| Sulagin Biththi Thanu |

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    lyricssulaginbitthi.jpg


    සුළගින් බිත්ති තැනූ . . .
    සුවදින් පිරියම් වූ . . .
    මාළිගයකි මගෙ හද දොරගුලු නැති
    පිරී ති‍යේ තදබද වී ආදරේ . . .

    අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
    සැමරුම් මේ කුළු අතර නිරන්තර
    නිදහස ඇත කාටත් පිවිසෙන්නට
    ඉන්න එපා එලිපත්තේ ආදරේ . . .

    මුවවිට තෙක් එය ඔබෙන් පිරී ඇත
    එනමුදු හැම විට පුංචි ඉඩක් ඇත
    තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
    දොරක් වැසී දොරක් හැරේ ආදරේ ...

    හඩ : අනුලා බුලත්සිංහල
    පද : ලූෂන් බුලත්සිංහල
    නද : ලූෂන් බුලත්සිංහල

    ලූෂන් බුලත්සිංහලගේ "තාරාවෝ ඉඟිලෙති" වේදිකා නාට්‍යයේ ගීතයකි...

    වචන ටික කියවලා බලන්නකෝ... මේ කෙල්ල මාර කතාවක් කියන්නේ...

    අහලා බලන්න ඕනේ නම් මෙන්න ලින්ක් එක...​

    " සුළඟින් බිත්ති තැනූ - අනුලා බුලත්සිංහල "


    මේ වගේ ලිරික්ස් තව තියෙනවා. වෙලා තියෙන වෙලාවක මෙතනට ගිහින් බලන්න.


    lyricsa.jpg