එප්ස්ටීන් සහ තාක්ෂණික ප්‍රකෝටිපතියෙකු වන ඊලොන් මස්ක් අතර සිදුවූ ඊමේල් හුවමාරුවක් ද ලේඛනවලට ඇතුළත් ය.
මෙම ලිපිගොනුවලින් කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති මස්ක්, එප්ස්ටීන් තමාට ඔහුට අයත් දූපතට ආරාධනා කළ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව මීට පෙර පවසා තිබිණි.
නව ඊමේල් පණිවුඩවලින් පෙනී යන්නේ, මස්ක් එහි සංචාරය කිරීම ගැන එක් වරකට වඩා සාකච්ඡා කර ඇති බව ය. (2012 යෝජිත සංචාරයක් ඇතුළුව) එහිදී ඔහු එප්ස්ටයින්ගෙන් මෙසේ ඇසීය: "ඔබේ දූපතේ ඇති වල් ම සාදය පැවැත්වෙන්නේ දවල් ද? රෑ ද?"
2012 නොවැම්බර් මාසයේ හුවමාරු වූ ඊමේල්වලින් පෙනී යන්නේ මස්ක්ට හෙලිකොප්ටරයකින් දූපතට කී දෙනෙකු ප්‍රවාහනය කිරීමට අවශ්‍ය දැයි එප්ස්ටීන් විමසූ බවත්, මස්ක් පිළිතුරු දෙන්නේ ඒ තමා සහ ඔහුගේ එවකට බිරිඳ වූ තලුලා රයිලි පමණක් බවත් ය.
2012 නත්තල් දින මස්ක් විසින් එප්ස්ටීන් වෙත යවන ලද ඊමේල් පණිවුඩයක, ඔහුට "නිදහසක් ලැබීමට" අවශ්‍ය නිසා කිසියම් සාදයක් සැලසුම් කර ඇත්දැයි මස්ක් විමසන බව සඳහන් වේ.
"මම මේ අවුරුද්දේ උපරිමයෙන් වැඩ කරනවා. ඒ නිසා මගේ දරුවන් නත්තලට පස්සේ ගෙදර ගියා ම, මට ඇත්තට ම ශාන්ත බාර්ට්ස් හෝ වෙනත් තැනක සාදයට සහභාගී වෙලා නිදහසේ ඉන්න ඕන," ඔහු ලියන අතර, "සාමකාමී දූපත් අත්දැකීමක්" ඔහුට අවශ්‍ය නැති බව ද පවසයි.
2013 අවසානයේ තවත් ඊමේල් සමූහයක, මස්ක් සහ එප්ස්ටීන් සිය දූපතේ සංචාරයක් ගැන සාකච්ඡා කරන අතර අවශ්‍ය පහසුකම් සහ දිනයන් පිළිබඳව සාකච්ඡා කරමින් සිට ඇත.
මස්ක් කවදා හෝ එප්ස්ටීන්ගේ දූපතේ සංචාරය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත.
සෙනසුරාදා X සටහනක් තබමින් මස්ක් සඳහන් කළේ, "[එප්ස්ටීන්] සමග හුවමාරු වුණ සමහර ඊමේල් වැරදි ලෙස අර්ථකථනය කර මගේ නමට මඩ ගැසීමට විරුද්ධවාදීන් භාවිත කළ හැකි බව හොඳින් දන්නා," බව ය.
ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "මට ඒ ගැන කිසි ම තැකීමක් නැහැ, නමුත් මම සැලකිලිමත් වන්නේ අවම වශයෙන් එප්ස්ටීන් එක්ක බරපතළ අපරාධ සිදු කළ අයට, විශේෂයෙන් බාල වයස්කාර ගැහැනු ළමයින් දරුණු ලෙස සූරාකෑමට ලක් කළ අයට නඩු පැවරීමට උත්සහ කිරීමයි."