subtitles හරියට නැති එක අවුලක්ද ?

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    subtitles හරියට නැති එක අවුලක්ද ?

    මේක දැනටමත් දන්නා අය ඇති...මේ නොදන්නා අය වෙනුවෙන්...

    අපි ෆිල්ම් බලනකොට subtitles බාලා ඒවත් එක්ක බලන්න තමයි හුගක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ...
    ඒත් හුගක් වෙලාවට අපිට එන ප්‍රශ්නයක් තමයි යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ subtitles යන්නේ audio track එකත් එක්ක එකට නෙවේ...
    ඒ කියන්නේ dialogue එක කිව්වට පස්සේ හරි ඊට කලින් හරි subtitles යන වෙලාවල් තියෙනවා...එහෙම වෙලාවට අපි කරන්නේ හරියට වැඩ කරන subtitle එකක් එනකන් net එකෙන් sub file බබා බලනවා....

    ඒත් ඇත්තටම එහෙම නොකර අපි බාන , ඒ ෆිල්ම් එකට අදාළ ඕන sub file එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්...ඒ අපි කාගේත් හිත දිනාගත් VLC player එකෙන්.

    කරන්න තියෙන්නේ මේකයි

    ඉස්සෙල්ල ෆිල්ම් එක subtitle එක්ක play කරන්න

    ෆිල්ම් එකේ මුලින්ම යන්නේ subtitle එකද නැත්තන් dialogue එකද කියල බලාගන්න

    නැත්තන් අපිට පහසුවෙන් අඳුරගන්න පුළුවන් තැනක තෝරාගන්න ....උදාහරණයක් විදියට...


    Screenshot125_thumb.png


    මෙතන ෆිල්ම් එකේ 21:48 වෙනි මිනිත්තුවේදී dialogue එකක් යනවා කියල හිතමු .."where none in called for" ....කියල....හැබැයි ඒක කියල තත්:3 කින් තමයි අදාළ subtitle ඒක වැටෙන්නේ ...ඒ කියන්නේ 21:51 වෙනි විනාඩියේදී ...

    ඒ කියන්නේ subtitle ඒක යන්නේ audio track එකට තත්: 3 ක් පිටිපස්සෙන්....ඒක හොදට මතක තියාගන්න...

    දැන් ෆිල්ම් එක pause කරන්න...

    ඊළගට VLC එකේ Tools යටතේ තියෙන track synchronization කියන එක තෝරාගන්න



    Screenshot126_thumb.png



    ඊළගට open වෙන box එකේ subtitles/video කියන කොටසේ advance subtitle over video kiyana eka බලන්න...අපි බලපු උදාහරණෙ sub තිබ්බේ තත් : 3 ක් පිටිපස්සෙන් නේ....ඒ නිසා අපිට ඕනේ subtitles track එක තත් : 3 ක් ඉස්සරහට යවන්න...ඒ නිසා මෙතන අගය + 3 ක් කරන්න.....

    subtitles යන ස්පීඩ් එක අවශ්‍ය විදියට අඩු වැඩි කරගන්න පුළුවන් speed of subtitles කියන එකෙන්....(මේක වැඩිය ඕනේ වෙන එකක් නෑ)

    subtitles යන්නේ dialog එකට කලින් නම ඉහත අගය (-) අගයක් කරන්න ...

    ඊළගට refresh කරන්න....

    හරිගියේ නැත්තන් ආයෙත් බොහොම ටික ටික subtitles එහාට මෙහාට කරලා බලන්න...


    Screenshot127_thumb.png



    කොහොම උනත් මේ විදියට subs ස්ථිරව වෙනස් කරන්න බෑ...එකට මෙන්න මේ free දෙන software එක පාවිච්චි කරන්න පුළුවන්....

    http://subtitle-edit.en.softonic.com/?gclid=CKmehaGUvqsCFckg6wodxRHasg

    හොඳනම් කියන්න :):):):):)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්..:yes: ස්තුතියි මිත්‍රයා..:)
    පොඩි අවුලක් තියනවා..:sorry: සිංහල යුනිකෝඩ් වලින් කරපු සබ් එකක් නම් VLC player එකෙන් බලන්න වෙන්නේ නැ..:no: මොකද සිංහල යුනිකෝඩ් VLC player එකේ වැඩකරන්නේ නැති නිසා... :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    :D if you're using KMPlayer, use "[" or "]"buttons to sync subtitles forward or backward.

    hmm thnaks..
    මම කලේ subtitle explorer එකෙන් time එක edit කල එක..මෙක දැනගෙන හිටියේ නැ..
    rep+
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා


    කොහොම උනත් මේ විදියට subs ස්ථිරව වෙනස් කරන්න බෑ...එකට මෙන්න මේ free දෙන software එක පාවිච්චි කරන්න පුළුවන්....



    http://subtitle-edit.en.softonic.com/?gclid=CKmehaGUvqsCFckg6wodxRHasg


    මේක opensource software එකක්....පාවිච්චි කරන්න ලේසි