කොළඹ වි.වි. ශිෂ්*යයෝ සමාව අයැදීමට තීරණය කරති
අගෝ. 11 - කොළඹ විශ්වවිද්*යාලයේ ශාස්ත්*ර පීඨයේ පසුගියදා ඇතිවූ ගැටුමේදී ගුරුවරුන්ට පහරදීම සම්බන්ධයෙන් සමාව අයැදීමේ ලිපියක් ශාස්ත්*ර පීඨ ආචාර්යවරුන්ට භාරදීමට ශාස්ත්*ර පීඨ ශිෂ්*ය එකමුතුව තීරණය කර තිබේ.
ඒ අනුව, අද පස්වරුවේ ශිෂ්*යයින්ගේ අත්සනින් යුතුව එම ලිපිය භාර දෙන බව ශිෂ්*ය එකමුතුවේ ප්*රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර, ශිෂ්*යයන්ගේ පහරදීමට විරෝධය පළ කරමින් ශාස්ත්*ර පීඨයේ සියලු ආචාර්යවරුන් අධ්*යයන කටයුතුවලින් ඉවත්වී අදට දින 5ක් ගතවී තිබේ.
ශාස්ත්*ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතා පැවසුවේ, සිසුන් ආචාර්යවරුන්ගෙන් විධිමත් ලෙස සමාව ගන්නා තෙක් අධ්*යයන කටයුතුවලින් බැහැරව සිටින බවය.
පසුගිය බදාදා ශිෂ්*යයින් හා විනය පාලකවරුන් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීමට යාමේදී ආචාර්යවරුන් පස් දෙනෙකුට තුවාල සිදුවිය.
අදාළ ගැටුමට හේතුව විශ්වවිද්*යාල සිසුවියකගේ මත භේදයට තුඩුදුන් ඡායාරූප කිහිපයක් අන්තර් ජාලයට ඇතුළත් කර ඇතැයි කියන සිද්ධියකි.
මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය ආරම්භ කළ පරීක්ෂණය තවදුරටත් ක්*රියාත්මක බව පොලිස් මාධ්*ය ප්*රකාශක ජ්*යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා පැවසීය.