TESLA ඉන්දියාවටත්?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    rwPpsQ1.jpeg


    භූ දේශපාලනයේ තීරණාත්මක මෙන්ම කලාපයීය වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතිකයන්ට ද වැදගත්, රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (20) නිව්යෝක් නුවරට ගොස් තිබේ.

    නිව්යෝක් නුවර ඔහු රැඳීසිටින හෝටලය වෙත අගමැති මෝදි පැමිණියේ ඉන්දීය ඩයස්පෝරාවේ උණුසුම් පිළිගැනීම් මැදය.

    ඔවුන් ඇමෙරිකානු සහ ඉන්දීය ධජ ලෙලවමින් අගමැති මෝදිට සුබපැතූ අතර විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරික නායකයින් සමග ඉන්පසු ඔහු සාකච්ඡාවල නිරත වුණි.

    ඉන් ප්‍රධානතම සාකච්ඡාවක් වූයේ ටෙස්ලා නිර්මාතෘ ට්විටර් හිමිකරු මෙන්ම ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් සමග අගමැති මෝදි පැවැත්වූ සාකච්ඡාවය.

    සාකච්ඡාව අවසානයේ වාර්තාකරුවන් වෙත ඊලොන් මස්ක් පවසා ඇත්තේ තමා අගමැති මෝදිගේ රසිකයෙකු බවය.

    අගමැති මෝදි තමා ඉතා ප්‍රියකරන පුද්ගලයෙකු බවත් මීට වසර කිහිපයකට පෙර තමාගේ ටෙස්ලා කර්මාන්ත ශාලාවට පැමිණි අවස්ථාවේ එකිනෙකා හඳුනාගත් බවත් ඊලෝන් මස්ක් සඳහන් කළේය.

    ඉන්දියාවේ අනාගතය පිළිබඳව තමා උද්යෝගිමත් අපේක්ෂාවකින් පසුවන බවත්, ලොව අනෙකුත් ඕනෑම විශාල රටකට වඩා ඉන්දියාවෙන් ලෝකයට ඉහළ බලාපොරොත්තුවක් ලබාදෙන බවත් ඊලෝන් මස්ක් සඳහන් කර තිබුණි.

    කැලිෆෝනියාවේ පිහිටි ටෙස්ලා කර්මාන්තශාලාවට අගමැති මෝදි පැමිණියේ 2015 වසරේ අමෙරිකානු චාරිකාවේදීය.

    ටෙස්ලා මෝටර් රථ සමාගම ඉන්දියාවට පැමිණෙන්නේ කවදාදැයි මෙහිදී වාර්තාකරුවන් ඊලෝක් මස්ක්ගෙන් විමසා තිබුණි.

    ටෙස්ලා ඉන්දියාවට රැගෙන ඒම ගැන තමා ඉමහත් විශ්වාසයෙන් පසුවන බවත් එය ප්‍රායෝගික වශයෙන් සිදුකළ හැකි අවම කාලයකින් සාක්ෂාත් කිරීමට කටයුතු කරන බවත් ඊලෝන් මස්ක් ඊට පිළිතුරු වශයෙන් සඳහන් කළේය.

    අගමැති මෝදි ඉන්දියාවට විදේශ ආයෝජන රැගෙන ඒමට ඉමහත් මෙහෙවරක් සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් තිබේ.

    ඉන්දියාවේ ආයෝජනය කිරීමට තමා සැබැවින්ම සූදානම් බව ඊලෝන් මස්ක් එහිදී අවධාරණය කර ඇති බව සඳහන් ය.

    තාක්ෂණය දැරිය හැකි මිලකට විවිධ ක්ෂේත්‍ර සඳහා ප්‍රවේශ කරලීමට ඊලෝන් මස්ක්ගේ ප්‍රයන්තයන් ඉවහල් වී ඇති බව අගමැති මෝදි මෙහිදී පවසා තිබේ.

    ඉන්දියාවේ විද්‍යුත් වාහන සහ වානිජ අභ්‍යවකාශ මෙහෙයුම් ක්ෂේත්‍රවල ආයෝජන සඳහා පවතින අවස්ථා උරගා බලන ලෙස ද අගමැති මෝදි ඊලෝන් මස්ක්ට ඇරයුම් කර තිබේ.

    අගමැති මෝදි අමෙරිකා එක්සත් ජනපදයේ තුන්දින රාජ්‍ය චාරිකාවක නිරතවන්නේ ජනාධිපති ජෝ බයිඩන් ගේ ආරාධනයෙනි.

    ඔහු එහිදී එක්සත් ජනපද ඒකාබද්ධ කොංග්‍රසය ඇමතීමට නියමිත අතර, ජනාධිපති බයිඩන් සමග ධවල මන්දිරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වීමට නියමිතය.

    මේ අතර ඉන්දියාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධයෙන් අගමැති මෝදිගෙන් විමසන ලෙස ඉල්ලීමක් කරමින් ඩිමොක්‍රටික් පාක්ෂික කොංග්‍රස් සභිකයන් පිරිසක් ජනපති බයිඩන් වෙත ලිපියක් යොමුකර තිබේ.

    ඉන්දියාවේ ආගමික කණ්ඩායම් අතර පවතින උණුසුම මාධ්‍ය නිදහස සහ අන්තර්ජාල ප්‍රවේශය මෙන්ම සිවිල් සමාජ කණ්ඩායම්වලට සිදුකරන බලපෑම් සම්බන්ධයෙන් ඔවුන් එහිදී කරුණු දක්වා ඇති බව වාර්තා විය.

    මෙම ලිපිය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් සභිකයන් සහ සෙනෙට් සභිකයින් 75 දෙනෙකු අත්සන් තබා තිබුණි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    indian un election ekata hari deyak karanawa ban. ekai unge rate economy eka goda yanne. unge economy eka enda enda grow wenawa. unge rata modayo hitiyath deyak karanda puluwan minissu yanawa thanakata.ekata api enda enda puken yanawa

    ape un kaiya witharai karana labbak nane.
    අපේ උන් election ඵකට ගොඩ යන්නේ බෝම්බ ගහනකන් බලන් ඉඳලනේ..
     
    • Like
    Reactions: Cypress and NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෝදී දන්නව ඔළුව අත ගාල ටොක්ක අනින්න. ඒකට අපේ රටේ හරක්.😅
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කක්කි දායිද දන්නෑ ධවල මන්දිර වත්තෙ...