චිත්‍රපටයකින් ආදරණීය හැඟීම් ඉස්‌මතු කළ යුතුයි
අධ්‍යක්‌ෂ උදාර පල්ලියගුරුගේ
"සුපර් සික්‌ස්" දැවැන්ත මුදලක් වැය කර හැදූ චිත්‍රපටය මෙම 17 දා සිට කොල්ලුපිටිය ලිබර්ටි ඇතුළු ඊ. ඒ. පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවල තිරගත කෙරේ.
හැත්තෑව දශකයේ අපේ සිනමාවේ අසිරිය යළි ප්‍රේක්‌ෂකයාට විඳගැනීම අරමුණු කරගනිමින් "සුපර් සික්‌ස්" අධ්‍යක්‌ෂණය කළේ උදාර පල්ලියගුරුගේය. සිංහල සිනමාවේ ප්‍රගමනය හැම විටකම ප්‍රාර්ථනා කරන ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් "සුපර් සික්‌ස්" නිෂ්පාදනය කර ඇත.
උදාර පල්ලියගුරුගේ "සුපර් සික්‌ස්" ගැන සිනමා කලා සංග්‍රහය සමග මෙසේ සාකච්ඡා කළේය.
"සුපර් සික්‌ස්" ෆැන්ටසියක් කියා කිව්වොත්...?
ඔව්... සිනමාවම ෆැන්ටසියක්... භෞතික ලෝකයේ තියෙන දේ නොවෙයි සිනමාවෙන් පෙන්වන්නේ පාර භෞතික දෙයක්. රොමැන්ටිසම් එක්‌ක තමයි ෆැන්ටසිය හැදෙන්නේ ස්‌පිල්බර්ග්ගේ බැක් ටු ද µsයුචර් පවා ෆැන්ටසියක් බොලිවුඩය හැදෙන්නෙත් ෆැන්ටසිය තුළයි. "සුපර් සික්‌ස්" ෆැන්ටසියක් තමයි. අද වෙළෙඳ දැන්වීම් බලන අතර තුර තමයි පොඩ්ඩ පොඩ්ඩ ටෙලි නාට්‍යයක් බලන්න වෙලා තියෙන්නේ. ඉස්‌සර ටෙලි නාට්‍යය බලන ගමන් තමයි වෙළෙඳ දැන්වීම් දැක්‌කේ. එනිසා ප්‍රේක්‌ෂකයා සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නේ පුංචි තිරෙන් බලන්න බැරි දේ "සුපර් සික්‌ස්" කවදාවත් පුංචි තිරෙන් බලන්න බැහැ. හැත්තෑව දශකයේ ගාමිණී - මාලනී, විජය - මාලනීට ආශක්‌ත වූ ෆැන්ටසියක් තිබුණා. ඒ කාලේ ඉන්දියාවෙත් මේ ෆැන්ටසිය තිබුණා. අදත් අපේ තරුණ තරුණියන් ඉන්දියාවේ ෆැන්ටසිය දෙස බලාගෙන ඉන්නවා. අපිට කෝ අද ශ්‍රී ලාංකීය ෆැන්ටසියක් අපේ වීරයෝ බොලිවුඩයෙන් නැත්නම් හොලිවුඩයෙන් ඉම්පෝර්ට් කරපු අයයි. මම කරන්නේ අපේ ලංකාවේ නැතිවූ ෆැන්ටසි සිනමාව යළිත් හදන්න උත්සාහයක්... ෆැන්ටසියක් හදන්න බෑ තුට්‌ටු දෙකට... මම කටයුතු කරන්නේ වෙළෙඳ දැන්වීම් ක්‌ෂේත්‍රයේ. තත්ත්පර තිහේ වැඩේට අපි ලක්‌ෂ තිහ හතළිහ වියදම් කරනවා... එනිසා මට වුවමනා වුනා වෙළෙඳ දැන්වීම්වල තියෙන ගුණාත්මක බව සිනමාවට ගෙන එන්න.
"සුපර් සික්‌ස්" වැඩ පටන් ගත්තේ මීට වසර දෙකකට පමණ කලින්... තිරගත කිරීමට මෙතරම් පමා වූයේ ඇයි?
අපේ රටේ සිනමා මාෆියාවක් තියෙනවා. සුපර්සික්‌ස් නිෂ්පාදක සදේශ් කුමාර්... ඔහුගේ පියා රාජා සදේශ් කුමාර්... "තාත්තයි පුතයි", "බිරිඳ", "සිරිමලී" වැනි චිත්‍රපටවල නිෂ්පාදකයා. තිබෙන දැවැන්ත බව සහ වෙහෙසකරව කළ නිර්මාණයක් බව. ඒත් බොහෝ වියදම් දරා කළ බව කියන ඇතැම් චිත්‍රපටවල මෙහෙම නැහැ... අපිට වෙළෙඳ ප්‍රචාරක පිරිවැය නැතිව සුපර්සික්‌ස් සඳහා රුපියල් ලක්‌ෂ 990 ක් වැය වී තිබෙනවා.
මෙතරම් මුදලක් යොදවා චිත්‍රපටයට ලබාගත් ගුණාත්මක අංගයන් මොනවාද?
මට ඕනෑ වුණා රූපරාමුවල ගුණාත්මක බව.... ලස්‌සන. අපි කොඩැක් විෂන් නමැති ලොව තිබෙන හොඳම දළ සේයාපට භාවිතා කළා. ඇරි 435 දරණ සිනෙ කැමරාව යොදා ගත්තේ එය ගුණාත්මක කැමරාවක්. අල්ට්‍රා ප්‍රයිම් නමැති කාචය අපි පාවිච්චි කළා. ඒවා ගෙන්වා ගත්තේ ඉන්දියාවෙන්. හින්දි චිත්‍රපටවලත් පාවිච්චි කරන්නේ මේ කාචය නැත්නම් ලෙන්ස් එක. ගීතමය රූගත කිරීම්වලදී එවන් කැමරා දෙකක් යොදාගත්තා. සටන් ජවනිකාවලදී ඒ වගේ කැමරා තුනක් භාවිත කළා. අපි ඉන්දියාවේ, මැලේසියාවේ සහ අන්දමන් දූපත්වල රමණීය ස්‌ථානවලයි ගීත සහ සටන් ජවනිකා රූගත කළේ. මෙතෙක් ලංකාවේ අය පිටරට ගිහින් චිත්‍රපට කළේ වෘත්තිය ශිල්පීන් ලෙස නොවේ... නමුත් අපි තානාපතිවරුන් මගින් වෘත්තිය ශිල්පීන් ලෙස වීසා ලබාගෙන ඒ ඒ තැන්වලට ගොස් ගෙවීම් කරලයි රූගත කිරීම් කළේ. ඒ රටවල පොලිස් නිලධාරින් පවා අපට රූගත කිරීම්වලට සහාය ලබා දුන්නේ ඒ නිසයි. "ඇනා ඇන්ඩ් ද කිංග්" හොලිවුඩ් චිත්‍රපටය රූගත කළ ස්‌ථානය පවා අපට ලබා දුන්නා. ඒ වගේම ෂාරුක් ඛාන්ගේ බැක් අප් නර්තන කණ්‌ඩායම අපිත් නර්තන සඳහා යොදාගත්තා. එක ගීයක් අපි දවස් පහක් හයක් රූගත කළා. සටන් ජවනිකා අධ්‍යක්‌ෂණය කළේ ඉන්දියාවේ දැවැන්තම චිත්‍රපටයක් වූ රැජිනි කාන්ත්ගේ "රොබෝ" චිත්‍රපටයේ සහ අමිර් ඛාන්ගේ "ගජිනි" චිත්‍රපටයේ සටන් අධ්‍යක්‌ෂ පීටර් හේන්. අපේ රටේ සෑම චිත්‍රපටයක්‌ම රසායනාගාර කටයුතු සඳහා යන්නේ චෙන්නායිවලට. නමුත් අපි හින්දි චිත්‍රපටවල රසායනාගාර කටයුතු කරන බොලිවුඩ් රසායනාගාරයකට ගියා. හින්දි චිත්‍රපටවලට දෙන පහසුකම් ඔවුන් අපටත් ලබා දුන්නා. "සුපර් සික්‌ස්" නළු නිළියන් 160 ක් පමණ රඟපානවා. සුළු චරිතවලට පවා වෘත්තීය නළු නිළියෝ යොදා ගත්තේ. මේ තරම් වියදමක් "සුපර් සික්‌ස්" සඳහා වැයවුණේ ඔය කියාපු ගුණාත්මක අංගයන් වෙනුවෙන්.
"සුපර්සික්‌ස්" ඇතැම් ගීතමය ජවනිකා, රූපරාමු අනුව ශෘංගාරාත්මක පැත්තට වැඩි නැඹුරුවක් දක්‌වා ඇති බව පෙනෙනවා. චිත්‍රපටය තරුණ පරපුර වෙත ගෙනයාම සඳහා ඔබ හිතාමතා කළ දෙයක්‌ද මේ....?
මේ චිත්‍රපටයේ ඉන්නේ තරුණ තරුණියෝ... අවුරුදු පනහේ අයත් කොල්ලාට රඟපාන චිත්‍රපට අපි දකිනවානේ... ශෘංගාරාත්මක පැත්තට තමයි බර කළේ... සුපර් සික්‌ස් තුළින් ආදරණීය හැඟීම් දැනිය යුතුයි. නමුත් සුපර් සික්‌ස් පවුලේ සැමට එකට අසුන්ගෙන සංයමයෙන් සහ හිරිකිතයකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයක්. අද අපේ රටේ ලක්‌ෂ හැටක පිරිසක් චිත්‍රපට නරඹනවා. මේ පිරිස අතර නැවත නැවත බලන අයත් ඉන්නවා. ජනගහනයෙන් සියයට හැත්තෑ දෙකක්‌ම ශාලාවට ගිහින් චිත්‍රපට නරඹන්නේ නැහැ. මගේ වෑයම මේ සියයට හැත්තෑ දෙකත් සිනමා ශාලා වෙත ආකර්ශනය කර ගන්නයි.
කෝටි ගණන් වැය කර ඉහළ ගුණාත්මක බවින් යුක්‌ත චිත්‍රපට හැදුවත්. ඒවා ප්‍රදර්ශනය කිරීමට හොඳ සිනමා ශාලා නැත්නම් පලක් වේද?
ඒක තමයි ලොකුම ප්‍රශ්නය. කලාකරුවෝ දේශපාලන අතකොලු වෙලා. ප්‍රායෝගික දෙයක් කලාකරුවන් වෙනුවෙන් කරලා නැහැ. සිනමාව තමයි මේ කලාවේ මව. එහෙමනම් සිනමාව ගුණාත්මක වීම සඳහා හොඳ ශාලා තිබිය යුතුයි. ශාලා හිමියන්ට ණය මුදලක් දීලා හෝ මේ ගුණාත්මක බව සිනමා ශාලාවල ඇති කළ යුතුයි. එහෙත් එවැනි ක්‍රියාවක් කරලා නැහැ. අලුත් සිනමාශාලා හැදිය යුතුයි. සිනමාශාලා වැහෙනවා කියන්නේ සිනමාව වසා දැමීමයි. එතකොට ඉතින් කඩේ යන්නටත් කලාකරුවෙක් සොයාගන්න බැරි වේවි.
"සුපර් සික්‌ස්" ශ්‍රී ලංකාවේ පමණක් ප්‍රදර්ශනය කර වැයවූ මුදල සොයාගත හැකිද?
බැහැ.... කොහෙත්ම බෑ... පළමුවරට හින්දිවලින් දෙබස් කවන සිංහල චිත්‍රපටය බවට සුපර් සික්‌ස් වාර්තාගත වෙනවා.
හින්දියෙන් දෙබස් කැවූ "සුපර් සික්‌ස්" පිටපත් හතරක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තිරගත කරනවා. ඉන්දියාවේ සුපර් සික්‌ස් තිරගත කළ බවට සහතිකයක් අපට ලැබෙනවා. හින්දියෙන් දෙබස් කවා ඇති නිසා ලොව පුරා ඇති කේබල් රූපවාහිනි සේවාවල අපට මේ හින්දි "සුපර් සික්‌ස්" චිත්‍රපටය විකාශනය කළ හැකියි. ඉන් විශාල මුදලක් ලැබෙනවා. අනෙක සුපර් සික්‌ස් කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන වෙළෙඳපොළ දෙකටමයි.
ඔබේ මීළඟ නිර්මාණය මීට වඩා දැවැන්ත වැඩක් විය යුතුයි. ඒ අභියෝගයට සූදානම්ද?
ඔව්... සූදානම්... "සුපර් සික්‌ස්" ගුණාත්මක බව නිසාම ශ්‍රී ලාංකිකයකුට මෙතෙක් නොලද අවස්‌ථාවක් මට හිමි වුණා. ඉන්දියානු සමාගමක් ආරාධනා කළා හින්දි චිත්‍රපටයක් අධ්‍යක්‌ෂණය කරන්න. එහි රූගත කිරීම් ශ්‍රී ලංකාවේත් සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ තිරගත වෙන්නෙත් ඒ චිත්‍රපටයේ හින්දි පිටපත. රඟපාන්නේ ඉන්දීය ශිල්පීන්.... ශ්‍රී ලාංකිකයකු හින්දි චිත්‍රපටයක් අධ්‍යක්‌ෂණය කරන පළමු අවස්‌ථාව. ලෝකය පුරා මේ චිත්‍රපටයේ පිටපත් තුන්දහසක් හාරදහසක් අතර ප්‍රමාණයක් බෙදා හරිනවා.
සිංහල චිත්‍රපටයක්...?
අදහසක් තිබෙනවා. ඒත් සිනමාවට පිවිසි අධ්‍යක්‌ෂවරයකුට, නිෂ්පාදකවරයකුට දුක නොදී ගරුකරන කාලයක් උදා වුණොත් එදාට යළි සිංහල චිත්‍රපටයක් කරනවා.
ඔබ කතා කරන්නේ කලකිරීමකින් යුතුවද?
ඔව්... දැවැන්ත කලකිරීමක් තියෙනවා. මම හිතනවා සුපර් සික්‌ස් වැනි චිත්‍රපටයක් ආයෙත් හැදෙන්න අවුරුදු දහයක් විතර ගත වේවි.... හැත්තෑවෙන් පසුව මෙවැනි චිත්‍රපටයක් හැදුනේ නැහැ.
"සුපර් සික්‌ස්" සඳහා දායක වූවන් ගැන සෑහීමකට පත් වෙනවාද?
ඔව්... සීයට සීයක්‌ම නොවේ සීයට දාහක්‌ම... නළු නිළියන් සහ සෙසු ශිල්පීන් සියල්ලම ගැන තෘප්තිමත්. කැමරා ශිල්පියා රුවන් කොස්‌තා සමග මම වැඩ කරන්නේ අවුරුදු දහයක ඉඳලා නිෂ්පාදක සදේශ් කුමාර් සහ ශ්‍රීමතී ස්‌දේශ් කුමාර් දෙපළටත් විශේෂයෙන් ස්‌තුති කරනවා. මේ වගේ දැවැන්ත වැඩක් කරමින් ඔවුන් දෙදෙනා අපේ සිනමාව වෙනුවෙන් දැක්‌වූ දායකත්වය අගය කළ යුතුයි. ප්‍රසන්න විතානගේ, විමුක්‌ති ජයසුන්දර වැනි අය අපේ කලාත්මක සිනමාවේ ගුණාත්මක බව ලොවට ගෙන ගියා... මේ ගුණාත්මක බව ඉන්දියාවේත් නෑ... ඒත් අපේ අයට එවන් ගුණාත්මක බවක් වාණිජ සිනමාව තුළ ඇතිකරන්න බැරිවුණා. එතැනට යන්න තමයි මම මේ උත්සාහ කරන්නේ.
කලාව තුළ ඔබේ අත්දැකීම්...?
මම මීට කලින් රිපබ්ලික් නමින් කලාත්මක චිත්‍රපටයක් කළා. "සුපර් සික්‌ස්"ට පසුව එය තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා. මම වෙළෙඳ දැන්වීම් ක්‌ෂේත්‍රයේ ඉන්නේ, සිරසෙත් වැඩ කළා... 1990 දී මගේ ගමන ඇරඹුවේ වේදිකාවෙන්... 2002 දී තමයි මාධ්‍ය ක්‌ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඉන්දියාවේදී සිනමාව ගැන හැදැරුවා. ඒ හැදැරීමෙන් අවුරුදු දහයක් ගතවූ පසුව තමයි චිත්‍රපටයක් කළේ. මම ටෙලි නාට්‍ය කරන්නේ නැහැ. රුපියල් කෝටි දාහක් දෙන්නම් කිව්වත් මම ටෙලි නාට්‍ය හදන්නේ නෑ... ඒකට හේතුව ඒ මගේ මාධ්‍ය නොවීමයි.