Tax සින්දුව

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113



    බත කා ඉවරයි බලමින් උන්නොත්
    ටික කලකින් සිංහල හාලේ
    ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
    පන්නන්නට සැරසෙව් රාළේ...

    ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
    බලු කුක්කට මොන බදුද අනේ
    තනේ තිබෙන කිරි ටිකටත් බද්දක්
    ගෙවන්න වේවිද නුදුරු දිනේ...

    අනේ මගේ ළමයිනේ අඬන විට
    මොනවද නුඹලට මම දෙන්නේ
    වනේ සිටින දෙවියෝ අද ඇත්නම්
    සුද්දව හතරට පලනවනේ...

    ඇහැළ මහේ සිට නිදහස ඉල්ලන
    පිපී වැනී ගිය මල් පිපුනා
    කඩුවක කොපුවක ඉන්නට කල් නැත
    කන්දේ යුද ගිනි දැල් නැගුනා...

    සප්පායම් වී ජාතික ආලෙන්
    කොස් කොටනා කඩු මුව තියලා
    හප්පන්නේ කවදද පර සුද්දන්
    සිංහල පොළවේ කැති ගහලා...

    කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින්
    පෙරමුණකට රැස්වන සද්දේ
    කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ
    ටිකකට උතුරන තුරු හොද්දේ...

    සිංහල දරුවන් උඩ විසි කරලා
    අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
    පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
    මාර සෙනග මැද යම යුද්දේ...

    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
    අට ඉස්බෙක් විසිවී වැටුණා
    රණ බිම මරණය මියුරුය කියලා
    පුරන් අප්පු සටනට වැදුනා...

    TIN registration :-
    https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader

    Tax relief application :-https://www.ird.gov.lk/si/publications/Circulars_Circulars/SEC_2025_E_03_S.pdf


    මේක නිකං දැම්මෙ
     
    Last edited: