Tea Museum at Hanthana

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    අපේ රටේ තේ ඉතිහාසය ජීවමාන කරවන තේ කෞතුකාගාරය

    ss-1-1.jpg


    පැරැණි තේ ඇඹරුම් යන්ත්‍රයක්

    මොර සූරන වැස්සේ වුවත් හන්තානේ සුන්දරත්වය අපූරුවට දිස්වුණා. තේ වගාවන්ගෙන් පිරුණු කඳු පංතිය අතරින් යද්දි දැනෙන්නේ සීතලක්. නුවර නගරයේ තිබෙන කඩිමුඩිය හන්තානේ දකින්න නැහැ. අමුතුම ආකාරයේ පරිසර සුන්දරත්වයක් හන්තාන පුරාවටම වෙලාගෙන තිබුණා.

    හන්තානය දෙස් විදෙස් සංචාරකයන්ගේ කදිම තෝතැන්නක්. එදත් අදත් හන්තාන කඳු මුදුන පණ පෙවුණේ සරසවි ජීවිතයත් සමඟින්. සුන්දර පේරාදෙණි සරසවියේ බොහෝ ආදර අන්දරයන් ගෙතුණේ හන්තාන කඳු වැටියත් සමඟයි.

    මේ හන්තාන කඳුවැටියේ ඔබත් මමත් නොදුටු බොහෝ දේ සැඟවී තිබුණු බව පසක් වුණේ ඒ ගිය ගමනේදියි. හන්තානය බලා යන චාරිකා‍ෙව්දි ඔබ අනිවාර්යෙන්ම දැකිය යුතු තැනක් වෙන්නේ හන්තාන කඳුමුදුනේ පිහිටි තේ කෞතුකාගාරයයි.

    ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඉතිහාසය 1867 වර්ෂය කරා දිවයයි. ජේම්ස් ටේලර් නම් ඉංග්‍රිසි ජාතික වැවිලිකරු දෙල්තොට ලූල්කඳුර වතුයායේ අක්කර 19 ක භූමි භාගයක වෙළෙඳ භෝගයක් ලෙස තේ වගාව ආරම්භ කළ බව ඉතිහාසයේ සඳහන්ය. එදා සිට අද දක්වා තේ වගාවේ ඉතිහාසය විදහා දැක්වෙන්නේ හන්තානයේ පිහිටි මේ තේ කෞතුකාගාරයෙනි.


    ss-1-2.jpg


    1890 වසරේදී අලි ඇතුන් යොදා බොයිලේරුවක්ප්‍රවාහනය කරද්දී

    මහනුවර නගරයේ බෝගම්බර බන්ධනාගාරය හරහා මාර්ගයෙන් හන්තාන කඳුවැටියට පිවිසෙන්නෙකුට තේ කෞතුකාගාරයට පිවිසීමට ගත වන්නේ විනාඩි කිහිපයකි. මහනුවර නගරයේ සිට සැතපුම් 3 ක් දුර හන්තාන කඳු මුදුනට එන විට ඉතා දර්ශනීය මනරම් ස්ථානයක පිහිටි සිවුමහල් තේ කෞතුකාගාරය හමුවෙයි.

    ශ්‍රී ලංකාවේ තේ බලන්නට යන සවාරියේදි යායුතු හොඳම තැනක් වන්නේ හන්තාන තේ කෞතුකාගාරයයි. එහි ආරම්භය 1925 ලෙස සනිටුහන් වෙයි. තේ කර්මාන්තයේ ඉතිහාසය, සම්ප්‍රදායන් මෙන් ම එහි අගයන් කෙමෙන් කෙමෙන් මැකී යන වකවානුවක මේ ඉතිහාසයෙන් බිඳක් අනාගතයට එක් කළේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයත්, ලංකා වැවිලි කරුවන්ගේ සංගමයත් එක්ව මෙම කෞතුකාගාරය ආරම්භ කිරීමෙනි.

    එදා සිට අද දක්වා නොනැවතුණු ගමනක් පැමිණි මෙම කෞතුකාගාරය තේ සඳහා ලොව ඇති අග්‍රගණ්‍ය කෞතුකාගාරයක් ලෙස සැලකේ.


    ss-1-4.jpg


    තේ වියළීමේ යාන්ත්‍ර්‍රණය නිරූපනය කරමින්

    මේ තේ කෞතුකාගාරය කඳු මුදුනක් මත ඉඳිවූවකි. තනිකරම දැව නිර්මාණයක් වූ මෙහි බිම් මහලේ තේ කර්මාන්තය සඳහා එදා භාවිතා කළ බර යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනය කෙරේ. ඒවා අතර විවිධ වකවානුවලට අයත් තේ මැළවීමේ යන්ත්‍ර සූත්‍ර ද ප්‍රදර්ශනය කෙරෙන්නේ යන අය ද දැනුම්වත් කරමිනි. බිම් මහලේ යන්ත්‍ර සූත්‍ර අතර 1889 දි ‘ලිට්ල් ජයන්ට්’ නමින් භාවිත කළ තේ රෝලරය, 1895 දි භාවිතා කළ තේ ඇඹරීමේ පැරණි තේ රෝලරය, රස්ටන් සහ හොන්ස්බ් ද්‍රව ඉන්ධන එංජිම මෙන්ම ජල බලයෙන් එදා ක්‍රියාත්මක කළ තේ ඇඹරුම් යන්ත්‍ර ද ප්‍රධානය. ලී පඩිපෙළ හරහා පළමු මහලට පිවිසීමේදි නෙත ගැටෙන‍්නේ පුස්තකාලය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් සහිත ශ්‍රවණාගාරයකි. තේ කර්මාන්තය පිළිබඳ තොරතුරු රැස්කරන පර්යේෂකයකුට මේ නවීන ශ්‍රව්‍ය දෘශ්‍ය මෙවලම් හරහා ජේම්ස් ටේලර්, තෝමස් ලිප්ටන් ආදි යුග දක්වාත්, එතැනින් නොනැවතෙන්නෙකුට ක්‍රි.පූ. 2737 දි ෂොංනුං අධිරාජ්‍ය පාලන සමය දක්වාත් ‍තොරතුරු ගවේෂණය කළ හැක.

    තේ මැලවීමේ දිගු ක්‍රියාවලිය දැකිය හැක්කේ දෙවැනි මහලේදීය. තේ මැලවීමට එදා යොදාගත් අති විශාල යන්ත්‍රෝපකරණ ක්‍රම ක්‍රමයෙන් තාක්ෂණික ඥාණයෙන් දියුණු යන්ත්‍රෝපකරණ දක්වා පැමිණි ගමන් මඟ මෙන්ම වසර 56 ක පැරැණි තේ පැකැට්ටු ද මේ මහලේ තැන්පත් කර ඇත. පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට මේවා ක්‍රියාත්මක කරමින් පෙන්වා අවබෝධ කරදීමට මෙහි කාර්ය මණ්ඩලය නිතරම කැපවෙයි.


    ss-1-3.jpg


    පැරැණි තේ බොයිලේරුවක්

    තේ කෞතුකාගාරයේ තෙවැනි මහල වෙන්වී ඇත්තේ තේ වෙළෙඳ කුටි සඳහාය. ශ්‍රී ලංකාවේ තේ ඇසුරුම් ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් සංචාරකයනට සාධාරණ මිලකට තේ මිලදී ගැනීමේ හැකියාව ද වෙයි. විවිධ රසයන්ගෙන් යුත් තේ පැකැට්ටු, විවිධ ඇසුරුම්වලින් යුත් තේ පැකැට්ටු, විවිධ තේ මැලවීම් මට්ටම්වලින් යුතු තේ පැකැට්ටු මෙන්ම තේ ආශ්‍රිත විවිධ නිෂ්පාදන ද මෙහිදී ඕනෑම අයකුට ඉතා සාධාරණ මිලට ලබාගත හැක.

    තේ කෞතුකාගාරයෙන් සංචාරකයකුට ශ්‍රී ලංකාවේ තේවල සැබෑ රසය විඳගන්නට හැකි වන්නේ සිවුවැනි මහලේ පිහිටි සුපිරි භෝජනාගාරයෙනි. විශේෂයෙන් විදේශිකයන්ට විවිධ රසයෙන් අනූන තේ කෝප්පයක මිහිරත් විඳ ගැනීමට මෙහිදී හැකි.

    මහනුවර නගරයද, එය වටා ඇති හුන්නස්ගිරිය, නකල්ස් කඳුවැටි මෙන්ම මාතලේ රමණීය භූමි භාගය ද සිවුවැනි මහලේ සිට දුරදක්නයකින් නැරැඹිය හැක.

    තේ කෞතුකාගාරය වටා ඇති භූමි භාගය ද විවිධ තේ පැළවලින් අලංකරණය කර ඇත.

    අද ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම තේ අපනයනකරුවා ලෙස ජාත්‍යන්තර කීර්තිය දිනාගෙන ඇත. 1883 වසරේ සිට ක්‍රියාත්මක වන ලෝකයේ විශාලම තේ වෙන්දේසිය පවත්වාගෙන යාමේ කීර්තිය ද අප රටට හිමිව තිබේ. එහි සැබෑ ඉතිහාසගත කතාව අදටත් දැකිය හැක්කේ සුන්දර හන්තාන කඳු මුදුනේ පිහිටි මෙම තේ කෞතුකාගාරයෙනි.
     

    gns85

    Active member
  • Jul 11, 2010
    283
    120
    43
    😂😂
    ඔතනට යන්නේ නුවරින් උඩවෙල බස් ඒකක නැගලා හතරෙ කනුවට ටිකට් ගන්න ඔනි. ඒතනම තමා කෟතුකාගාරෙ තියෙන්නෙ. මම සෑහෙන වතාවක් ඔතනින් ගිහින් තියනවා. ඒ් තාම ඔ්කට යන්න බැරි උනා. ඊලග පාර නම් අනිවා යන්න ඔ්නි