Tamil ppl mechra dangalane eiii

cpasl123

Active member
  • Nov 19, 2008
    500
    62
    28
    උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අවශ්‍යතාවක්‌
    - උතුරු පළාත් අධ්‍යාපන ඇමති

    මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

    දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක්‌ වී තිබෙන බව උතුරු පළාත් අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා මහතා පැවසීය.

    උතුරේ තම අනාගත පරම්පරාව වෙනුවෙන් එම භූමිය ආරක්‍ෂා කළ යුතු බවත් එය කළ හැක්‌කේ වෙනම රාජ්‍යයක්‌ බිහිකර ගැනීමෙන් පමණක්‌ බවත් හෙතෙම කීය.

    මුලතිව් ප්‍රදේශයේ ඊයේ (11 දා) පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියක්‌ අමතා මේ බව සඳහන් කළ ටී. කුරකුල රාජා මහතා මෙසේද කීය.

    ඔබලා ජීවත්වන මෙම භූමිය විශාල පාරම්පරිකත්වයක්‌ සහිතව සකස්‌වී තිබෙනවා. මෙම භූමියේ අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් රාජ්‍යයක්‌ පිහිටුවීම අවශ්‍යයි. අපගේ සංකේත මෙහි විශාල වශයෙන් තිබෙනවා. ඒවා සොයාගෙන අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් අප ආරක්‍ෂා කළ යුතුයි.