Suicide Squad එකට මොකද උනේ? ලංකාවේ තහනම් කරලද?

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
Suicide Squad එකට මොකද උනේ? ලංකාවේ තහනම් කරලද?

Suicide Squad චිත්‍රපටය ලංකාවේ තහනමකට ලක්වෙලා කියල ආරංචිය පහුගිය දවස්වල ලැවු ගින්නක් වගේ පැතිරිලා ගියා. ඒත් එක්කම මේ ෆිල්ම් එක බලන්න පුල පුලා බලා සිටි ෆෑන්ස්ලගෙ ඔලු අවුල් වෙන්න පටන් ගත්තා… මේ වෙද්දි මේ චිත්‍රපටය ලංකාවේ තිරගත නොවීම පිළිබඳ තවත් කතා පැතිරෙන්න පටන් අරගෙන. ඒ කතා මේ කතා අස්සෙ තවත් සමහරු අහනවා මොකක්ද යකෝ මේ Suicide Squad කියන්නෙ? කියලත්, ඒ ගැන දන්නෙ නැත්තෙ මම විතරද? කියලත්.



1. ඇත්තටම මොකක්ද මේ Suicide Squad එක


Suicidesquad-01.jpg



භයානක අපරාධකාරයො හැටියට දඬුවම් විඳින සුපිරි දුෂ්ටයො සෙට් එකකට අමෙරිකා එක්සත් ජනපද රජය වෙනුවෙන් භයානක මෙහෙයුමක නිරත වන්න සිදුවෙනවා… නම් වශයෙන් කියනවනම් හාලි ක්වින්, ඩෙඩ් ෂොට්, එල් ඩියාබ්ලො, බූමරෑන්ග්, කිලර් ක්‍රොක් සහ ස්ලිප් නොට් වගේ DC කොමික්ලගෙ සුපිරි හැකියාවන්ගෙන් යුත් දුෂ්ටයො සෙට් එකකිකින් තමයි මේ කණ්ඩායම හැදෙන්නෙ. මෙයාලව යොදවන මෙහෙයුම අතරතුර මේ අය ඒකෙන් පිට පනින එක වළක්වන්න මෙයාලගෙ ශරීරයට බෝම්බ සවි කරලයි තියෙන්නෙ.මේ භයානක මෙහෙයුම සාර්ථක වීම මත මේ අයගෙ ජීවිත රැඳිල තියෙන නිසා තමයි මොවුන් Suicide Squad නමින් හැඳින්වෙන්නෙ.



2. ෆිල්ම් එක ගැන


Suicidesquad-02.gif



මාවල් එක්ක සටනේදී DCල ඉදිරිපත් කරන තුන්වැනි චිත්‍රපටය තමයි මේ Suicide Squad චිත්‍රපටය. මේක සුපර්හීරෝ චිත්‍රපටයක් උනාට මෙහි කතාව දිගහැරෙන්නේ සුපර්විලන්ස්ලා එහෙමත් නැත්නම් දුෂ්ටයෝ ප්‍රධාන කොටගෙන වීම විශේෂයි. මීට කලින් Batman: Assault on Arkham සහ Arrow හරහා මේ Suicide Squad එක කළඑලි බැහැලා තිබ්බත් චිත්‍රපටයකින් වැඩ පෙන්වන පළවෙනි අවස්ථාවයි මේ.

ඩේවිඩ් අයර්ගේ අධ්‍යක්ෂණයක් වන Suicide Squad චිත්‍රපටයට ජැරඩ් ලෙටෝ, විල් ස්මිත්, මාගෝ රොබී ආදී ජනප්‍රිය නලු නිළි පිරිසක් ප්‍රධාන චරිත රඟදක්වමින් එකතු උනා.



3. ප්‍රේක්ෂක ප්‍රතිචාර‍

බලල නැත්නම් බලන්නකො, පට්ටම ට්‍රේලරයක් ඒක.



දුෂ්ටයො, එහෙමත් නැත්නම් “Bad Guys”ලට කවුද අකමැති නේද? ඒ නිසාම මේ නරක පොරවල්ගෙ පිස්සු හැදෙන වැඩ කෑලි එක්ක එන මේ චිත්‍රපටය තිරගත වෙන තුරු ප්‍රේක්ෂකයො දැඩි නොඉවසිල්ලකින් තමයි හිටියෙ. “We are bad guys, it’s what we do” කියන හාලි ක්වින්ගෙ වැඩ වගේම වෙනස්ම විදිහකට ජෝකර්ව අපිට ගෙන එන ජරෙඩ් ලෙටෝගෙ රංගනය බලාගන්නත් කට්ටිය ඇඟිලි ගැන ගැන හිටියෙ. මේ හැම දෙයක් ගැනම අපේ බලාපොරොත්තු ඉහල නංවපු Suicide Squad එකේ පළමු ට්‍රේලරය මේ නොඉවසිල්ල දෙගුණ තෙගුණ කරල ෆෑන්ස්ලව පිස්සු වැට්ටුව කිවුවොත් අපි හරි.

සිංහල version එක ඊටත් හපන්! 😜 🇱🇰






4. චාරෙකට නැති විචාරක ප්‍රතිචාර


Suicidesquad-03.jpg



ෆෑන්ස්ල කුල්මත් වෙලා හිටියට මොකද චිත්‍රපට විචාරකයො නම් මේ චිත්‍රපටය හොඳටම පතුරු ගැහුව. ජනප්‍රියම සිනමා වෙබ් අඩවියක් වන රොටන් ටුමාටෝස්ල මේක රේට් කරල තිබ්බෙ 26%ක් වගේ ඉතා අඩු අගයකින්. ලොකු ලොකු නම් තිබ්බට බෝරිංය, ට්‍රේලර් වලින් පෙන්නපු තරම් දෙයක් කතාව ඇතුලෙ නැතිය වගේ ගොඩක් දොස් නැගුන මේ චිත්‍රපටය ගැන.

Method acting අනුගමනය කරල ජැරඩ් ලෙටෝ පණගන්වපු ජෝකර් චරිතයට ෆිල්ම් එකේ දීල තිබ්බ තැන, නරක වැඩ කරන නරක සෙට් එකක් උනාට ඒ අය එච්චරම නරක වැඩ වල නිරත නොවීම, චරිත ගොඩක් තියන නිසා චරිතවලට හරියට ගොඩනැගෙන්න තරම් චිත්‍රපටයේ ධාවන කාලය මදිකම වගේ තවත් වැරදි ගොඩක් මතු කරන්න විචාරකයො සමත් උනා.

සමස්තයක් හැටියට ගත්තොත් “නරකම නරකයි” විචාර සහ “හොඳත් නෑ නරකමත් නෑ” වගේ පතෝල විචාර මිසක් හොඳක් නම් ඒ හැටි අහගත්තෙම නැති ෆිල්ම් එකක්.



5. ෆෑන්ස්ලත් නිකං හිටියෙ නෑ


Suicidesquad-04.gif



විචාරකයො රැයක් දවාලක් නැතිව චිත්‍රපටය පතුරු ගහද්දි එනපාට හොඳ නෑ කියල ෆෑන්ස්ලටත් තේරුණා. ඒ අයත් විචාරකයන්ට එරෙහිව ගල් මුගුරු අතට ගන්න පටන් ගත්තේ ඔය වෙලාවෙ. DC වට්ටවන්න Marvelලගෙ සල්ලිවලට යටවෙලා විචාරකයො වැරදි විචාර දුන්නා කියන එක ඔවුන් නගපු බරපතල චෝදනාවක්. මීට අමතරව මේ චිත්‍රපටයට අඩු අගයක් දීපු රොටන් ටුමාටෝ සිනමා වෙබ් අඩවිය වසා දමන ලෙසටත් සමහරු විරෝධතාවය ප්‍රකාශ කරන්න ගත්තා.

මේ උණුසුම මැද තිරගත කරපු මුල් සති අන්තය වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 135ක වාර්තාගත ආදායමක් ලබන්නට Suicide Squad චිත්‍රපටය සමත් වුණා.



6. වරද කාගෙද?


Suicidesquad-05.jpg



විචාරකයොන්ට දොස් කියමින් ගිහින් චිත්‍රපටය බලපු සමහර ෆෑන්ස්ලට උනත් චිත්‍රපටය එතරම්ම අල්ලපු නැති ගතියක් පෙනෙන්න තිබ්බා. චිත්‍රපටය හිතපු තරම් ගතියක් නෑ කියල කියවෙන්න පටන් ගනිද්දි චිත්‍රපටයට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් හැටියට එළියට ආපු තව විශේෂ කාරණයක් ගැන කාගෙත් අවධානය යොමුවෙන්න පටන් ගත්තා.

ඒ තමයි චිත්‍රපටයේ රචකයා සහ අධ්‍යක්ෂවරයා වන ඩේවිඩ් අයර් සහ වෝනර් බ්‍රද්ර්ස් චිත්‍රාගාරය අතර තිබුණායැයි කියන මත ගැටීම්. මේ නිසා බොහෝ දර්ශන නැවත රූගත කිරීමටත්, අධ්‍යක්ෂකවරයා නිමකරපු “ඇල්මැරිච්ච” චිත්‍රපටය වෙනුවට වෝනර් චිත්‍රාගාරයට අවශ්‍ය විදිහට නිමකරපු “හැපනිං” පිටපතක් අවසන් චිත්‍රපටය ලෙසට එළියට ආපු බවක් තමයි කියවුනේ. චිත්‍රපටය පරික්ෂා කර බලන්න යොදවපු ප්‍රේක්ෂකයොත් අධ්‍යක්ෂකවරයාගේ වර්ෂන් එකට වඩා දෙවැනිව වැඩිදියුණු කල චිත්‍රපටයට වැඩි කැමැත්තක් දැක්වූ බවට ආරංචි පැතිරුණා.

කොහොම වෙතත් අධ්‍යක්ෂකවරයානම් කියන්නෙ දැන් පෙන්වන චිත්‍රපටය එයාගෙ වර්ෂන් එකමයි කියලයි.



7. හරි දැන් එමු අපේ රටට


Suicidesquad-06.jpg



තහනම ගැන මුලින්ම පැතිරිලා ගිය කතාව තමයි මෙහි එන “Suicide” වචනය නිසා චිත්‍රපටය වාරණයට ලක්උනා කියන එක (මරාගෙන මැරෙන කොටි බෝම්බ කරුවන් සම්බන්ධ අමිහිරි අතීතය අමතක නැහැ නේද?). ඊට පස්සෙ තවත් සමහරු මෙහි එන ලිංගික දර්ශන ගැන කියන්න පටන් ගත්තා. 12 වැනිදා සිට චිත්‍රපටය ප්‍රදර්ශනය කරන බවට දන්වා තිබූ EAP ආයතනයේ වෙබ් අඩවියෙන් ඒ තොරතුරු ඉවත් කරගෙන ඇති බවටත් රසිකයෝ දොස් නගන්න ගත්තා.

මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුද හෙට්ටි මහතා ප්‍රකාශ කර සිටියේ Suicide Squad තහනම් කල බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් බවයි. චිත්‍රපටය ඔවුන් විසින් තහනමට ලක්කර නොමැති බව පවසන ඒ මහතා මේ චිත්‍රපටය තවම ප්‍රද්ර්ශනය පිණිස ලංකාවට ගෙනැවිත් නැති බවත් තවදුරටත් පවසනවා.

ශ්‍රී ලංකාවට විදෙස් චිත්‍රපට ගෙන එන සිලෝන් තියටර්ස් සමාගම විසිනුත් මේ චිත්‍රපටය මෙරටට ගෙන්වන්නේ නැති බවට ඒ ගැන විමසූ ප්‍රේක්ෂකයන්ට පැවසූ බව අපට දැනගන්නට ලැබුණා.



කතාව තාම ඉවර නෑ…



Suicidesquad-07.gif


මේ වෙද්දි හුඟක් ෆෑන්ස්ලා චිත්‍රපටය බලන්න වෙන්නේ නැති බවට හිත හදාගනිමින් ඉන්නෙ. මේ වන විට EAP Films සමාගම ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. ඔවුන් කියන්නේ ඔවුන්ට චිත්‍රපටය බෙදාහරින විදෙස් සමාගම එය ලබා නොදෙන්න තීරණය කරල ඇති බවක්. කෙසේ වෙතත් මේ දේවල් චිත්‍රපටය තහනම් කිරීම වසා දැමීම සඳහා ගොතන ලද වෙනත් කතන්දර බව සමහර සිනමාලෝලීන්ගේ මතයක්.

වරක් රැගුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාම පැවසූ ආකාරයට ඔවුන් චිත්‍රපට කපනවා හෝ තහනම් කරනවා වෙනුවට චිත්‍රපට සඳහා වර්ගීකරණයක් ගෙන එන බවක් ප්‍රකාශ උනා. මෙවන් තත්ත්වයක් යටතේ මෙම චිත්‍රපටය රහසිගතවම වාරණය කර දැමුවේනම් එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.

කෙසේ වෙතත් මේ දහසකුත් එකක් කටකතා සහ උණුසුම් සිදුවීම් සියල්ල අවසානයේදී පරාජය වූයේ කලාව සහ රසිකයා බව පමණක් පැවසිය යුතුය…






සලකලා යන්න ,ඉස්සුවේ aniwa.lk එකෙන්..බලපු ආදරණිය යාලුවෝ ඔක්කොටම ස්තුතී !
 

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උඹ ෆිල්ම් බලන්නේ ආදර්ශ ගන්නද බන්...:confused:

    ow ban, nathuwa ena ena hama film ekama balanna giyoth wena wadak nathi wei, deyak ganna puluwan ekak baluwma hodai,

    Example- The Secret Life of Walter Mitty (2013) menna me wage patta inspirational movies thamai hoda. Anith ewa just time wasting.
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ow ban, nathuwa ena ena hama film ekama balanna giyoth wena wadak nathi wei, deyak ganna puluwan ekak baluwma hodai,

    Example- The Secret Life of Walter Mitty (2013) menna me wage patta inspirational movies thamai hoda. Anith ewa just time wasting.

    machan lankawe apita deyak ganna puluwan nam aniwa apita hindi film ekakin godak dewal ganna puluwan...man kiyanna sharuk khange gon athal,salman kange gon athalui nemai..samahara story movies tiyanawa hindi ewa..ewa ape jiwitheta ganna puluwan godak dewal tiyanawa... Udta Punjab kiyala lagadi ekak awa eka balanna..lankaweth wenne okama thama drug addict ayata..... lankawe promote kerenna ganja..specially"jaya sri,Fill T,Rapers" thama...:yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    ow ban, nathuwa ena ena hama film ekama balanna giyoth wena wadak nathi wei, deyak ganna puluwan ekak baluwma hodai,

    Example- The Secret Life of Walter Mitty (2013) menna me wage patta inspirational movies thamai hoda. Anith ewa just time wasting.

    එල එල...:)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මරේ මරු,
    අර සිංහල ට්‍රේලර් එකනම් එලම තම:D:D

    ":රක්තපාත අයියා මොනවද බොන්නේ:love::love:"

    ":ජලය :dull::dull:"

    ":මෙන්න හොඳ කොල්ලෙක් :rofl::rofl:"

    පට්ට දෙබස:D:D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    මොන මගුලක්ද බන් චාටර්නේ.. දැන් ලංකාව Middle East වලට වඩා අන්තයි වගේනේ.. යකෝ මේක Suicide Squad ඩුබායි වල රිලීස් කරා ගිය සතියේ.. Red Carpet ඉවේන්ට් එකට විල් ස්මිත් කාරයාව ගෙන්නුවා.. නොදකින් ඒ අතින් අපේ ලංකාව කොහෙද බන් ඉන්නේ? හැමදාම ගොන්ජගේ ෆිල්ම් විතරක් බලන්න කියලද කියන්නේ :angry:

     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    aparade daapu thread eka oka thahanam nAhA.
    warner bro DC comics lankaawe pennanna rights thiyena subcriber kenek nAhA.