Strike on 21st May 2013

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ‘වර්ජනය සාර්ථකයි‘

    ලාල් කාන්ත

    2013 මැයි මස 21 12:39:




    වැඩි කළ විදුලි බිලට එරෙහි අද සංවිධානය කළ වැඩ වර්ජනය සාර්ථක වූ බවත්, වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කළ දා සිට අද දක්වා සමස්ථ ක්‍රියාවලියේදී ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කළ හැකි වූ බවත්, තම ඉල්ලීම ඉටු නොවුණු නිසා වෙසක් සතිය අවසානයේ ඉදිරි පියවර ගන්නා බවත් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුවේ කැඳවුම්කරු කේ ඩී ලාල් කාන්ත මහතා කියයි.

    බොරැල්ල, නුගේගොඩ, මොරටුව, නුවර, තඹුත්තේගම සහ නාරාහේන්පිට තැපැල්හල්වල සේවක පැමිණීම ඉතා අඩු මට්ටමක තිබුණු බවත්, ජයවර්ධනපුර රෝහල් කාර්ය මණ්ඩලයේ බහුතරයක් උදේ දහය වන තෙක් වර්ජනය කළ බවත්, එහි සේවකයන් ඉන් පසු ‘පිකටින්‘ ඇරැඹූ බවත් හෙතෙම සඳහන් කරයි.

    කටුනායක හා බියගම ගාම්න්ට් 15ක් සම්පුර්ණයෙන් වසා ඇතැයි ද, අනුරාධපුර පාසල් රැසක ගුරු පැමිණීම සියයට විස්සක්වත් නැතැයි ද, හලාවත හා ගාල්ල කළුවැල්ල නගරවල කඩ සාප්පු රැසක් වසා දමා ඇතැයි ද, ඇහැලියගොඩ කඩසාප්පුවල කළු කොඩි ඔසවා ඇතැයි ද, වතුකරයේ තේදළු නෙළීම සියයට හැටකින් අඩු වී ඇතැයි ද ඔහු කියයි.

    අධ්‍යාපන බලධාරීන් කියනුයේ පාසල් අධ්‍යාපනය අද සාමාන්‍ය පරිදි සිදු වන බවයි. බොහෝ පාසල්වල අද පැවැත්වෙන වෙසක් වැඩසටහන් වලටද ගුරුවරුන් උනන්දුවෙන් සහභාගී වන බව ද ඔවුහු කියති.



    ලංකාදීප
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විපක්ෂය අද කැඳවූ වර්ජනයට අනුරාධපුරයේ ගුරුවරුන්ගෙන් සියයට 75ක් සහාය ලැබුණු බව ගුරු සංගම් කියයි.

    පාසල්වල සිසුන්ගේ පැමිණීම අද සියයට පනහක් පමණ විය.