Thanakola dingak kapanna hituna gaha udata yanna

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ලංකාවත් ඉන්දියාව වගේ කල යුතුයි.. සහරාන් වගේ බෝම්බ ගහනවා..- ජාතිවාදියෙකුගෙන් තර්ජන


    සහරාන් සිදු කළාක් මෙන් නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවත් ඉන්දියාව වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයට ශ‍්‍රී ලංකාවත් පත්කළ යුතු බවත් සඳහන් කරමින් මුහුණු පොතේ සටහන් තැබූ ගම්පොළ කහටපිටිය පදිංචි 19 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ගම්පොළ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    මොහු පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරුවන් සහ මාවනැල්ල බුදු පිළිම කැඞීමේ ප‍්‍රධාන සැකකරුවන් වන හක් හහෝදරයන් ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල්හක් හා ඉබ‍්‍රාහිම් සාහිඞ් අබ්දුල් හක්* දෙදෙනාගෙන් ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල් හක් ගම්පොළ ප‍්‍රසිද්ධ පාසලක විනය බාර ගුරුවරයා ලෙස සේවය කළ පාසලේම මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල එනතුරු බලා සිටින ශිෂ්‍යයකු බවද පොලිසිය සඳහන් කරයි.

    මෙම තරුණයාගේ පියා මඩකලපුව ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ උපන් අයකු බවත් ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ලෙස පසුගිය රජය සමයේ කටයුතු කර මේ වන විට ජපානයේ සිටින බවත් සොයා ගෙන ඇත.

    නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවට මුහුණු පොතින් ප‍්‍රචාරය කළ මෙම සිසුවා පාසල තුලදී ජාතිවාදී අදහස් අනෙක් සිසුන් අතරේද ව්‍යාප්ත කර ඇති බව හෙළි වී තිබේ. සමාජය තුලද එම මතය පතුරුවමින් ක‍්‍රියාකර ඇති බව පැවැත් වූ දීර්ඝ විමර්ශනයකින් තහවුරු වීමත් සම`ග ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීමේ චෝදනාව මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    පසුගිය කාලයේදී මෙම පාසලේ සිංහල අංශය මගින් සංවිධානය කරන ලද වෙසක් සැරසිලි ආදියට වෙනත් ජාතියක සිසුන් ගිනි තබා විනාශ කිරීම සිංහල සිසුන්ට හා ගුරුවරුන්ට විවිධ කෙනෙහිලිකම් කිරීම ආදිය නිසා එයට විරෝධය පා ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානයට ලක් කිරීම සඳහා ගම්පොල නගරයේ පෙළපාලියක් ද නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි.

    එසේම මෙම හක් සහෝදරයන්ගේ මාමා කෙනෙකු මෙම පාසල අසල පදිංචිකරුවකු වන අතර ඔහුගේ නිවසේ අන්තවාදී පංති පවත්වා ඇති බවද එවකට බුද්ධි අංශ මගින් සොයා ගෙන තිබුණි.

    පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම හක් සහෝදරයන් දෙදෙනා මෙම මාමාට අයිති ගම්පොල නගරයේ ඇති සපත්තු වෙළෙඳ සැලක සැගවී සිටියදී පොලිසියට හසු වූයේ රහස් රැුසක්ද හෙළි කර ගනිමිනි.

    අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයා රඳවා තබාගෙන පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.

    ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස්, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ජාලිය හීංකෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික‍්‍රමරත්න අපරාධ අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල බණ්ඩාර, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රණසිංහ, උ.පො.ප. අසංක, උ.පො.ප. හෙට්ටිආරච්චි, පොලිස් සැරයන්වරුන් වන (4507* බණ්ඩාර, (45203* දුණුකාර(61722* අනිල් යන නිලධාරීහු මෙහි පරීක්‍ෂණ කටයුතු සිදු කරති.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේකනම් පරීක්ෂණයක් නෙමෙයි කොල්ලෝ... අනික මොලයක් තියන එකෙක් මලාට වෙඩිබෙහෙත් යකඩ බටෙකට පුරවලා ග්‍රයින්ඩර් එකකින් කපනවද බන්... අනිවා රියල් ගේමක්.