Support Sarth fonseka

Janka23

Member
Dec 20, 2009
988
29
0
Real corruption ~ Must see for all Sri Lankans!



Son in Law of Sarath Fonseka Party while ape kollo geting killed in the war:no::no::no::no:


 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    I think Sarath will be a Okay leader, all he wants is recognition as the president of Sri Lanka!, Mahinda in the other hand would run a dictatorship government, Buying ministers for money and employing all the Rajapakshes into the government, before Mahinda I hadnt heard of basil or anyone, now everyone are ministers, even in Chandrikas time I hadnt heard of her sons or anyone else other than her brother and mother having holding titles.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවට ඔන ඔය වගේ නායකයෙක් තමයි ... වැරැද්ද දුටු තැන දඩුවම් කරන්න පුලුවන් නායකයෙක්....හරියට එලාර තමන්ගේ පුතාට දඩුවම් කරා වගේ...
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    පූජ්‍ය දඹර අමිල හිමියෝ

    පූජ්ය දඹර අමිල හිමියෝ විශ්රාමික ජෙනරාල් තුමා හා සම්බන්ධ යම් සූත්රයක් පසුගිය දිනකදී ප්රකාශයට පත් කල සේක. එය මෙසේයි...

    සරත් පොන්සේකා = ලංකා මාතාව, නැතිනම්
    ලංකා මාතාව = සරත් පොන්සේකා.

    දඹර අමිල හිමියණි මෙහි සත්යතාවයක් ඇතැයි මටනම් නොතේරේ. ඔබ වහන්සේ ලංකා මාතාව ගැන කිසි දෙයක් දන්නේ නැත. එසේත් නැතිනම් ඔබ වහන්සේ විශ්රාමික ජෙනරාල් තුමා ගැන වැඩි යමක් දන්නේ නැත. කිසි දිනෙක ලංකා මාතාව තියා කිසිම මාතාවකු ස්ත්රී දූෂණයකයෙකුට සමාන කල නොහැක. ලංකා මාතාව අමානුෂික පාලකයෙකුට සමාන කල නොහැක. ලංකා මාතාව කිසිදිනෙක කුරිරු ස්වාමිපුරුෂයෙකුට සමාන කල නොහැක. ලංකා මාතාව කිසිදිනෙක අවි ජාවාරම් කරුවෙකුට සමාන කල නොහැක. ලංකා මාතාව කාමාතුරයෙකුට සමාන කිරීමටනම් කිසිසේක්ම නොහැක. බේබද්දකුට නම් ලංකා මාතාව කිසියම්ම අයුරකින් සමාන කල නොහැක. අමිල හිමිට කෙසේ හැකිවූවාදැයි මටනම් නොතේරේ... අමිල හිමියණි යම් හෙයකින් ඔබට මෙය කියවීමට ලැබුනොත් එසේත් නැත්නම් අමිල හිමිගේ ප්රකාශය පිළිගන්නා අයෙක් මෙය කියෙව්වොත් මට ප්රතිචාරයක් එවන්න.
     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    මොන සරත්ද පොර?


    විශ්‍රාමික අග විනිසුරු සරත් නන්ද සිල්වා පවසන්නේ උතුර සහ නැගෙනහිර පළාත් දෙක වෙන් කිරීම සඳහා තමන් ලබා දුන් තීන්දුව නිසා යුධ ජයග්‍රහණය ලබා ගත හැකිවූ බවයි. ඩේලි මිරර් පුවත්පතේ “Hot Seat” නම් සම්මුඛ සාකච්ඡාව සහභාගී වෙමින් ඔහු තව දුරටත් පවසන්නේ විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම ද තමන් හදුන්වාදුන් අදහසක් බවයි.
    නමුත් සරත් ෆොන්සේකා මේ දිනවල මැතිවරණ වේදිකාවල පවසන්නේ තමන් යුධ හමු‍දාවට අණ දුන් නිසා යුද්ධය ජයගත් බව මිස සරත් නන්දගේ පළාත් වෙන් කිරීමට ගත් තීන්දුව නිසා නොවන බවයි.
    තමන් පොර වීමට දැඩි කැමැත්තක් දක්වන මේ සරත්ලා දෙදෙනාම දැන් සිටින්නේ එකම පිලක වීමද විශේෂත්වයකි.
     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    ෆොන්සේකා සමාග‍මේ කෙරුවාව ගැන ළඟම හිතවතා හෙළිකරයි


    සරත් ෆොන්සේකා සහ ඔහුගේ බෑනා වන ධනුන තිලකරත්න තමන්ගේ අත්සන වංචනික ලෙස යොදා ගනිමින් යුධ හමුදාවට අවි ආයුධ සපයා ඇති බව ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ පදිංචි යුධ හමුදාවේ විශ්‍රාමික නිළධාරියෙකු වන කපිතාන් උපුල් ඉලංගන්ගේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
    සරත් ෆොන්සේකා පවුල තම පවුලේ ළඟම හිතවතුන් බවත් කුඩා කල පටන්ම ඔහුව ඇසුරු කල බැවින් තමන් සරත් ෆොන්සේකා ගැන සියළුදේ දන්නා බව පවසන උපුල් ඉලංගන්ගේ සරත් ෆොන්සේකා සහ ඔහුගේ පවුලට ඇමරිකානු පුරවැසිභාවය සඳහා “Green Card” ලබා ගැනීමටද උපකාරීවූයේ තමන් යැයි ද ඔහු පවසයි.
    මේ දිනවල වැඩි කතාබහට ලක් වී ඇති සරත් ෆොන්සේකාගේ සහ ඔහුගේ බෑනාගේ “Hicorp” නම් ආයුධ ගෙන්වන සමාගම පිළිබඳව අදහස් දක්වමින් පැවසූයේ මෙම සමාගම ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ සිදුකල සියළුම ගණුදෙනු එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා‍ගේ පූර්ණ අනුදැනුම යටතේ සිදු වූ බවයි. Hicorp සමාගම ඉදිරිපත්කර ඇති සියලුම ටෙන්ඩර් පත් අනුමත කර අදාල භාණ්ඩ අනිවාර්යෙන්ම එම සමාගමෙන් පමණක්ම මිළදී ගතයුතු බවට සරත් ෆෙන්සේකා ටෙන්ඩර් මණ්ඩලයේ මෙන්ම තාක්ෂණික කමිටුවේද වූ ‍ජේෂ්ඨ නිළධාරීන්ට නියෝගකර ඇතැම් නිළධාරීන්ට විවිධ බලපෑම්ද සිදුකල බව තමා හොඳින්ම දන්නා බවත් ඉලංගන්ගේ මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
    “මගේ අත්සන අනුදැනුමකින් තොරව ව්‍යාජ ලෙස Hicorp නැමැති සමාගමට අනුබද්ධිත ආයතනයක් ලියාපදිංචි කිරීමේදී තබා ඇතිබව මා දැනගත් බව වැටහීමෙන් පසුව ධනුන තිලකරත්න වහාම ක්‍රියාත්මක වී අදාල සමාගමේ අයිතිය ඔහුගේ මිත්‍රයෙකු වන රුවින්ද ගුණරත්නට පවරමින් සමාගම් ලියාපදිංචිය වෙනස් කිරීමේ අයදුම්පතක් ඔක්ලහෝමා රාජ්‍ය ලේකම් වෙත භාර දීල තියෙනවා. මගේ අත්සන විතරක් නෙමෙයි රුවින්ද ගුණරත්නගේ 2005 දී තබා ඇති අත්සනත් 2009 දී ලිය‍ාපදිංචිය වෙනස් කිරීම සඳහා තබා ඇති අත්සනත් වෙනස්. මෙතන ලොකු වංචාවල් ගොඩක් වෙලා තියෙනවා” වැඩි දුරටත් ඔහු වැවසීය.
    Hicorp සමාගමේ ලියාපදිංචියේ සිට එම සමාගම සිදුකල සියලුම ගණුදෙනු වලට අදාලව ලිපිගොණු තමන් සතුව පවතින බවත් ඔහුගේ ජීවිතයට හෝ දේපල වලට කිසියම් තර්ජනයක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම සරත් ෆොන්සේක‍ා මහතා භාරගතයුතු බවත් කපිතාන් උපුල් ඉලංගන්ගේ පැවසීය.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    my support is not for the person of SF. it is the policy he is promising. simple. try to eliminate corruption and establish good governance. other things will follow automatically.

    it is quite heartening to see the troubles SF takes in weathering the pressure of MR. All the best for the good cause.