Thambuththegama JVP office attacked

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
තඹුත්තේගම, කළාවැව ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය වූ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාගේ නිවසට මීට පුළු මොහොතකට පෙර පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ මැර පිරිසක් එම කාර්යාලයට හා නිවසට පහරදී බරපතල හානි සිදු කර ඇත.

පොලු මුගුරු අතැතිව පැමිණි මෙම මැර පිරිස වසන්ත සමරසිංහ මහතාගේ නවසට හා කාර්යාලයට පහරදී ඇති අතර, මෙම පහරදීමෙන් කාර්යාලය මුළුමනින්ම විනාශ වී ඇත. මීට අමතරව පහර දීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ ජ.වි.පෙ. ක්‍රියාකාරීන් දෙදෙනා මේ වන විට තඹුත්තේගම මහ රෝහලට ඇතුලත් කර ඇත.

මේ පිළිබඳ අප කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රණවීර පතිරණ මහතා පැවසු‍වේ මහින්ද රාජපක්ෂගේ මැර පිරිසත් මෙම පහරදීමට පැමිණි බවයි. මේ සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී එයටද බාධා කර ඇති මැර පිරිස පොලිසිය අවට පොලු මුගුරු සහිතව සිටින බවත්, ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ හේතුවෙන් තවමත් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට නොහැකි වූ බවද ඒ මහතා පැවසීය.

LT
 
Last edited:
  • Like
Reactions: EYE

Similar threads