Su From So (2025) කන්නඩ චිත්‍රපටය ❤️🫥🤭

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,904
    40,042
    113
    Homagama
    කොච්චර ෆිල්ම් ආවාත් නූලක් ඇරලා කියන්න තරම් හොද ෆිල්ම් එකක් නැ අප්පා. සුපිරියක් වෙයි කියලා හිතපු ෆිල්ම් පවා රිල්ස් උනාම බිම දිගේ ගිය කාලයක් 😔😔 ඒ අතරේ කන්නඩ ෆිල්ම් එකක් සෙට්උනා.

    Su From So
    2025
    Imdb 7.8
    MV5BNTZhMDNlZGMtMGEyYi00NzA1LThhYjAtOTRkZDMxOTQ2OTZhXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    හොරර් කොමඩි කතා තේමාව ඔස්සේ දිග හැරෙන චිත්‍රපටයක්.

    සාමාන්‍ය ගමක්. සාමන්‍ය මිනිස්සු.
    දවසක් දා ගමේ මළවුන්ගේ දානෙක කොල්ලෙක්ට ඇබැද්දියක් වෙනවා. එදැයින් පස්සෙ ⁣කොල්ලා අමුතුයි. භූතයෙක් වැහිලාද මන්දා. හැමෝටම සැකයි. මූව දැන් මෙකෙන් බේරගන්න එපැයි. ඔන්න ඕකයි මහත්තයෝ කතාව.

    කතාව ලස්සනට ගොඩ නගලා තියනවාද කියනවානම් වෙලාවකට ප්‍රෙක්ෂකයාව බයිට් එකට ගන්නවා, ඇත්තම මුට යකෙක් වැහිලාද? නැද්ද? වැහිලාද? නැද්ද?

    පනින බයවෙන හොල්මන් නැ. ගොඩක් හිමිට පවනේ දුවන කතාවක්.
    එහෙම එවා සෙට් නම් බලන්න.


    ඔයා ප්‍රවීන්ගේ ටෙලිග්‍රැම් ගෘප් එකේ ඉන්නවනම් එකේ තිබේ.​
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,241
    1,769
    113
    මේ යකා නම් ගිය ආත්මේ ඉන්දියන් කාරයෙක්ද කොහෙද යුද්දෙට ගිහින් මරුන. :P

    කන්නඩ, තෙලිඟු , මලයාලම් දෙමල. මොකෙක්ද මන්ද මූ :lol: