දහතුන් දෙදෙනා බෙිරාගැනිමෙි මෙහෙයුම්
2018.07.08 දින හවස් යාමයේ ආරම්භ
කිරිමට නියමිතයි..
ඒසදහා පලමු දරුවා සුදානම් කරමින් පවති..
සැලැස්ම වනුයේ කිමිදුම් නිලධාරීන් දෙදෙනෙකුට මැදිකර දරුවන් ඉදිරියට රැගෙන යාමයි.. ඉදිරිපස සහ පසුපස නිලධාරීන් ඔක්සිජන් සිලින්ඩර රැගෙන යයි.. සම්පුර්න මුහුණ ආවරණය වු full face mask එකකින් දරුවන් ගේ මුහුණ ආවරණය කරයි.. ජලය හරහා කේබලයක්ද ඇද ඇත.. දෙපස නිලධාරීන් සහයට රදවා ඇත.. සක්‍රීය ප්‍රදේශයේ රදවා ඇත්තේ නිලධාරීන් 15 දෙනෙකු පමනක්ය .. ඒ ඔක්සිජන් ප්‍රමාණය කලමනාකරණය කිරිම සදහායි..
තායිලන්තය බෞද්ධ රටකි .. මහා සංඝරත්නය ගුහාවෙන් මෙපිට පිරිත් සජ්ජායනා කරමින් සිටි..
ලෝකයේම ජනමාධ්‍ය ගුහාව ඉදිරියේ තම ආම්පන්න අටවාගෙන නොඉවසිල්ලෙන් බලා සිටි..
විශේෂ ම දෙය වන්නේ දරුවන් ගේ දෙමාපියන්
ඔවුන්ගේ ආසම කෑම පිලියෙල කරගෙන බලාපොරොත්තුවෙි දෙනෙත් අයාගෙන බලා සිටිමයි..
ලෝක පාපන්දු සම්මේලනය දැනටමත් FIFA අවසාන තරගය නැරඹීම සඳහා ඔවුන් වෙනුවෙන් ආසන දහතුනක් වෙන්කරද හමාරය..
මා ප්‍රා්ර්ථනා කරන්නේද FIFA කුසලානය සමග ඔවුන් ඡායාරූපයකට පෙනී සිටීමට වාසනාව
ලැබෙිවා යැයි කියාය..