Swim With Anaconda

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    යුරෝපයේ සිට දකුණු ඇමෙරිකාවට ගොස් බ්‍රසීලයේ ගංගාවක දැවැන්ත සර්පයකු සමඟ පිහිනයි!



    මේ කතාව ලෝකයේ විශාලතම සර්පයා සමග පිහිනන්න ගිය අභීත කිමිදුම්කරුවකු ගැනයි. එයා පසුගියදා ස්විට්සර්ලන්තයේ ඉඳලා උතුරු ඇමෙරිකා මහාද්වීපයට ගියා. ඒ ගියේ බ්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතටයි. දස දිනක සංචාරයක් සඳහා ඒ ගිය ගමනේදී තමයි ඔහු මේ භයානක අත්දැකීම ලැබුවේ.
    ඔහු මේ භයානක ගමන ගියේආත්මාරක්ෂාවට කිසිම අවියක් රැගෙන නෙවෙයි. ඔහු රැගෙන ගිය එකම අවිය කැමරාව විතරයි. ඔහු 53 හැවිරිදි ෆ්රැන්කෝ බැන්ෆි
    (Franco Banfi).

    ATT00076.jpg
    ATT00079.jpg


    Franco Banfi හොඳ කිමිදුම්කරුවෙක්, කැමරාශිල්පියෙක්. ඔහු සොයා ගියේ නම ඇහුනමත් බය හිතෙන සර්පයෙක්! ඒ තමයි ඇනකොන්ඩා (Anaconda)

    ATT00082.jpg



    ප්‍රහාරයකට ලෑස්තියි! අභීත කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි ඌට මේ විදියට ළං වුණේ දිය මතුපිටට හිස දමා ගොදුරක් සොයා විපරම් කළ අවස්ථාවේදියි.
    ඔයාලා දන්නවදඇනකොන්ඩාකියන වචනය සිංහලෙන් ඉංගිරිසි භාෂාවට එකතු වූ වචන කීපයකින් එකක් බව. ඒ බව Oxford English Dictionary හී දැක්වෙන්නේ මෙහෙමයි;
    Anaconda - (Origin alt. Latin anacondaia python, for Sinhalese Henakandaya whipsnake, perh. from hena lightning + kanda stem)
    එහි ගැබ්වූ සාමාන්‍ය අරුත; ලතින් බසින් පිඹුරාට යොදන නාමයෙන් බිඳී ආවකි. සමහර විට සිංහල බසින් හෙනකඳයා යන්නෙන් බිඳී ආවෙකැයි සැලකිය හැකිය
    .



    ඌ සිටියේ ජලය මතුපිටට අඟල් කීපයක් යටින් දරණ ගහගෙන ගොඩ උන්නු සතකුට කුරුමානම් අල්ලමින්. ඒත් ළඟටඑනකම්ම ඌ ඉන්න බව පෙනුනෙ නෑ. ඌ ඒ තරම්ම සීරුවෙන් නිසොල්මනේ හිටියේ.” ෆ්රැන්කෝ බැන්ෆි කියනවා.

    මේ පින්තූරවලින් පෙනෙන්නේ ඔහු ඒ දැවැන්ත සර්පයා, අඩි 26ක් (මිටර් 8ක්) දිග ඇනකොන්ඩා, දුටු අවස්ථාවයි. ගැඹුරු ජලයේ අඳුරු පෙදෙස්වල ඔහු කිමිදුනා මේ සතා සොයන්නට.

    ඔහුගේ මේ ගමනේදී ඔහුට තවත් ඇනකොන්ඩාවකු හමු වුනා. ඌ හිටිය ගං ඉවුර අසබඩ. දැඩි අව් රශ්මිය යට නිසොල්මනේ සිටියා. වාසනාවකට ඌ කැපිබාරාවකු ගිල දමා සිටි නිසා අනතුරක් නැතිව උගේ පින්තූර ගන්න හැකි වුනා.

    ඔහු දකුණු ඇමෙරිකාවේ හරි මැද පිහිටිමාටෝ ග්රොසෝ දෝ සුල්පළාතේ දස දිනක්තිස්සේ කළ සංචාරයේ දී ඇනකොන්ඩා ගැහැනු සතුන් හය දෙනකු විවිධ ස්ථානවලදී දුටුවා.

    ඒ පළාත ජෛවවිවිධත්වයට හා ස්වභාව සෞන්දර්යයට පරසිද්ධයි. ඒ නිසා වසරක් පාසා ලොව පුරා සංචාරකයන් දහස් ගණනක් එහි යනවා.

    ඒ පළාතට දී ඇති නමෙහි අරුතදකුණේ පිහිටි ඝන වනාන්තරයයන්නයි.

    මුලදි ඌට ළං වෙන්න බය හිතුනා. ඒ මොකද, ඌ ගැන මං හරියට දැන ගෙන හිටියෙ නෑ. හැමෝම කිව්වෙ ඌ හරිම භයානක සතෙක් කියලයි.” බැනාෆි කියනවා.

    පස්සෙ, මං තේරුම් ගත්තා ඌට බය හිතෙන්නෙ නැති වෙන්න හැසුරුනාම කරදරයක් කරන්නේ නෑ කියලා.”

    මං මේ වගේ සර්පයකුට මේ තරම් ළංවෙලා නෑ කවදාවත්. ඒත් මං හිතන්නේ පුංචි විසකුරු සර්පයකු තරම් භයානක නෑ, මේ වගේ ලොකු සර්පයෙක්. අඩුතරමින් ඇනකොන්ඩා අපේ ඇහැට හොඳට පේනවා. ඒ වගේ ම ඌ කරන්න යන දේත් අපට හොඳින් දැක ගත හැකියි.”
    ......................................................................

    මේ ඇනකොන්ඩා දියෙන් ගොඩට එබෙන්නේ ගොදුරක් සොයා ගෙනයි. ඒ මීයෙක්, මාළුවෙක්, කුරුල්ලෙක් විය හැකියි.


    ATT00085.jpg


    ...........................................................................................................

    අති දැවැන්තයි! දරණ ගැසී ඉන්නා මේ ඇනකොන්ඩා මීටර් 8ක් විතර දිගයි. ස්විස් ජාතික කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි මේ සතා ඡායාරූපයට නැඟුවේ බරසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතේ කළ දස දිනක සංචාරයක් තුළදීයි.

    ATT00088.jpg


    ........................................................................................................

    ළං වෙලා පින්තූර ගන්න හොඳම වෙලාව. මේ ගං ඉවුරට වෙලා ඉන්නේ ගොදුරක් ගිලලා දාලා. බැන්ෆිට ඕනෑකමක් තිබුණා නම් මේ යෝධ ඇනකොන්ඩා අතගාන්නත් පුළුවන් තරමට ළංවුණා.


    ATT00091.jpg


    ATT00094.jpg


    ..........................................................................................................

    Source : Email
    Sorry if Repost
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif


    පිස්සු හැදෙනවා මචෝ ,,,,
    ඒත් මේ සතා කියන තරම්ම දරුණු නැහැලු නේද.
    ඌට කරදරයක් කලොත් පමනයිලු පහරදෙන්නේ........
    ...+7...
     
    • Like
    Reactions: ABACUS

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ