Tablet_යන්ත්‍රය

signshop

Well-known member
  • May 30, 2011
    12,147
    8,811
    113
    Dubai
    Tablet යන්ත්‍රය වැඩ කරන්නේ මෙහෙමයි.
    මෙය ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය (Tyers Electric Train Tablet) ලෙසද හඳුන්වනු ලබයි.
    1874දී පුද්ගලයින් 21 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුරකින් පසු නැවත එවැන්නක් සිදු නොවීම පිණිස 'එඩ්වඩ් ටයර්' නම් ඉංජිනේරුවෙක් විසින් මහා බ්‍රිතාන්‍යයේදී මෙම ක්‍රමය නිර්මාණය කරන ලදි. මෙය ඉතා පැරණි ක්‍රමයක් වුවද ශ්‍රී ලංකාවේ තවමත් පාවිච්චියට ගැනෙන අතර, ආරක්ෂිතම සංඥා ක්‍රමය ලෙසද සැලකෙයි.

    තනි දුම්රිය මාර්ගයක ගමන් කරන දුම්රියකට එම මාර්ග කොටස ආරක්ෂිතද යන්න පිළිබඳ භෞතික සහතිකයක් ලබාදීම මෙම ක්‍රමයේ අරමුණයි. ටැබ්ලටයක් අතැතිව දුම්රියක් දුම්රිය මාර්ගයේ ගමන් ගනිද්දී කිසිම විටෙක අනෙක් පසින් දුම්රියක් පැමිණිමට ඉඩක් නැත.

    Tyre's_tablet_machine_SL.JPG

    ටැබ්ලට් යන්ත්‍රයක්

    ක්රියාකාරීත්වය
    A දුම්රිය ස්ථානය දෙසින් B දුම්රිය ස්ථානය කරා දුම්රියක් ගමන් කිරීමට සූදානමින් සිටනා විට, (දුම්රිය A වෙත ළගා වීමට පෙර මෙම ක්රියාකාරීත්වය ඇරඹිය යුතුය.)
    ඇරඹීම
    * යන්ත්ර දෙකම Closed (“වසා ඇති“) තත්ත්වයේ තිබිය යුතුයි.
    * A දුම්රිය ස්ථානාධිපති සිට B දුම්රිය ස්ථානාධිපතිට බෙල් සංඥාවක් යවා දුම්රියක් සඳහා මාර්ගය බාධාවකින් තොරදැයි විමසයි. (එනම් A හා B අතර දුම්රියක් හෝ වෙනත් බාධකයක් නැද්ද යන බව)
    * බාධා රහිත නම් B දුම්රිය ස්ථානාධිපති විසින් A දුම්රිය ස්ථානාධිපතිට ඒ බව බෙල් සංඥාවකින් දැනුම් දෙයි.
    * ඉන්පසු A දුම්රිය ස්ථානාධිපති විසින් බෙල් ප්ලන්ජරය (Bell plunger-දෙවැනි ඡායාරූපයේ ඉහළම කොටස බලන්න) තද කරගෙන සිටී.
    * එවිට B දුම්රිය ස්ථානාධිපති එක් අතකින් ස්විච් ප්ලන්ජරය (Switch plunger-දෙවැනි ඡායාරූපයේ ඉහළම කොටස බලන්න) ඔබාගෙන සිටින අතර අනිත් අතින් පහළ ඇති ටැබ්ලට් රඳවනය මඳක් එළියට අදිනු ලැබේ. මෙවිට යන්ත්රය "Train Approaching" (“දුම්රියක් ළඟාවෙයි“) යන්න පෙන්වයි.
    * ඉන්පසු B දුම්රිය ස්ථානාධිපති බෙල් ප්ලන්ජරය ඔබනු ලබයි.
    * එවිට A දුම්රිය ස්ථානාධිපති එක් අතකින් ස්විච් ප්ලන්ජරය ඔබාගෙන සිටින අතර අනිත් අතින් පහළ ඇති ටැබ්ලට් රඳවනය සම්පූර්ණයෙන්ම එළියට අදිනු ලැබේ. මෙවිට යන්ත්රය "Train On Line" (“දුම්රියක් මාර්ගයේ ඇත“) යන්න පෙන්වයි. මෙවිට ටැබ්ලටය එළියට එයි.
    * දැන් A දුම්රිය ස්ථානාධිපති ටැබ්ලටය B කරා යන දුම්රියේ රියදුරුට ලබාදෙයි.

    450px-Tablet_machine_SL.JPG

    ටැබ්ලට් යන්ත්‍රයේ එක් පසකට ගමනාගමනය සඳහා වෙන් වූ කොටස
    මෙහි ඉහළින්ම Bell හා Switch ප්ලන්ජරයන් (plunger) පිහිටා ඇත

    යන්ත්ර විසන්ධි කිරීම
    * දුම්රිය රියදුරා B දුම්රිය ස්ථානයට පැමිණි පසු ස්ථානාධිපතිට ටැබ්ලටය බාරදෙයි.
    * B දුම්රිය ස්ථානාධිපති යන්ත්රයේ ඉහළ කොටස එළියට ඇද ටැබ්ලටය එහි තැන්පත් කරනු ලබයි. ඉන් පසු ඉහළ සහ පහළ කොටස් දෙකම ඇතුළට යවයි. මෙවිට යන්ත්රය "Line Closed" “මාර්ගය වසා ඇත“ යන්න පෙන්වයි.
    * B දුම්රිය ස්ථානාධිපති බෙල් සංඥාවක් මගින් A හි ක්රියාකරුට, දුම්රිය අදාළ කොටසින් ඉවත්ව ගිය බව දැනුම් දෙයි.
    * A දුම්රිය ස්ථානාධිපති ස්විච් ප්ලන්ජරය ඔබා යන්ත්රයේ යට කොටස වසා දමනු ලබයි. මෙවිට යන්ත්රය "Line Closed" “මාර්ගය වසා ඇත“ යන්න පෙන්වයි.

    DSC_0531.jpg

    මීගොඩ-හෝමාගම section එකට අදාල ටැබ්ලටය

    DSC_0532.jpg

    මීගොඩ-පාදුක්ක section එකට අදාල ටැබ්ලටය

    භාවිතා වන ප්රදේශ
    * උඩරට මාර්ගයේ රඹුක්කනින් එපිට
    * කැළණි වැලි මාර්ගයේ මරදාන හා අවිස්සාවේල්ල අතර
    * උතුරු, ත්රි'මලේ, මඩකලපු මාර්ගවල පොල්ගහවෙලින් එපිට
    * පුත්තලම දුම්රිය මාර්ගයේ මීගමුවෙන් එපිට.

    Q & A
    Q: ටැබ්ලට් යන්ත්රයේ කොටස් මොනවාද?
    A: පහත රූපයේ නම් කර දක්වා ඇත.

    tablet.jpg


    Q: ප්ලන්ජරය යනු කුමක්ද?
    A: ඉහත රූපයේ Switch plunger හා Bell plunger යනුවෙන් නම් කර ඇති buttons, plungers නමින් හැඳින්වේ.

    Q: Tablet එක අනිත් පැත්තට යවන්නෙ කොහොමද?
    A: B දෙස සිට දුම්රියක් පැමිණෙන විට ඉහත ක්රමයම අනුගමනය කරමින් A වෙතට යන දුම්රියට tablet එක ලබා දීමෙන් නැවත tablet එක A වෙත යවනු ලැබේ.

    Q: A සිට B වෙත දුම්රියක් පිටත් වූ පසු නැවතත් A සිට B දක්වා දුම්රියක් යෑමට පැමිණියහොත් දීමට tablet එකක් නැහැ නේද?
    A: එකම ආකාරයේ tablet එකකට වඩා ඇත. :)

    Q: Tablet යන්ත්රයේ එක වගේ පැති දෙකක් තිබෙන්නෙ ඇයි?
    A: එක station එකක සිට දෙපැත්තට ඇති station දෙක සමඟ සන්නිවේදනය කිරීම සඳහා.

    Q: ඉහලින් ඈතුල් කරන ටබ්ලටය පහලින් එන්නෙ කෙසේද?
    A: ඉහළින් ඇතුල් කරන ටැබ්ලට් එක පහළට එන්න ඇතුලෙන් mechanism එකක් තියෙනව.

    Q: එක් එක් අවස්ථාවෙදී නාද කරන බෙල් ශබ්ද එකිනෙකට වෙනස්ද?
    A: එකිනෙකට වෙනස් බෙල් දෙකක් දෙපැත්තට තියෙනවනේ.

    Q: මෙම ක්රමය fail proof වන්නේ කෙසේද?
    A: එක ටැබ්ලටයක් එලියට ගත් පසු එය දෙකෙලවරින් කවර කෙළවරක හෝ ඇති යන්ත්රයකට නැවත බහාලන තුරු දෙකෙලවරින්ම තව එකක් එලියට ගත් නොහැකි නිසා. (Answered by Thurya Owitipana)

    Q: වැරදීමකින් හෝ වෙනත් මාර්ග කොටසකට අයත් ටැබ්ලටයක් යන්ත්රයට ඇතුළත් කළ හැකිද?
    A: බැහැ. ටැබ්ලටයේ කට්ට කපා ඇති අතර වැරදි එකක් දැමිය නොහැක




    මෙක මම කරපු එකක් නෙවේ. අපේ කොච්චිය බ්ලොග් එකෙන් ගත්තේ. රි පොස්ට් ද දන්නෙ නැ. එහෙමනම් සොරි වෙන්න ඔන.
    බැලුවෙ නැති කට්ටියට බලන්න බම්ප් එකක්වත් දාන්න. :yes:

    ගත්තෙ මෙතනින්..


    http://railwaysl.blogspot.ae/2012/10/how-tablet-machine-works.html

    M2c+627+at+NOA+bridge.jpg
     
    Last edited:

    w_sampath

    Junior member
  • Dec 17, 2006
    588
    12
    18
    U.A.E.
    ස්තුතියි , වැදගත් ලිපියක්‌ විස්තරේ හරියටම දැනගතේ අද තමා