- STUXnet සයිබර් ප්‍රහාරය -
දැන් ආයෙම ඇමරිකාව සහ ඉරානය අතර ප්‍රශ්න ඇතිවෙලා තියෙන නිසා අවුරුදු කීපයකට කළින් වෙච්ච සිද්ධියක් මතක් කරලා තියාගන්න එක වැදගත්.
ඉරානයට ජාත්‍යන්තර සම්බාධක එල්ල වෙන්න ප්‍රධාන හේතුවක් උනේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ. ඒ කියන්නෙ ඉරානය න්‍යෂ්ටික අවි හැදුවාය කියන එක නම් නෙමෙයි. ඉරානය සතුව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක කීපයක් තියෙනවා. ඒ නිසා අනෙක් හැම රාජ්‍යයකටම වගේ තමන්ට අවශ්‍ය සිවිල් න්‍යෂ්ටික ඉන්ධන සකස් කරගන්න ඉරානයට අවසර තියෙනවා. මේ ඉන්ධන සකස් කිරීමේ ප්‍රශ්නයක් තමයි මේකට මුල් උනේ.
සාමාන්‍යයෙන් න්‍යෂ්ටික ඉන්ධන කියන්නෙ යුරේනියම්-235 සහ යුරේනියම්-238 කියන ද්‍රව්‍ය වල ඔක්සයිඩ මිශ්‍රණයක්. මේකෙනුත්, යුරේනියම්-235 තමයි නියමාකාරයෙන් න්‍යෂ්ටික විඛන්ඩනයක් කළ හැකි ද්‍රව්‍යය වෙන්නෙ. ඒක නිසා සරලව ගත්තම ඉන්ධන වල තියෙන යුරේනියම්-235 සාන්ද්‍රණය අනුව ඒ ඉන්ධන වල ප්‍රබලතාවය වෙනස් වෙනවා. දැනට ලෝකයේ බලශක්ති නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (Power Reactors) වලට අවශ්‍ය ඉන්ධන වල යුරේනියම්-235 සාන්ද්‍රණය 3-6% අතර වෙනවා. ඉතිරිය යුරේනියම්-238. ඖෂධ නිෂ්පාදනය සහ පර්‍යේෂණ කටයුතු සඳහා පාවිච්චි කරන පර්‍යේෂණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (Research Reactors) වලට අවශ්‍ය න්‍යෂ්ටික ඉන්ධන සඳහා මේ වෙනකොට සම්මත සාන්ද්‍රණය 20%ක් විතර. ඉන්ධන වල යුරේනියම්-235 සාන්ද්‍රණය 70% ඉක්මවා ගියාම ඒවා තවදුරටත් සිවිල් න්‍යෂ්ටික ඉන්ධන නෙමෙයි. ඒවා න්‍යෂ්ටික අවි සඳහා යොදාගන්න පුළුවන් ද්‍රව්‍ය.
යුරේනියම් පොළවෙන් හාරලා ගත්විට ඒ ස්වභාවික යුරේනියම් වල තියෙන යුරේනියම්-235 සාන්ද්‍රණය 0.07%ක් විතර. ඉතිං විශේෂිතම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වල මිසක්, අනෙක් බොහොමයක් ප්‍රතික්‍රියාකාරක වල මේ ස්වභාවික යුරේනියම් පාවිච්චි කරන්න බෑ. මේක නිසා මේ අඩු සාන්ද්‍රණය 3-6% වගේ අගයකට ගේන්න ඕනෙ. මේ ක්‍රියාවලිය "න්‍යෂ්ටික ඉන්ධන සුපෝෂණය" (Enrichment) නමින් හැඳින්වෙනවා. ඉතිං සිවිල් යෙදීම් සඳහා න්‍යෂ්ටික තාක්ෂණය පාවිච්චි කරන රටකට පුළුවනි අර කී සාන්ද්‍රණ සීමා ඉක්මවා නොයනවා ය කියන කොන්දේසිය යටතේ තමන්ට අවශ්‍ය න්‍යෂ්ටික ඉන්ධන සුපෝෂණය කරගන්න. ඉරානයට එල්ල වූ ඡෝදනාවක් උනේ ඔවුන් මේ කියන සිවිල් සුපෝෂණ සීමා ඉක්මවා යමින් තමන්ගේ ඉන්ධන සුපෝෂණය කරගන්නා බව.
සුපෝෂණය සඳහා දැනට බහුලව යොදාගන්නෙ යුරේනියම් වල හෙක්සාෆ්ලුවොරයිඩය (UF6) කේන්ද්‍රාපසරණ ක්‍රමවේදයක්. මේ සඳහා පාවිච්චි කරනවා අධිතාක්ෂණික කේන්ද්‍රාපසරණ යන්ත්‍ර. ඉරානයට අයත් මෙන්න මේ ආකාර කේන්ද්‍රාපසරණ පද්ධතියකට ඇමරිකාව විසින් එල්ල කළ සයිබර් ප්‍රහාරයක් තමයි ස්ටක්ස්නෙට් ප්‍රහාරය කියලා කියන්නෙ.
ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් ස්ටක්ස්නෙට් නමින් මේ කුඩා පරිගණක වෛරසය (පරිගණක භාෂාවේ මේක හුදු වෛරසයක් නෙමෙයි, worm එකක්) නිර්මාණය කරලා තිබුණේ Equation Group නම් ඇමෙරිකානු සහ ඊශ්‍රායල් මිලිටරි පරිගණක විශේෂඥ කණ්ඩායමක් විසින් 2005-2010 අතර කාලයේදී. ඉරාන හිටපු ජනාධිපති මොහොමඩ් අහමදිනේජාඩ් මේ සුපෝෂණ යන්ත්‍රාගාරයට (නතාන්ස් න්‍යෂ්ටික පර්‍යේෂණ මධ්‍යස්ථානය) නිරීක්ෂණ චාරිකාවක යෙදෙන වීඩියෝ ප්‍රවෘත්තියක් මගින් ඒ යන්ත්‍රාගාරයේ පාවිච්චි වෙන කේන්ද්‍රාපසරණ යන්ත්‍ර වල වර්ගය හඳුනාගන්න මේ කණ්ඩායමට හැකි වෙනවා. මේ කේන්ද්‍රාපසරණ යන්ත්‍ර වල සම්පූර්ණ පාලනය කෙරෙන්නෙ ජර්මානු සීමන්ස් සමාගම නිර්මාණය කළ කේතනය කළ හැකි තාර්කික පාලන චිප (Programmable Logic Controllers/PLC) වලින්. PLC කියන්නෙ මහා සංකීර්ණ තාක්ෂණයක් නෙමෙයි. ලංකාවෙ උනත් මහාපරිමාණ ස්වයංක්‍රීය නිෂ්පාදනාගාර හැම එකකම පාවිච්චි කරන පරිගණක ආශ්‍රිත පාලන තාක්ෂණයක්. මෙහිදී පාලන පද්ධතියේ ප්‍රධාන මොළය විදියට වැඩ කරන්නෙ කුඩා ක්ෂුද්‍ර චිපයක්. මේකට වැඩ කරන්න අවශ්‍ය මෙහෙයුම් විධාන පරිගණකයක් මගින් කේතනය කරන්න පුළුවන්. ස්ටක්ස්නෙට් වයිරසය හදලා තිබ්බෙ මෙන්න මේ කුඩා චිපය ගනුදෙනු කරන SCADA නම් වින්ඩෝස් මෘදුකාංගය ආක්‍රමණය කරන්න පුළුවන් විදියට (automation industry එකේ අයට මේවා හුරුපුරුදු මෘදුකාංග). ඒ කියන්නෙ, සාමාන්‍ය පරිගණකයකට මේ වයිරසයෙන් කිසිම බලපෑමක් වෙන්නෙ නෑ.
අනෙක් අතට වෛරසයෙන් කෙරෙන්නෙ මේ චිපය අක්‍රීය වීමක් වගේ ලේසියෙන් හඳුනාගත හැකි වෙනසකුත් නෙමෙයි. අතිශය සූක්ෂම විදියට චිපය ලබාගන්න දත්ත මෙහෙයවන විදිය වෙනස් කෙරෙන එකයි කෙරෙන්නෙ. වෛරසය කළේ කේන්ද්‍රාපසරණ යන්ත්‍ර කරකැවෙන වේගය අඩුවෙන් SCADA මෘදුකාංගයට පෙන්නන එක. මිනිත්තුවට වට 60,000කටත් වඩා වැඩි වේගෙකින් කැරකෙන මේ දැවැන්ත යන්ත්‍රයක් තමන්ගේ වේගය නියතව තියාගන්න විදියට තමයි පාලන PLC චිපය කේතනය කරලා තියෙන්නෙ. ඉතිං, චිපයට දැනුනම යන්ත්‍රයේ වේගය අඩුයි කියලා, වේගය වැඩි කරගන්න අවශ්‍ය විධාන චිපය විසින් නිකුත් කරනවා. අන්තිම ප්‍රතිඵලය වෙන්නෙ වේගය දරාගන්න බැරුව යන්ත්‍රය විනාශ වී යාම.
ස්ටක්ස්නෙට් වෛරසය නිර්මාණය කරන්න මුල් උනත්, අන්තිම මොහොතේදී එවක ඇමරිකානු ජනාධිපතිවරයා වූ ඔබාමා වෛරසය නිකුත් කරන්න එකඟ නොවූ බව කියැවෙනවා. එහෙම තියෙද්දිත් ඇමෙරිකාවේ කීම නොසළකා හරිමින් ඊශ්‍රායලය විසින් වෛරසය ඉතා සූක්ෂම ක්‍රමයකින් ඉරානය වෙත යැවූ බවටයි ඡෝදනා එල්ල වෙන්නෙ. කොහොමහරි 2010 දී වෛරසය නිසා ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට සැළකිය යුතු හානියක් කරනවා. වෛරසය මගින් ඉරානය වගේම ඉන්දුනීසියාව, ඉන්දියාව, පකිස්තානය ඇතුළු රටවල් ගණනාවක පරිගණක යන්ත්‍ර 200,000කට ආසන්න ප්‍රමාණයක පැතිරෙමින් සීමන්ස් PLC පද්ධති 10,000කට නොඅඩු ප්‍රමාණයක් විනාශ කෙරිලා තියෙනවා. ඔබ හොඳින් දන්න Kaspersky පරිගණක ආරක්ෂණ කණ්ඩායම ස්ටක්ස්නෙට් අනාවරණය කරගන්න ඉතා වැදගත් දායකත්වයක් දුන් පිරිසක්.
ප්‍රශ්නය බරපතල වෙන්නෙ මෙතනින් නෙමෙයි. මුල් ප්‍රහාරයෙන් වසර කීපයක් යනකොට ඇමරිකාවේ බැංකු, බොරතෙල් කැණීම් සහ පිරිපහදු යන්ත්‍රාගාර වගේ මර්මස්ථාන විශාල සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරය පසුපස හිටියේ ඉරාන සයිබර් මිලිටරි විශේෂඥයන් බවයි කියැවෙන්නෙ. ඒ තමයි ඉරානයේ නිහඬ ප්‍රතිචාරය. තමන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පස්සෙ ලෝකෙ ලොකුම සයිබර් ප්‍රතිප්‍රහාර සහ ප්‍රතිචාර දැක්වීමේ මිලිටරි අනුඛණ්ඩය නිර්මාණය කරන්න ඉරානයට හැකිවෙලා තියෙනවා. ඒ වගේම ඇත්තටම නම් ස්ටක්ස්නෙට් මගින් ඉරානය ලෝකයට පෙන්වූ තරම් හානියක් නොවූ බවටත් ඇතැම් අය කියනවා. ඉරානය වඩා ශක්තිමත්ව තමන්ගේ සයිබර් ආරක්ෂණ ක්‍රමවේද තහවුරු කරගන්න අවශ්‍ය නිසා උනාට වඩා වැඩි හානියක් පෙන්නූ බව ඇතැම් විද්‍යාඥයන් මත පළ කරනවා.
කොහොමහරි, ලංකාවට ලොකු බලපෑමක් නොවුනට අපිටත් ස්ටක්ස්නෙට් කියන්නෙ ඉතා වැදගත් පාඩමක්. රටක ආර්ථික සහ තාක්ෂණික මර්මස්ථාන වලට සයිබර් ආරක්ෂණය කියන්නෙ මොන තරම් වැදගත් දෙයක් ද කියන එක තේරුම් ගන්න හොඳම මුල් පොතක්. සයිබර් ආරක්ෂණය ගැන ගොඩක් අයගෙ ඇස් ඇරවන්න ස්ටක්ස්නෙට් වෛරසයට පුළුවන් උනා. ලෝක දේශපාලනය, තාක්ෂණය වගේම පරිගණක පද්ධති වල මෙහෙයුම් ආරක්ෂණ මූලධර්ම කණපිට හරවන්න පුළුවන් වෙච්ච සිද්ධියක් විදියට මේ ගැන හදාරන එක විචිත්‍ර අත්දැකීමක් බව සහතිකයි.
ස්ටක්ස්නෙට් කතාව තාක්ෂණික ඇසකින් සවිස්තරාත්මකව බලන්න කැමති නම් මේ එක්ක මම අමුණලා තියෙන ටිකක් දිග වාර්තා චිත්‍රපටය බලන්න.
credits goes to - Nirodha Ranasinghe

Last edited: