දෑන්වත් අවදිවන්න..!

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
දෑන්වත් අවදිවන්න..!

බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලෙකින් සිoහළ හාලේ..
ඉoග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
පන්නන්නට සෑරසෙව් රාළේ..

ගමේ ගෙදරකට සෙනෙහෙ පපා හිටි
බලු කුක්කට මොන බදුද අනේ..
තනේ තියන කිරි ටිකටත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ..,,,..

අනේ මගේ ළමයිනේ අඩන විට..
මොනවාද නුඹලට මම දෙන්නේ..
බණේ සිටින දෙවියෝ අද ඈත්නම්
සුද්දව හතරට පලනවනේ..

අහෑළ මහේ සිට නිදහස ඉල්ලන,
පිපී වෑනී ගිය මල් පිපුනා..
කඩුවක කොපුවක ඉන්නට කල් නෑත..
කන්දේ යුධ ගිණි දෑල් නෑගුණා..

සප්පායම් වී ජාතික අලෙන්
කොස් කොටනා කඩු මුව තියලා..
හප්පන්නේ කවදද පර සුද්දන්..
සිoහළ පොළොවේ කෑති ගහලා..

කන්දේ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රෑස් වෙන සද්දේ..
කකුළු ලෙසට සුද්දන් කෙළියාවේ..
ටිකකට උතුරන තුරු හොද්දේ..

සිoහළ දරුවන් උඩ විසි කරලා..
අමුණයි බයිනෙත්තුවේ ඉබ්බේ..
පුරන් අප්පු කන්දට වෑඩි දෙවියෙකි
මාර සෙනග මෑද යම යුද්දේ..

කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට ඉස්බෙග් විසි වී වෑටුණා..
රණබිම මරණය මියුරුය කියලා..
පුරන් අප්පු සටනටවෑටුණා...!


මෙක සුනිල් එදිරිසිoහ මහත්තයගෙ හඩින් අහෙනකොට
ඔනෑම සිoහළයෙක්ගේ මයිල් කෙලින් වෙනවා..
"මේ රට මගේ..මගේ අම්මා වගේ බොලව්..මයේ අම්මා මo වගේ තව පුත්තු පස් දෙනෙක් හෑදුවා නම් තොපිට මේ රටේ පස් පගන්ට තියන් නෑ..ටොරින්ටන්ට සිoහළයව පරද්දන්න බෑ.. සිoහළයව පරද්දන්න කටවත් බෑ බොලව්.." මෙහෙම කියපු ඒ සිxහලයව අපි කටවත් අමතක නෑ කියන්න මම දන්න්වා...එදා ඒ සටන එදා ඒ වුණ සිදුවීම් අපේ හිත් වල තෑන්පත් වුනේ අපි පුxචි කාලේමයි..අද සුද්දා අපේ රට දාලා ගිහින්......
ඈත්තටම දාලා ගිහින්ද?
අපි කවුරුත් දන්න නමක් මතක් වෙනවා මට.. ඒ අනගාරික ධර්මපාල තුමා..
"උඹලා දෑන ගනිල්ලා.., කවදා හරි සුද්දා මේ රට දාලා යනවා..හෑබෑයි උන් යන්නේ උන් වගේ තවත් කලු සුද්දෝ දෙතුන් සීයක් බිහි කලාට පස්සේ...උන් කියයි සිoහළයත්, දෙමළත්,හම්බයත් එකයි කියලා.. එහෙම කරලා උන් ඉoග්‍රිසි නීතියම රජ කරාවි.. පන්සල් වටේට පල්ලි හදයි...එදාට උඹළා, උබළෑ වෙනුවෙන් දියසේන කුමරයෝ ඉපදෙනකන් බලන් ඉදීවි..මතක තියාගනිල්ලා මේ කළු සුද්දොන්ට පුලුවන් ඒ ඉපදෙන්න ඉන්න දියසෙන කුමර වරු තිඹිරි ගෙයිදිම මරලා දාන්න.. අන්න එදට උඹලට ඉන්න වෙන්නේ, ඈටි කෙහෙල් කාපු රිලව් වගේ..නියෝව නියෝව...."
අපි කාටත් අද පේනවා එතුමා කිව්ව දේ.. අපි තමත් පරක්කු නෑ..ඒත් අපි හෑමදාමත් හිටියා වගේ,හිටියොත් ඉස්සරටට සිoහළ රටක් හොයා ගන්න බෑරිවේවි..!
සින්දුවට විචාර ඕන නෑ.. ඒ සින්දුව ලියලා තියෙන්නේත්, කියන්නේත් අපිව අවදි කරන්න පුළුවන් තේරෙන සිoහළෙන්...
 
  • Like
Reactions: HondaMPLG