පුරන් අප්පු කවි

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පුරන් අප්පු කවි

    කරපුවා අමතක නැත.

    බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
    ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
    ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
    තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

    අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
    බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
    ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
    කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

    සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
    හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
    කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
    කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ

    සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
    පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
    රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සුනිල් එදිරිසිංහ කියන්නේ අපිට ඉන්න කෘතහස්ත කලාකරුවෙක්... හදවතින්ම ගරු කල යුතු/හැකි මිනිහෙක්... :):):)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    j6ld6ufdzfqcpq7fg.jpg
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඒ වුනාට පුරන් අප්පු ලෙ උපන් දිනේ ගිය 7 වෙනිද කියල අමතකයි නේද?:dull:

    රිදුනා :(
    ඇත්තම කියනවනම් මට සින්දුව අහද්දී දැනෙන දේ බන් මම කිවුවේ. කොහොමත් සිංහලකම ගැන රට ගැන කතා කරද්දී හිතේ පුදුම හැගීමක් ඇති වෙන්නේ. එත් එක හිතට විතරක් සීමා වෙලා තියෙන එක ගැන දුක් වෙනවා. වෙලාවකට හිතෙනවා රටට මම මොනවද කරලා තියෙන්නේ කියල. එත් මේ ජීවිතේ යන විදිහට, තියෙන තරඟයත් එක්ක උපන් දිනයක් මතක හිටියිද. මට හිතෙන්නේ උඹ එතනින් අදහස් කරන්න ඇත්තේ කෙලින්ම උපන්දිනය නෙමේ වෙන්න ඇති. කොහොම වෙතත් දුක් වෙනවා හිතට විතරක් සීමා කරන්න වීම ගැන. එත් අවශ්‍ය තැනදී මිනිස්සුත් එක්ක කතා කරලා තියෙනවා. පුලුවන්නම් ඉස්සරහට ඊට වැඩිය දෙයක් කරනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    රිද්ද ගන්න දෙයක් නෑ......
    අපි නම් ගිය සිකුරාදා එළකිරි රේඩියෝ එකේ සසල හද විල් තෙරට ඔය ගීතය දාල පුරන් අප්පු ගේ ගුණ සැමරුවා............
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    රිද්ද ගන්න දෙයක් නෑ......
    අපි නම් ගිය සිකුරාදා එළකිරි රේඩියෝ එකේ සසල හද විල් තෙරට ඔය ගීතය දාල පුරන් අප්පු ගේ ගුණ සැමරුවා............

    රේඩියෝ අහපු කාලයක් මතක නෑ. උඹලා අඩු තරමින් ඔහොම දෙයක් හරි කරන එක ලොකු දෙයක්. හම්බයන්ට බනින එක, රට ජාතිය ගැන කතා කරන එක නෙට් එකේ නම් නැගල යනවා. හැබැයි ඒකෙන් දැන් රටේ පොඩි හරි පිබිදීමක් වෙලා තියෙනවා වගේ පේනවා. හැබැයි මම නම් නෙට් එකේ කෑගහන්න යන්නේ නෑ. සැබෑ ලෝකයේ කෑ ගැහුවත්