Tax Revisions 2018

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    නව බදු පනතින් පන් ලක්ෂයක සේවා නියුක්තිකයන් බද්දෙන් නිදහස්
    අප්‍රේල් මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත පිළිබඳ ජනතාව නොමග යවන ආකාරයේ පුවත්, විශේෂාංග තව දුරටත් පුවත්පත්වල දක්නට ලැබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා සියලු ගැටලුවවලට පිළිතුරු ලබා දී ඇති තත්ත්වයක් තුළ වුව ද අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බව නිරීක්ෂණය වේ. ඇතැම් පුවත්පත්වල කතුවැකි තුළින් පවා නිවැරැදි නොවන කරුණු ප්‍රචාර කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
    ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම්වලට 5% ක රඳවා ගැනීමේ බද්ද අදාළ වනුයේ එවන් පුද්ගලයන්ගේ තැන්පතු මුදල රුපියල් කෝටි දෙකකට ආසන්නව තිබෙන අවස්ථාවන්හි දී පමණි.
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්හට තම ඉතිරි කිරීම සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවනු ලබයි. ඔවුන්ගේ ඉතිරිකිරීම් මත ලබන මාසික පොලී ආදායම රු. 125,000 දක්වා වන මුදලට කිසිදු බද්දක් අය කරනු නොලැබේ. රු. 125,000 ක මාසික පොලිය ලබන්නට නම් එක්කෝටි විසිපන්ලක්ෂයකට ආසන්න මුදලක් තම ඉතිරිකිරීමේ තැන්පතුවල තිබිය යුතුවේ. ඒසා විශාල මුදලක් තම ඉතිරිකිරීමේ ගිණුමේ පවත්වාගෙන යා හැකි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිටිනුයේ ඉතා අතලොස්සක් පමණි.

    මරණාධාර සහ සුබ සාධක සමිතිවලින් බදු අය කිරීම

    පුවත්පත්වල මෙන් ම විද්‍යුත් මාධ්‍ය සංවාදවල දී ද මතු කරනු ලබන මෙම චෝදනාව සම්පූර්ණයේ ම අසත්‍යය. මරණාධාර සහ සුබ සාධක සමිතිවලින් ලැබෙන පොලී ආදායම් නව පනත යටතේ බද්දකට යටත් කර නොමැත.

    විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල්වලට බදු අය කිරීම

    විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවෙන් පිට කුමන රටක සිට වුවද තම නිවෙස් වෙත හෝ ඥාතීන් වෙත එවනු ලබන මුදල් වලට කිසිදු බද්දක් අය කරනු නොලැබේ. එසේම, ලංකාවේ සිටින යම් පුද්ගලයෙකු විසින් විදේශ රටකට සේවා සපයා එයින් ලබන වාර්ෂික ආදායම රු. මිලි. 15 දක්වා බද්දෙන් නිදහස් කොට තිබේ.

    ආගමික ස්ථානවලින් බදු

    පිං කැටේටත් බදු නමින් ප්‍රසිද්ධ කරනු ලැබූ මෙම චෝදනාවට ද කිසිදු පදනමක් නොමැත. ආගමික ස්ථානවලට ලබා දෙන ආධාර හෝ පිං කැට වෙත ලැබෙන මුදල් සඳහා බදු අය කිරීමට අදාළ කිසිදු වගන්තියක් නව දේශීය ආදායම් පනතට ඇතුළත් කර නොමැත. එහෙත් කිසියම් ආගමික ස්ථානයක ව්‍යාපාර පවත්වාගෙන යන්නේ නම් එයින් ලබන ලාභය මත මෙයට පෙර පැවැති ආකාරයට ම බදු පැනවේ.

    උපයන විට ගෙවීමේ බද්ද (PAYE)

    මෙම නව පනත මගින් මාසිකව රුපියල් ලක්ෂයක් හෙවත් වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ක ආදායම් ලබන සියලු දෙනා ආදායම් බද්දෙන් නිදහස් වේ. ශ්‍රී ලංකාවේ ඍජු බදු ගෙවන ප්‍රමාණය ඉතා අතලොස්සකි. දෙකෝටියක් පමණ ජනතාව වෙසෙන රටේ බදු ගොනු තිබෙනුයේ ලක්ෂ 16ක් පමණි. එයින් ලක්ෂ 12ක් පමණ ම අයත් වනුයේ උපයන විට ගෙවීමේ බද්දට යටත් වන සේවා නියුක්ත්කයන්ට ය.
    මෙම බද්දට යටත් කරනු ලබන වාර්ෂික සීමාව රුපියල් 750,000 සිට නව බදු පනත මගින් රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කර ඇත. මේ හේතුවෙන් දැනට උපයන විට බදු ගෙවන ලක්ෂ 12ක් පමණ වන සේවා නියුක්තිකයන්ගෙන් 40% පමණ එනම් ලක්ෂ 5කට ආසන්න පුද්ගලයන් නව බදු පනත අනුව බද්දෙන් නිදහස ලබති.
    එමෙන් ම විවිධ ස්ථරයන් යටතේ බදු ගෙවීම සඳහා මෙතෙක් පැවැති ලක්ෂ පහේ වාර්ෂික ලාබ සීමාව ලක්ෂ 6 දක්වා වැඩි කර ඇති බැවින් ඒ යටතේ ද බොහෝ ආදායම් ලබන්නන් ගෙවිය යුතු බදු ප්‍රමාණය පෙරට වඩා අඩුවනු ඇත.

    18ට වැඩි සියල්ලන්ට ම බදු ගොනුවක්

    දේශීය ආදායම් පනත තුළ එවැනි ප්‍රතිපාදනයක් අන්තර්ගත වී නොමැති අතර ඒ අනුව වයස අවු. 18 ට වඩා වැඩි පුරවැසියන්හට බදු ලිපිගොනු විවෘත කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟිනු ඇත.

    බදු නිදහස් කිරීම

    බදු නිදහස් කිරීම සම්බන්ධයෙන් පුවත්පත්වල ඇතැම් කතුවැකිවලද නිවැරදි නොවන ප්‍රවෘත්ති වාර්තා විය. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප, ජනාධිපති අරමුදලෙන් ලැබෙන ප්‍රදාන, රු. ලක්ෂ පහ නොඉක්මවන ලොතරැයි තෑගි මුදල සහ රජයේ වාහන බලපත්‍ර යටතේ සේවකයෙකුට ලැබෙන ප්‍රතිලාභ යනාදිය සඳහා තිබූ බදු නිදහස් කිසිවක් ඉවත් කර නොමැත. ඉහත කී ක්ෂේත්‍රයන් සඳහා ලබාදී තිබූ මෙම බදු නිදහස් කිරීම් දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වන 2018.04.01 දින සිට ද අඛණ්ඩවම එලෙසම බල පැවැත්වෙන බව අවධාරණය කළ යුතුයි.
    මෙම නව බදු පනත මගින් ව්‍යාපාරිකයන් හා ආයෝජකයන්ට සමාන අවස්ථාවන් සලසා දී ඇති අතර, දේශීය හෝ විදේශීය ආයෝජකයන් තම ආයෝජන වෙනුවෙන් බදු විරාම, බදු නිදහස් කිරීම, බදු සහන ලබා ගැනීම සඳහා මෙතෙක් දේශපාලඥයන් පසුපස හඹායාමට තිබූ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.
    මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැති බදු පරිපාලන ක්‍රමය යටතේ ආයෝජකයන්හට බදු විරාම/ බදු සහන ලබාදීම තීරණය කරනු ලැබුයේ අදාළ ඇමැතිවරයා විසිනි. දේශපාලඥයන්ගේ අත්තනෝමතික හෝ අභිමතානුසාරී බලය යටතේ බලපෑම් මත බදු සහන දීමේ මෙම ක්‍රමවේදය මෙම නව පනත මගින් ස්ථිරවම ඉවත් කර තිබේ. ඒ වෙනුවට ආයෝජකයන් වෙත බදු සහන ලබාදීමේ විනිවිද පෙනෙන නීතිමය පදනමින් යුක්ත ක්‍රමවේදයක් පනත තුළ අන්තර්ගත කර තිබීම විශේෂත්වයකි.
    උදාහරණයක් ලෙස ඇ.ඩො. මිලියන 03 ක ආයෝජනයක් කරන පුද්ගලයෙකු තම ආයෝජනයට සමාන ප්‍රතිලාභ අත්පත් කරගන්නා තෙක් ඔහුට බදු ගෙවිය යුතු වන්නේ නැත.
    එසේම ඇ.ඩො. මිලියන 100 ට වැඩි ආයෝජනයක් කරන්නේ නම් එවැනි සමාගමකට තම ආයෝජනය මෙන් 150% ප්‍රතිශතයක ප්‍රතිලාභ ලබාගන්නා තෙක් බදු සහන හිමිවන බැවින් ආයෝජනයන් සඳහා බදු සහන හෝ බදු විරාම ලබාගැනීමට දේශපාලඥයන් පසුපස හඹායෑමේ යුගය මෙම නව දේශීය ආදායම් පනත මඟින් නිශේධනය කර තිබේ.

    එම්.අලි හසන්,

    ප්‍රවෘත්ති අධ්‍යක්ෂ,

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.



    Source : Lakbima


    Open for comments​
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Rental income ekata TAX ekak gahalada? income tax ekata include wena eka gana neme mn ahanne.

    Tax files nati ayatat rental income eken WHT tax seen ekak tiyenawada ?
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    උපයන විට ගෙවීමේ බද්ද (PAYE)

    ඉස්සර Tax Free තිබිච්ච Allowance වලටත් මේ පාර කෙලලා. Companies මිනිස්සුන්ට Basic Salary එකට පිටින් Allowances දෙන්නේ, එතකොට ඒවාට EPF, ETF ගෙවන්න ඕනේ නැති නිසා. අපේ අයත් Tax Free කියන කැරට් අලේ ගිලලා Basic එකට පිටින් Allowances දෙනවට කැමතියි (හැමෝම නෙමේ).

    දැන් එකටත් Tax ගෙව්වා කියන්නේ අපි ඇරෙන්න Company එකයි ආණ්ඩුවයි දෙකම ගොඩ.

    මම ගිහිල්ලා අපේ HR එකට කිව්වා Allowances ටික Basic එකට දන්නා කියලා. බලමු මොකද වෙන්නේ කියලා.
     
    • Like
    Reactions: sameira

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK







    උපයන විට ගෙවීමේ බද්ද (PAYE)

    ඉස්සර Tax Free තිබිච්ච Allowance වලටත් මේ පාර කෙලලා. Companies මිනිස්සුන්ට Basic Salary එකට පිටින් Allowances දෙන්නේ, එතකොට ඒවාට EPF, ETF ගෙවන්න ඕනේ නැති නිසා. අපේ අයත් Tax Free කියන කැරට් අලේ ගිලලා Basic එකට පිටින් Allowances දෙනවට කැමතියි (හැමෝම නෙමේ).

    දැන් එකටත් Tax ගෙව්වා කියන්නේ අපි ඇරෙන්න Company එකයි ආණ්ඩුවයි දෙකම ගොඩ.

    මම ගිහිල්ලා අපේ HR එකට කිව්වා Allowances ටික Basic එකට දන්නා කියලා. බලමු මොකද වෙන්නේ කියලා.

    Rep Added ....
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Rajya niladharin nam anee manda, awurudu ganaka idan income tax kiyala ganak padiyenma kapenawa, mee parath kapila thibba, habai rajya niladhari watupa tax free lu...Hmmmmm
     
    • Like
    Reactions: sameira