික් සමිති සදහා රජය 2019 පෙබරවාරි මාසයේදී රු මිලියන 1000 වෙන් කරනවා කාරක ප්‍රාග්ධනය ලෙස...ඒ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ශද සිල්වා මැතිතුමා හිටපු ජනාධිපති මාර්ගයෙන්..
    වැඩ සටහන මෙහෙමයි...
    භාණ්ඩාගාරය දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිති වලට කාරක ප්‍රාග්ධනය ලබා දුන්නා. ඒ මුදලින් සමිති විසින් ගොවීන්ගෙන් වී මිලට අරගන්න ඕන..ඊට පස්සේ ණය ගැටලු නිසා අඩපණ වෙලා ඉන්න මෝල් හිමියන්ට හරහා ඒ වී තොග සහල් බවට පත් කරලා වෙළෙඳපොළට මුදා හරිනවා..මෝල් හිමියන්ට අඹරන සහල් වෙනුවෙන් සමුපකාරය විසින් ගාස්තුවක් ගෙවනවා.ඒ ගාස්තුව යන්නේ ණය හිමි බැංකුවට....
    මේවා තමයි මූලික කොන්දේසි
    1) රජයේ සහතික මිලට වඩා අඩු මිලකට වී මිලට ගැනීම තහනම්
    2) රජය නියම කරන මිල ඉක්මවලා සහල් අලෙවි කිරීම තහනම්
    3) ඇඹරුම් ගාස්තුවෙන් 50% ණය හිමි බැංකුවට දෙන්න ඕන...

    ව්‍යාපෘතිය ආරම්භ වෙනවා 2019 මාර්තු 27 පොළොන්නරුවේදි...
    ඒ වෙද්දී වෙළෙඳපොලේ සම්බා වී මිල රු 35/=.. සම්බා හාල් රු 120/=..
    හැබැයි ශක්ති ව්‍යාපෘතියට වී ගත්තේ රු 41/= ගානේ ..හාල් තොග දුන්නේ රු 80/= ගානේ...ව්‍යාපෘතිය පටන් අරන් සති දෙක තුනක් යද්දී 120/= තිබ්බ සම්බා හාල් මිල 95/= අඩු කරන්න වෙනවා මහා පරිමාණ සමාගම්වලට ..ඒ වගේම රු 35/= තිබ්බ වී මිලත් 41/= දක්වා ඉහලා ගියා..
    ව්‍යාපෘතිය සදහා අරමුදල් වෙන් කරපු දවසේ ජනාධිපතිතුමා ඉදිරියේදී ආචාර්ය හර්ශද සිල්වා ඉල්ලීමක් කරනවා මෝල් හිමියන්ගෙන්...ඒ තමයි සද් භාවයෙන් කටයුතු කරන්න කියන එක...
    ව්‍යාපෘතිය පටන් ගත්තු ගමන්ම හම්බන්තොට දිස්ත්‍රික් සමිතියේ මෝල් හිමියෝ කිහිප දෙනෙක් සද් භාවය අමතක කරනවා... අඩු මිලට වී අරගෙන වැඩි මිලට ගත්තා කියලා තොරතුරු රජයට ලබා දෙනවා..
    මේ ගැටලුව නිසා හම්බන්තොට සමිතියට ශක්ති වෙළෙනාමය ලැබෙන්නේ නෑ වගේම ප්‍රතිපාදනත් සීමා කරන්න සිද්ධ වෙනවා..

    ඒ විදියටම කුරුණෑගල මෝල් හිමියෝ කිහිප දෙනෙක් කරපු නොමනා වැඩ නිසා කුරුණෑගල සමිතිය සදහා තව දුරටත් ප්‍රතිපාදන ලබා දීම රජය අත් හිටුවනවා..
    පොළොන්නරුව , අනුරාධපුරය , පුත්තලම , මඩකලපුව , අම්පාර හා මහනුවර දිස්ත්‍රික්වල ආණ්ඩුව මේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා .
    ලංකාවේ දෛනික සහල් අවශ්‍යතාවය කිලෝ ලක්ෂ 65. ශක්ති ව්‍යාපෘතිය ආරම්භයේදී දිනකට සහල් කිලෝ 150000 වෙළෙඳපොළට මුදා හැරියා...වසර තුනක් අවසාන වෙද්දී වෙළෙඳපොළ කොටසින් 20% ශක්ති ව්‍යාපෘතියට ලබා ගනිමින් ලංකාවේ ප්‍රධානතම සහල් නිෂ්පාදකයා බවට පත් වීම තමයි ඉලක්කය ..
    2019 මාර්තු මාසයේ ව්‍යාපෘතිය ආරම්භ උන දවසේ ඉදලා ලංකාවේ කිසිම තැනක ගොවි උද්ගෝශනයක් තිබ්බේ නෑ වී මිල අඩුයි කියලා ..
    ඒ වගේම හාල් මිල තමන්ට හිතූ පරිදි වැඩි කරන්න මහා පරිමාණ සමාගම් වලට බැරි උනා...ඒ කීල්ස් , කාර්ගිල්ස් , ලංකා සතොස හරහා ලංකාවේ ප්‍රධාන සහල් වෙළෙඳනාම වලට සාර්ථක තරගයක් ලබා දීමට ශක්ති වලට පුලුවන් උන හින්දා....
    ආචාර්ය හර්ශ ද සිල්වා මේ ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු උනේ එක දෙයයි...ඒ තමයි වී / සහල් වෙළෙඳපොළ පවතින කතිපයාධිකාරී වෙළෙඳපොළ රටාව බිද හෙලා වෙළෙඳපොලේ තීරණාත්මකව බලවේගය බවට සමුපකාර ආයතනයක් පත් කිරීම..
    ඒ වෙනුවෙන් තමයි ශක්ති නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක උනේ...
    හැබැයි ජනාධිපතිවරණයෙන් පසුව තත්වය වෙනස් උනා... රජයේ ආරක්ෂිත වී තොගය සහල් බවට පත් උනේ ශක්ති ව්‍යාපෘතිය හරහා...නව රජය ශක්ති ව්‍යාපෘතියට වී තොග සැපයීම අත් හිටෙව්වා... ආයෙත් පුද්ගලික අංශයට වෙළෙඳපොළ හැසිරවීමේ අවස්ථාව උදා උනා...
    හාල් මිල ඉහල ගියා..
    අද වන විට උපාධිධාරීන් ඇතුළුව රට වටා සිටින ශක්ති ව්‍යාපෘතියට සම්බන්ධ සේවකයින් 40 ආසන්න පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇවිල්ලා...
    ඉතා අසීරුවෙන් ආරම්කල සුළු හා මධ්‍ය පරිමාණ මෝල් 200 ආයෙත් වැහිලා ගිහින්
    ව්‍යාපෘතියට නායකත්වය සපයන ලද නිළධාරීන් හර්ශගේ යූඑන්පී මිනිස්සු ලෙස සලකමින් දේශපාලන පලිගැනීම් ආරම්භ වෙලා.. ප්‍රථිපලය හාල් මිල ඉහල යාමය.
    සුවසැරිය නිර්මාතෘවරයා රටේ සමස්ත ජනතාව වෙනුවෙන් විශේෂඥයින් හරහා සැලසුම් කල තවත් සාර්ථක ව්‍යාපෘතියක් දේශපාලන පලි ගැනීම් නිසා මෙසේ නිමාවට පත්වේ...
    කුමන පලිගැනීම් සිදු උවද ශක්ති ව්‍යාපෘතියේ අවසාන සහල් කිලෝවද අලෙවි වන්නේද රු 98/= නොව රු 85/= වේ.
    උපුටාගැනීමකි.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බයියො ඔය වැල් වටාරම් කියවන්නෙ නෑ බන්. උන් කියන්නෙ මරා රට බාර දෙනකොට අටු කොටු පුරවල
    ඉවර උන වී වලින් ගුවන් තොටුපොලවලුත් පිරෙව්ව කියල.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බයියො ඔය වැල් වටාරම් කියවන්නෙ නෑ බන්. උන් කියන්නෙ මරා රට බාර දෙනකොට අටු කොටු පුරවල
    ඉවර උන වී වලින් ගුවන් තොටුපොලවලුත් පිරෙව්ව කියල.

    air port eketh wee dapu ratak lapayawa gawa gattu nisa ranil ta
    88/89 marichca minissu 80000 sapayak awa .ithin ranil rata baradeddith
    mee rate wee wagawa nathima karala giye.. :D:D:yes::yes::D:D e 88/89 maruna 80000 wenuwen e pawul walata jvp eke salli bedala deela danayak dunna nam ranilta sape enne na:D:D:yes::yes::D:D:D:D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහා පරිමාණ ව්‍යාපාරිකයෝ හතර දෙනෙක් සහල් ව්‍යාපාරයෙන් 90% ක් අත්පත් කරගනිද්දි කොහොමද බන් රටක හාල් මිල අඩු කරන්නේ ...සිර්සේන ලොක්කා මල්ලිලාට මස්සිනාලාට ඕන ඕන විදියට හාල් වයාපාරේ බාර දීල කෙලවලාම දැම්මා. අනික අවශ්‍යතරම් වී තොග ආණ්ඩුවේ ගබඩාවල තිබුණනම්.... සතොසෙන් කන්න බැරි හාල් තොගපිටින් ගෙන්නලා සත්තුන්ට දාන්න නොවික්කනම්.....අඩුම තරමින් 75 ට හාල් දෙන්න තිබුණා අද. නිකම් බොරු බයිලා ගහල තේරුමක් නෑ....
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    මහා පරිමාණ ව්‍යාපාරිකයෝ හතර දෙනෙක් සහල් ව්‍යාපාරයෙන් 90% ක් අත්පත් කරගනිද්දි කොහොමද බන් රටක හාල් මිල අඩු කරන්නේ ...සිර්සේන ලොක්කා මල්ලිලාට මස්සිනාලාට ඕන ඕන විදියට හාල් වයාපාරේ බාර දීල කෙලවලාම දැම්මා. අනික අවශ්‍යතරම් වී තොග ආණ්ඩුවේ ගබඩාවල තිබුණනම්.... සතොසෙන් කන්න බැරි හාල් තොගපිටින් ගෙන්නලා සත්තුන්ට දාන්න නොවික්කනම්.....අඩුම තරමින් 75 ට හාල් දෙන්න තිබුණා අද. නිකම් බොරු බයිලා ගහල තේරුමක් නෑ....


    Owa kiyannada gota president une? Lajjaine ban