Tesla cybertruck එකක් ගසක හැප්පී තුන් දෙනෙක් මරුට...‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    කැලිෆෝනියාවේ මෝටර් රථ අනතුරකින් සිසුන් තිදෙනෙක් මරුට​

    කැලිෆෝනියාවේ මෝටර් රථ අනතුරකින් විශ්ව විද්‍යාලයක දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, ටෙස්ලා මෝටර් රථයක් බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    අධික වේගයෙන් පැමිණි රථය මාර්ගය අසල තිබූ ගසක ගැටී ගිනිගැනීමකට ලක්වී මෙසේ අනතුරට පත්ව ඇති බවටයි වාර්තා වෙන්නේ.

    අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් සාදයකට සහභාගී වී නිවෙස්වලට යන අවස්ථාවේදීයි අනතුර සිදුව ඇත්තේ.

    එක් සිසුවෙක් බරපතල පිලිස්සුම් තුවාල සහිතව සිට බේරාගෙන ඇති අතර, ඔහු මේ වනවිට දැඩි සත්කාර සිටින බවටයි සඳහන් වෙන්නේ.

    මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, 19 හැවිරිදි වියේ පසුවූ Soren Dixon, Jack Nelson සහ Krysta Tsukahara යන තිදෙනායි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    Thank You Ranil 😍😘 #RanilPower #OnlyRanilCan

    4JxnDUR.png