dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    පැහැදිලි කරපන්කො. අම්මට දැනුන වෙනස මොකක්ද? මොනාද ගත්තු ඇක්ශන්
    අපේ අම්මත් ඕකකින් නැති උනේ 2010 අම්මට නිතරම අත හිරිවැටෙනව. පොල් එහෙම මිරිකන්න බෑ.
    ප්‍රෙශර් වලට බෙහෙත් බොන්න කියල අරන් තිබුනත් අම්ම බීල තිබුනෙ නෑ (පස්සෙ දැනගත්තෙ ඒක.) දවසක් උදේ නැගිටල අත හිරිවැටිල කිය කිය හිටියා මම හිතුවෙ නින්දෙන් අත යටවෙලා නිසා හිරිවැටිල ඇති කියලා. ඒත් පැය බාගයක් යනකනුත් හරි ගියේ නැති නිසා ඩොක්ට කෙනෙක් ට පෙන්නන්න යන්න ලෑස්තිවෙන්න කීව. අම්ම ඇඳුන් එහෙම සේරම ඇඳගෙන ඉවර වෙලා කොන්ඩෙ පීරගන්න අත උස්සන්න බෑ කීවා. පස්සෙ විනාඩි කිපෙකින් කලන්තෙ වගේ කීව නිසා පුටුවෙන් වාඩි කෙරෙවුවා. පස්සෙ කතාකරන්න බැරුව ගියා. අපි ඉක්මනට හොස්පිටල් එකට අරන් ගියත් යනකොට අම්මට සිහිය නෑ (වමනෙ ගිහින් තිබුන මගදි ). අම්ම දවස් 5ක් ICU ඉඳල නැති උනා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116

    :(:(:(
    ජීවිතේ ඔහොම තමයි මචන්. උබ මේ කියපු විස්තර කිරියේ කවුරු හරි තමන්ගෙ කෙනෙක්ව බේරගන්න උදව්වක් කරගනී. ඒ පින උබේ අම්මට ලැබෙන්න ඕනේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    මගේ අම්මට ජනවාරි ඉඳන් mini brain stroke 5 ක් ආවා. බෙහෙත් ගත්තත් ඩොක්ටර් ලා කියනවා හරියට බෙහෙත් බොන්නේ නැතිව ඇති කියලා.CT & medical reports සහ වල කිසිම අව්ලක් නැහැ. බැරිම තැන කට්ටක් කාළා ප්‍රසිද්ධ Neurologist කෙනෙක්ට පෙන්නුවා. ඒ ඩොක්ටර් anti coagulation සහ අනිත් බෙහෙත් මිල අධිකම සහ හොඳම එව්වගෙන් ලියලා දුන්නා, දැන් අම්මට ගුණයක් පේනවා. ඔයාලත් බෙහෙත් ගද්දී අනිවා ඒ ගැන සොයලා බලන්න.... කිසිම ක්‍රියාකාරී සංඝටක නැති බෙහෙතුත් ලංකාවේ ෆාමසි පිරිලා.

    Baurs , Hemas සමාගම් import කරන බෙහෙත් හොඳයි.
    Janssen,Cipla, Mitsubishi, Zydus Cadila, Getz වගේ සමාගම් කිහිපයක බෙහෙතුත් හොඳයි..
    pls avoid SPC

    අනෙක් බෙහෙත් ගැන , ෆාමසිස්ට් කෙනෙක් ගෙන් අහගන්න. සමහර ඩොකාලා වාසි වැඩි බෙහෙත් ලියන්නේ, ලෙඩ්ඩුන්ට කෙළවුණත්.

    පණු බෙහෙත් ගන්නවා නම් විතරයි Vormox මට නම් වැඩ කරන්නේ... ගාණ ඉතා වැඩි .

    Sad reality, Sri Lanka hasn't a drug testing laboratory. so company provide sample report from good samples but bulk quality is a big question. no random tests can do locally.

    get this to mind for live longer as a Sri Lankan
    බෙහෙත් හිග පුශ්නය නම් සැහෙන්න දරුණුයි බං. කියලා වැඩක් නැ. මොනා ලිව්වත් මිනිස්සු එනවා අනේ මේක බැරිද වෙනස් කරන්න අහගෙන. ළමයින්ට දෙන බෙහෙත් කිහිපයක්ම පෙති ⁣කුඩු කරලා හදලා වෙන තැනට ඇවිත්. ඒත් රට හදලාලු මේ වේස පක්කු.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    SPC බෙහෙත් ගන්න එක නවත්තලා ගොඩක් කල්. මටත් මේවගේ අත්දැකීම් තියනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    SPC ඉස්සර ඉදන්ම හොඳ නැහැ
    දන්න දොස්තරලා කෙලින්ම කියනවා SPC ගන්න එපා කියලා
    SPC ඒවා 90% ක් වගේ ඉන්දියන් ජරාව
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,838
    4,286
    113
    Sri Lanka
    Low quality Beheth seen eka loku issue ekak parliment eke ekewath katha karanne nati. Keheliya hire inneth me seen eka nisa ne.

    Thawa issue ekak thama ape ewun hembirissawatath antibiotics bona eka. Immune system ekata aba saranai ithin.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    මගේ අම්මට ජනවාරි ඉඳන් mini brain stroke 5 ක් ආවා. බෙහෙත් ගත්තත් ඩොක්ටර් ලා කියනවා හරියට බෙහෙත් බොන්නේ නැතිව ඇති කියලා.CT & medical reports සහ වල කිසිම අව්ලක් නැහැ. බැරිම තැන කට්ටක් කාළා ප්‍රසිද්ධ Neurologist කෙනෙක්ට පෙන්නුවා.
    kawda doctor???

    Pm akak hari danna puluwannam!!
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,151
    1
    688
    113
    මගේ අම්මට ජනවාරි ඉඳන් mini brain stroke 5 ක් ආවා. බෙහෙත් ගත්තත් ඩොක්ටර් ලා කියනවා හරියට බෙහෙත් බොන්නේ නැතිව ඇති කියලා.CT & medical reports සහ වල කිසිම අව්ලක් නැහැ. බැරිම තැන කට්ටක් කාළා ප්‍රසිද්ධ Neurologist කෙනෙක්ට පෙන්නුවා. ඒ ඩොක්ටර් anti coagulation සහ අනිත් බෙහෙත් මිල අධිකම සහ හොඳම එව්වගෙන් ලියලා දුන්නා, දැන් අම්මට ගුණයක් පේනවා. ඔයාලත් බෙහෙත් ගද්දී අනිවා ඒ ගැන සොයලා බලන්න.... කිසිම ක්‍රියාකාරී සංඝටක නැති බෙහෙතුත් ලංකාවේ ෆාමසි පිරිලා.

    Baurs , Hemas සමාගම් import කරන බෙහෙත් හොඳයි.
    Janssen,Cipla, Mitsubishi, Zydus Cadila, Getz වගේ සමාගම් කිහිපයක බෙහෙතුත් හොඳයි..
    pls avoid SPC

    අනෙක් බෙහෙත් ගැන , ෆාමසිස්ට් කෙනෙක් ගෙන් අහගන්න. සමහර ඩොකාලා වාසි වැඩි බෙහෙත් ලියන්නේ, ලෙඩ්ඩුන්ට කෙළවුණත්.

    පණු බෙහෙත් ගන්නවා නම් විතරයි Vormox මට නම් වැඩ කරන්නේ... ගාණ ඉතා වැඩි .

    Sad reality, Sri Lanka hasn't a drug testing laboratory. so company provide sample report from good samples but bulk quality is a big question. no random tests can do locally.

    get this to mind for live longer as a Sri Lankan
    very true...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මේ කතාව ඇත්ත. spc නම් ජරාව තමයි ඉතින්. ලංකාවට යුරෝප් බෙහෙත් එන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. ඒ ආවත් ගන්නෙ නෑ මිනිස්සු. අපි හොද බෙහෙත් දෙන්න ගියොත් අපිට කුනු බැනුම් බනින්නෙ අපේ ගනන් වැඩී අහවල් ෆාමසියෙ ගනන් අඩුයි කියාගෙන. සමහරු ගෙදර ගිහින් ආපහු ඇවිත් බෙහෙත් විසිකරනව උබලගෙ ගනන් වැඩී අපිව රවට්ටන්න එපා කියන්.

    ඉතින් අපිත් ඩොක්ටර් බ්‍රෑන්ඩ් ලියල නැත්නම් අන්තිම ජරා බෙහෙත් ටික තමා දෙන්නෙ. ඒව ගානත් අඩුයි අපිට ලාබෙත් වැඩී. ඒ වගේම purchasing පට්ට ලේසියි. ක්‍රෙඩිට් දින 90 දෙනව. ඔරිජිනල් බෙහෙත් වල ගාන ගොඩක් වැඩී ලාබෙ ගොඩක් අඩුයි. ඒ වගේම payments ගොඩක් අමාරුයි. purchasing කරන්නත් අමාරුයි. credit දෙන්නෙ නෑ. credit දුන්නත් උපරිම දින 30යි. දින 31ක් දෙන්නෙ නෑ. එක දිනයක් එහෙමෙහෙ උනොත් ආයිත් බෙහෙත් දෙන්නෙත් නෑ කාලෙකට. පොඩි චාන්ස් එකක්වත් දෙන්නෙ නෑ. ඉතින් ඔය ඔක්කොම බැලුවාම ජරා බෙහෙත් විකුනන එක තමා ලේසිම ලාබම. කස්ටමර් කැමතිත් ඒකට.
    doctors ල ගත්තොත් ඉතා සුලු අතලොස්සක් ඇරෙන්න (නොගැනියහැකි තරම් කුඩා පිරිසක් ඉන්නෙ) බහුතරයක් ජරා බ්‍රෑන්ඩ්ස් ලියන්නෙ නෑ. doctors ල ලියන බ්‍රෑන්ඩ්ස් ඇත්තෙන්ම හොදයි. doctor වාසියට තමා බෑන්ඩ්ස් ලියන්නෙ. ඒ උනත් බ්‍රෑන්ඩ් මාෆියාව ඇතුලෙ තියෙන්නෙ හොද බැරෑන්ඩ්z. ඇත්තෙන්ම කිව්වොත් ජරා බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන්නෙ ෆාමසි හරහා. doctors ල ලියන්නෙම නැති තරම්.