Super Amoled vs IPS Display Compare

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මාගේ පලවෙනි පොස්ටුව මේක බව මුලින්ම කියන්න ඕනි.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා IPS and Amoled Display වලින් හොද මොකක්ද කියන එක?

    IPS Display -In-plane switching Display
    Amoled Display - Active-matrix organic light-emitting diode Display


    මේවයේ වාසි හා ආවාසි

    1. Colors


    IPS Display එකකට සාපේක්ෂව Amoled Display එකකින් ෆොටෝ එකක් හරි Video එකක් හරි බලනකොට Amoled Display එකෙන් ඉතාමත් වර්ණවත් ව එක බලාගන්න පුළුවන්. ඇස් වලට ඉතාමත් ආකර්ශනීය වන ලෙස රූප පෙන්විමිමට Amoled Display සමත් වෙනවා..


    maxresdefault_400.jpg

    (ඕනි දේ විතරක් බලපං :lol:)

    2. Battery Usage එක

    IPS Display එකකට වඩා අඩුවෙන් තමා Amoled Display එකක Battery එක use වෙන්නේ. ඒ කියන්නේ Amoled Display තියෙන Phone එකක් IPS Display තියෙන Phone එකකට සාපේක්ෂව වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්.මේකට හේතු වෙන්නේ Amoled Display එකේ තියෙන විශේෂ ගුණාංගයක්. සාමාන්‍යයෙන් IPS Diplay එකක කළු වර්ණයෙන් යුතු චායරුපයක් බලනවා යයි සිතන්න. එවිට ඒ Display එක ආදාල pixel වල කළු වර්ණය පෙන්වයි. ඒ සදහා ද Battery එකෙන් යම් ප්‍රමාණයක් බාවිතා වේ.නමුත් Amoled Display එකකින් අදාළ රූපය නරබන විට කලුන් වර්ණය පෙන්වීමට අවශ්‍ය තැන් වල Pixel එක Off කර දමයි. මේ නිසා Battery එක Save කරගත හැකි වේ.


    3. Brightness And Contrast

    මෙයින්ද Amoled පෙරමුණේ සිටියි.. හොදම උදාහරණය වන්නේ ඉර අව්ව ඇති විටදී IPS Display එකකට වඩා හොදින් Amoled Display එකෙන් රූප දැකගත හැකි වේ.

    4. Viewing angles

    Viewing angles මගින් සසදා බලන්නේ අපි Display එක කෙලින් බලන් නැතිව එක එක පැති වලින් බැලීමේදී Display එක පෙනෙන ආකාරයයි.

    Samsung-Galaxy-Note-3-vs-Galaxy-S4-viewing-angles-AA.jpg


    මෙහිදීද Amoled Display වල ඉතා හොදින් රුප බලාගත හැකි වේ. IPS වලදී සමහර අවසථා වලිදී Display එක ඇල කර බලන විට Colors හොදින් නොපෙනීම වැනි අවාසි සිදු වෙනවා.

    5. True colors(Natural colors)

    True Colors කියන්නේ නිවැරදි වර්ණ එනම් යම් රුඋපයක හෝ Video දසුනක නිවැරදි වර්න්යනන් පෙන්වීමයි. Amoled Display වලට වඩා IPS Display වලදී වඩා නිවැරදි වර්ණයන් බලාගන්න හැකියාව තියෙනවා. ඇත්තෙන්ම කිවොත් Amoled Display එකක් කරන්නේ බොරු මවා පෑමක්. ඒ කියන්නේ වර්ණවත් බවෙන් අඩු චායරුපයක් උනත් ඇසට ආකර්ශනීය ලෙස වර්ණවත්ව Amoled Display එකක් මගින් පෙන්වයි.
    නමුත් IPS එකක් මගින් එසේ නොවී නිවැරදි වර්නයන්ගෙන්ම බලාගන්න පුළුවන්.


    6. මිල

    Amoled Display එකක මිල අධිකය. IPS Display එකක මිල තරමක් අඩු වේ.



    මේකෙන් පේනවනේ ගොඩක් වාසි Amoled Display එකක තියෙන බව. ඉතින් දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් කාට හරි Apple වගේ ඉතාමත් හොද Company එකක් ඇයි මේ Amoled Display නැතුව IPS Display එකක් බාවිතා කරන්නේ කියල?

    එකට හේතුව මෙන්න මේකයි. මන් කලින් කීවානේ Natural Colors ගැන. අපි IPS Display එකක් තියෙන Phone එකකින් චායාරුපයක් ගත්තා යැයි සිතන්න. එම චායාරුපයම Amoled Display එකක් සහිත Phone එකකින් අරගෙන බලන විට IPS Display එකකට වඩා ඉතාමත් අලංකාරවත් බවක් පෙනෙයි. වැඩිපුර වර්ණවත් බවක් පෙනී යයි. ඔන්න ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිත් ඔය ෆෝන් 2න ම ගත්තු චායරුප පරිගණකය දාල බැලුව විට එක සාමනව වගේ වැඩි වෙනසක් දක්නට නොලැබේ. අර Amoled Display එකේ ඉතාමත් වර්ණවත්ව පෙන්නපු රුඋපය පරිගණකයට දාපු විට එම වර්ණවත් බව නැති වී ගොස් ය.

    ඒ කියන්නේ Amoled Display එක colors වැඩි කර අපිට photo එක පෙන්වීමක් කර තිබේ. මෙය Photographers ලට ඉතාමත් අවාසිය. මන්ද නිවැරදි වර්ණයන් නොපෙන්වීම නිසා නිවැරදිව තියුණු චායරුප ගැනීමට අපහසු වේ.
    මේ නිසා Apple Iphone වලට IPS යොදා ඇත්තේ Photographers ලට නිවැරදිව චායරුප ගැනීමට හැකි වන ලෙසය.

    ඒ වගේම ගොඩක් Phone වල Amoled Display නැති වීමට හේතු වන්නේ ඒවායේ මිල අදික බවයි.



    Note:- ගොඩක් අය Amoled Display සහිත ෆෝන් වලින් ඉතාමත් වර්ණවත් බැවින් පෙනෙන Photos Instagram, Facebook වැනි Social sites වලට Upload කරයි. එහෙත් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා එම වර්ණවත් බව පෙන්වන්නේ තවත් Amoled Display එකක් සහිත Phone එකක් use කරන කෙනෙක්ට විතරයි. අනිත් හැමෝටම එම වර්ණවත් බව පෙනෙන්නේ නැත.

    පොඩි පොඩි වැරදි ඇති. හදිස්සියට Type කලෙත් දෙයක් ඉගෙනගත්තන්ම් සලකල ගියාට කමක් නැ... :baffled::baffled::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ane manda a unta samsung wala colours ehema green and blue wadi Galaxy S3-S4 wala ehema. ewageth tibbe mey screenmai neda?
    ALuth ewage nam kohomada danne na..
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Thawath i phone anathayek..ay danne naa anith ham company ekakma amoled display walata yanne..uba oya kiyana colour wal case eka danta awurudu gaanakata kalin walangui ban...dan me 2017

    1. සහෝ දෙයක් දැක්ක පලියට ගොන් කතා කියන්න එපා. මම Iphone අනාතයෙක් නෙමේ. මට
    Iphone එකක් ඇත්තෙත් නැ.

    2. අනිත් හැම Company එකක්ම Amoled Display වලට යනවද? කියන්න පුලුවන්ද මට එහෙම Company ටිකක් මට දැනගන්නත් එක්ක? Samsung විතරයි හැම ෆෝන් එකටම වගේ Amoled Display දාන්නේ. අනිත් Company වල Phone 4,5 කට විතරයි Amoled use කරන්නේ. අනිත් සේරටවගේ වගේ IPS. (Ex-Sony,Huawei,Apple,HTC,LG)


    2. දැන් මේ 2017 ද? ඔය Colors අවුල නැ Galaxy S8 Iphone 7 වගේ Compare කරද්දී මොකද ඒවාට camera Display එහෙම ගොඩක් හොදයි. ඉතින් ඒවගෙන් ගන්න ෆොටෝ කොහොමත් Colorful. මන් කියන්නේ සාමන්‍ය Phone වලට. සරලවම කිවොත් Samsung Galaxy J7 එකෙයි GR 5 2017 වගේ Display Camera Photos සසදලා බලන්න පුළුවන්. :lol::lol:


    අනික කියන්න ඕනි මමත් Amoled display & IPS Display තියෙන Phone 2 ක් use කරලා බලලා අත්දැකීම් වලින්මයි ගොඩක් ඒවා දාල තියෙන්නේ.
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ane manda a unta samsung wala colours ehema green and blue wadi Galaxy S3-S4 wala ehema. ewageth tibbe mey screenmai neda?
    ALuth ewage nam kohomada danne na..

    එක තමා Colorful වැඩි කියල අදහස් කරේ.. ඔව් ඒවගෙත් තිබ්බේ Super amoled Display.