Subwoofer ගැන වගේම crossover එකක් adjust කරන විදිය

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    Subwoofer ගැන වගේම crossover එකක් adjust කරන විදිය ගැන post එකක් ඉක්මනින්ම දාන්න හිතුවා. එහෙනම් මේක ගැනත් කෙටියෙන් ඒත් අවශ්‍ය සියලුම basics කියන්නම්.
    617+iMsev6L._AC_SL1142_.jpg

    Subwoofer එකක් අවශ්‍ය වෙන්නේ ඇයි? මෙහෙමයි. අපේ කනට ඇහෙන ශබ්ද තරංග වල frequency එක 20hz-20000hz(20khz) පරාසයට අයත් වෙනවා. මේකේ 20-500 hz වගේ range එක තමයි bass. ඒත් 95% speakers වලට subwoofer ekak නැතුව මේ range එක cover කරන්න අමාරුයි. සාමාන්‍ය Bose cube එකක් 280hz වගේ වෙනකං bass play කරනවා. Bookshelf එකක් 80-50hz වගේ යනවා. ටිකක් ලොකු Kef 2001 වගේ satellites 90-120hz වගේ යනවා. Floorstanders 35hz වගේ යනවා. එතකොට අපිට film එකක් වගේ බලනකොට ඒකෙ explosion එකක් වගේ bass ගොඩක් deep යන part එකක් අහන වේලාවට bass එක loss වෙනවා. මොකද ඒවා 20-30hz වගේ level ekata යන නිසා. සමහර music වලටත් මේ range එක අවශ්‍ය වෙනවා කලාතුරකින්.

    review-svs-sb-4000-subwoofer-with-dsp-control.png


    Normal speakers වලට cover කරන්න බැරි bass range එක cover කරන්න තමයි subwoofer එකක් use කරන්නේ.ඒත් 20hz වෙනකං යන sub එකක් ගොඩක් ගණන්. සාමාන්‍යයෙන් 30hz වගේ යන sub එකක් එදිනෙදා setup එකකට හොඳටම ඇති. ඒකට හේතුව company වලින් publish කරන frequency response එක වෙනම anechoic chamber (sound reflection නැති කාමරයක) එකක measure කරලා දැම්මාට, සාමාන්‍යයෙන් ගෙදරකදී 20-25hz වගේ range එක දක්වාත් තරමක් bass එක ඇහෙනවා . ඒකට හේතුව ගෙවල්වල් බිත්ති, floor, ceiling වගේ hard surface වලින් ශබ්ද තරංග පරාවර්තනය වෙලා තවත් ශක්තිමත් වෙන නිසා. මොකද test කරන chamber එකේ බිත්ති, floor එක ceiling ඔක්කොම ශබ්ද තරංග උරාගන්න design කරලා තියෙන හින්දා bass එක ටිකක් අඩුයි. ඇත්තෙන්ම කිව්වොත් ඔයාගේ හොඳ floorstanders දෙකක් තියෙනවා නම් sub එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ ඉතින්. ඒත් sub එකක් specially tune කරලා තියෙන්නේ bass frequencies වලට නිසා floorstanders දෙකකට වුණත් sub එකක් use කරොත්, ගන්න bass එකේ quality එක වැඩිවෙනවා. Sub එකෙන් bass handle කරන නිසා normal speakers connect කරලා තියෙන amp එකට තියෙන load එකත් අඩු වෙනවා.

    61TaAbD9xDL._AC_SL1000_.jpg


    Subwoofer වර්ග ප්‍රදාන වශයෙන් දෙකක් තියෙනවා. Active සහ passive. Active sub එකක amp එකක් ඒක ඇතුළේම තියෙනවා. Passive sub එකක amp එකක් නෑ, නමුත් මෙයා normal amp එකක speaker outputs වලට connect කරාම ඒකෙන් bass frequency filter කරලා ගන්නවා. බොහෝ වේලාවට passive subwoofer වලින් speaker outputs තියෙනවා normal speakers වලට connect කරන්න. ඒ line එකට අපිට satellites, bookshelves වගේ speakers connect කරන්න පුළුවන් bass filter වෙලා තියෙන හින්දා. Bose එකේ ටිකක් පරණ 5.1 system වල ආපු වගේම acoustimass 3,5 system වල subwoofer ( මේක නියම subwoofer එකක් කියලා කියන්නත් බෑ ඉතින්) එකත් passive. අලුත් models වල නම් active එන්නේ Acoustimass 6,10,15, lifestyle වගේ.
    අපි active sub එකක් use කරනවා nam ඒකට amplifier එකෙන් pre out ( ඒ කියන්නෙත් amplify වෙලා නැති out එකක්) දෙන්න පුළුවන්. සමහර active subwoofer වල nam normal speaker වලට amp එකේ speaker outputs කෙලින්ම දීලා ඒකෙන් bass filter කරන්නත් පුළුවන්, අපි use කරන amp එකේ subwoofer preout එකක් නැත්තං( විශේෂයෙන්ම stereo amp වල). එතකොට sub ඒකෙන් ආයේත් normal speakers වලට connect කරන්න outputs දෙකක් දෙනවා passive sub එකක් වගේම bass filter කරලා. මේ වගේ වෙලාවට අපිට subwoofer එකේ crossover එක adjust කරලා කැමති hz ගාණකින් උඩ frequencies normal speakers වලට යන්නත්, ඊට අඩු frequencies sub එකට ගන්නත් පුළුවන්. අපි av receiver එකේ subwoofer preout එකක් use කරලා active subwoofer එකට bass signal යවනව නම් ඒකට අවශ්‍ය විදියට av receiver ඒකෙන් settings adjust කරලා , crossover value එකක් එහෙම දෙන්න ඕනෑ.

    dca4008440593b0a0750c7a134b7e646.jpg

    2000න් පස්සේ වගේ ආපු ගොඩක් av receiver වල crossover එකට values කීපයක් දීලා තියෙනවා අපිට කැමති එකක් select කරන්න පුළුවන් වෙන්න . ඊට කලින් ආපු ගොඩක් models වල වගේම budget models වල නම් එයාල 90hz,80hz වාගේ fixed value එකක් දාලා එවනවා. දැන්නම් හැම එකකම වගේ crossover frequency එක adjust කරන්න පුළුවන්. ගොඩක් av receiver වල settings වලින් එක එක channel එක large/small කියලා select කරන්න පුළුවන්. Large දුන්නාම 20-20000hz වෙනකං sounds ඔක්කොම play කරනවා. Small දැම්මොත් අපි දීලා තියෙන හරි, reciever එකේ preset value ඒකෙන් උඩ frequencies විතරයි අදාළ speaker එකෙන් play වෙන්නේ. ඊට අඩූ frequencies sub එකට හරි sub එකක් නැත්තං front speakers දෙකට හරි filter කරලා යවනවා. සමහර ටිකක් මිලෙන් වැඩි receiver වල නම් එක එක channel එකට වෙන වෙනමම crossover values දෙන්න පුළුවන්. සමහර ඒවායේ ඔක්කොම small කියල select කරපු channels වලට එක value එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව කලින් කීවා වගේ factory එකෙන් එයාල fix කරපු value එකක් crossover එකට දීලා තියෙනවා නම් small ඒවාට යන්නේ ඒකෙන් උඩ frequencies විතරයි. එතකොට අපි ඒ ඒ speaker එකට දෙන්න ඕනෑ crossover value එක හොයාගන්න නම් speaker එකට ආපු users manual එකේ specifications කියන section එක යටතේ බැලුවම "frequency response" කියලා range එකක් දාලා තියෙනවා. ඒකෙ අඩුම hz ගාණට වඩා වැඩි crossover value එකක් select කරන්න ඕනෑ. මොකද frequency response එකේ කියන range එකේ frequencies විතරයි ඒ speakers එකට නිවැරදිව reproduce කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට අඩුම value එක manual එකට අනුව 50hz නම්, 50hz හරි ඊට වඩා ටිකක් වැඩි value එකක් හරි crossover value eka විදියට av receiver එකේ select කරන්න.
    තව අපි active subwoofer එක Subwoofer pre out එකක් නැති stereo amp එකකට normal speaker outputs වලින් connect කරලා තියෙනවා නම්, subwoofer එකේ outputs වලට normal speakers set කරලා subwoofer එකේ crossover knob එකෙන් කලින් කිව්ව විදියට adjust කරන්න.
    තව, අපි subwoofer එකක් use කරේ නැතුව center,rear channel small කියලා av receiver එකෙන් select කරොත්, ඒවායේ crossover එකට දීලා තියෙන frequency එකෙන් පල්ලේ frequencies ටික front speakers walata direct කරලා යවනවා.

    KLIPSCH-R12SW-2.jpg

    Active subwoofer එකක තියෙන තවත් වැදගත් control එකක් තමයි phase switch එක. මේක 0 හා 180 කියලා option දෙකක් තියෙන switch එකක් හරි, ඒ අතරේ value එකක් ගන්න පුළුවන් knob එකක් විදියට හරි තියෙන්න පුළුවන්. 0 කියන්නේ speaker එක normal operate වෙනවා. 180 දැම්මම system එකේ තියෙන අනික් speaker වල movement එකට opposite direction එකට subwoofer එකේ woofer එක වැඩකරනවා. ඒ කියන්නේ normal speakers ඉස්සරහට එනවා nam subwoofer එකේ woofer එක පස්සට යන එක. තවත් කීවොත් +, - මාරු කරන එක. මේක අපිට හොඳයි කියලා හිතෙන විදියට adjust කරන්න ඕන. ඒකට placement එක තමයි බලපාන්නේ.
    Subwoofer එකේ level එක අපිට හොඳයි කියලා හිතෙන ගාණට adjust කරන්න. නැත්තං ඔක්කොම av receiver එකේ settings හදලා phase එකත් හදලා bass තියෙන track එකක් දාලා subwoofer එකේ level eka අඩුම කරලා, ආපහු subwoofer එකේ bass එක අනික් speakers වල sound එකත් එක්ක ඇහෙන නොඇහෙන ගාණට level එක වැඩි කරලා, ඊට පස්සේ ඊට වඩා ටිකක් වැඩි කරන්න කියලා තමයි කියන්නේ.
    ඊළඟට කියන්න යන්නේ ගොඩාක් වැදගත් වෙන subwoofer එකේ placement එක. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය subwoofer එක බිත්ති දෙකක් හමුවෙන මුල්ලක තමයි තියන්න කියලා කියන්නේ. මුල්ලක තිබ්බම output එක සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙනවා වගේම "boom" එකත් වැඩි වෙනවා ඔයා crossover eka 100-200hz අතරේ වගේ දීලා තියෙනවා nam. ඒත් 90hz වලට වඩා අඩු bass frequencies වලට boom එක ලොකුවට බලපාන්නේ නෑ. මොකද boom eka කියන්නේ 100-200hz වගේ frequency වැඩිපුර ඇහෙන්න ගන්නා එක. වඩාත්ම හොඳ ඔයාගේ front speakers තියලා තියෙන, ඒ කියන්නේ ඉස්සරහ බිත්තිය එක්ක sub එක තියෙන එක. subwoofer එක තියෙන හොඳම තැන හොයන්න ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි sub එක තමන් සාමාන්‍යයෙන් setup එක අහන වේලාවට ඉඳගන්න තැන, අපේ කන් දෙක level එකේ උසට තියල, bass හොඳට තියෙන track එකක් දාලා කාමරේ පුරා බඩගාලා, හොඳටම quality bass එක එන තැනින් තියෙන එක. Sub එකේ port එක හරි speaker එක හරි බිත්තිය පැත්තට හැරෙව්වාමත් boom එක වැඩි වෙනවා. ඒක හින්දා ඒ දේ ගැනත් සැළකිලිමත් වෙන්න.
    තවත් දෙයක් තමයි අපි subwoofer එකේ crossover එක 90hz වලට අඩුවෙන් select කරොත් bass eka එන්නේ කොතැනින්ද කියලා හොයාගන්න බෑ.එතකොට අපිට බේස් එකත් අනික් speakers වලින්ම එනවා වාගේ තමයි තේරෙන්නේ. ඒත් අපි පොඩි satellites පාවිච්චි කරනවා නම් crossover eka අනිවාර්යයෙන් ඊට වඩා වැඩි කරන්න ඕනෑ. එතකොට ඉතින් subwoofer eka කොහෙද තියෙන්නේ කියන එක තේරෙනවා. ඒක නොදැනෙන්න ඕනෑම නම් ඉතිං මුල්ලක නැතුව මැදින් තියන්න, center speaker එක කිට්ටුව වගේ. හැබැයි output එක ටිකක් අඩුවෙනව.


    Subwoofer එකක් ගන්න වේලාවකට 8inch හෝ ඊට වැඩි driver එකක් තියෙන sub එකක් ගන්න එක වඩා හොඳයි. මොකද හරි subwoofer එකක woofer එකක් අඩුම තරමේ 8 inch වත් වෙන්න ඕනෑ. ඊට පස්සේ ඒකෙ frequency response එක බලන්න. අවම වශයෙන් 35hz response එකකට යන්න පුළුවන් නම් ඉතින් shape. හැබැයි floorstanders තියෙනවා නම් අවම 25hz වත් response එකකට යන්න පුළුවන් sub එකක් ගන්න, sub එකක් අවශ්‍යමයි කියලා හිතෙනවා නම්ම. ගන්න sub එක හොඳ brand එකකින් ගත්තොත් quality එකත් වැඩි, කල් පැවැත්මක් වැඩි. ඒ වගේම ගන්න කලින් internet එකේ customers' review කියවලා sub එකේ quality එක වගේම කල්පැවැත්ම ගැනත් බලන්න. මොකද JBL වල එහෙම සමහර models කීපයක් තියෙනවා subwoofer එකේ amp එක ඉක්මනින් අවුල් යන . අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ගන්නවානම් හොඳ active subwoofer එකක් ගන්න කියන එක තමයි ඉතින්
    😅
    .
    ඉතින් subwoofer එකක් ගැන වගේම crossover එක adjust කරන විදිය ගැන සරලව, කෙටියෙන් ඒත් අවශ්‍ය ගොඩක් දේවල් කීවා කියලා මම හිතනවා. වැරදි තියෙනවා නම් නිවැරැදි කරන්න