මේකත් ඉතින් කුල භේදේ පන්ති භේදේ වගේ තමයි.
ගමේ ඉස්කෝලේ යන එවුන් බහුතරයක් කොළඹ ඉස්කෝලේ යන්න ආසයි. ඒත් 5න් ගොඩයන්නවත්, සල්ලි දීලා යන්නත් බැරි වෙනකොට "කන්න බැරි මිදි තිත්තයි" වෙනවා. සමහර එවුන් හිතේ arrears එක තියාගෙන ඉඳලා campus ගිහින් කොළඹ එවුන්ට වල කපන්න හදනවා. හැබැයි උන්ට කවදාවත් arrears එක කවර් කරගන්න වෙන්නෙ නෑ. කොච්චර හොඳ job එකකට ගියත් කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර ලස්සන කෙල්ලෙක් හම්බවුණත් උන්ට අර ඉස්කෝල මානසිකත්වෙන් ගොඩ එන්න බැරි වෙනවා.
අනිත් අතට කොළඹ ඉස්කෝලේ යන එවුන් ඉන්නේ වෙනම ලෝක වල, උන්ට ඉගෙනගෙන උඩට යන්න ලොකු වුවමනාවක් නෑ. එක්කෝ OL වලින් private campus එකකට යයි. උන්ගේ ජීවන රටාවම වෙනස්. උන්ට arrears අඩුයි. සල්ලි තියෙන එවුන් දිහා බලල හූල්ලන්නවා වෙනුවට ගෙවල් වලින් තියෙන support එකෙන් මොනවාහරි කරගන්නවා. උන් ගමේ ඉස්කෝලේ යන එවුන් ගැන හොය හොය වද වෙන්නෙ නෑ. උන්ට ගම මතක් වෙන්නෙ trip එකක් යන්න තමයි. ඔය අතරේ සමහර එවුන් ඉන්නවා ගම් වලින් එන එවුන්ට උඩට එන්න දෙන්නෙ නැතුව පාගලා දාන්න හදන රදළ මානසිකත්වෙන් ඉන්න. උන්ට තියෙන්නෙ අනිත් හැමදේම තිබිලත් දක්ෂතාවය නැති ඉරිසියාව.
ඕක වෙනස් කරන්න නම් තමන් දැනගන්න ඕනි මේ දෙපැත්තෙම වාසි අවාසි තියෙනවා කියලා. ගමේ ගිය එකාට හොඳ ළමාකාලයක් නිදහසක් තියෙනවා. ඇලේ දොලේ පැනලා පොලවේ පය ගහලා ඉඳලා තියෙනවා. ඒ දේවල් කොළඹ එවුන්ට නෑ. උන්ට කට්ට කාලා පුරුදු නෑ. ගමේ එවුන් කොළඹ ගැන හිතන තරම් සුන්දර නෑ. සමහර ප්‍රසිද්ධ ඉස්කෝල තියෙනවා ඒවයි පහසුකම් ගමේ ඉස්කෝලෙට වඩා අඩුයි. කුකුල් කොටු වගේ පන්තිකාමර වල ළමයි 45ක් විතර තැම්බෙනවා හුළං පොදක් නැතුව. වාහන දුම් දූවිලි පරිසරය අන්තිමයි. ඒ ළමයි කැමති වෙයි ඒ වෙනුවට පොල් අතු අහුරපු මැටි පංතිකාමරයක නිදහසේ හුස්ම අරන් ඉන්න තියෙනවා නම්
අනිත් එක ආදි ශිෂ්‍යයෝ. ගමේ ඉස්කෝලේ ගිහින් හොඳ තැනකට ආපු ගොඩක් එවුන්ට තමන් ආපු තැනට උදව් කරන්න අමතක වෙනවා. තමන්ගේ ඉස්කෝලේ නම කියන්න ලැජ්ජ වෙනවා. ඉස්කෝලේ පොඩි ළමයෙක් දැක්කම නොදැක්කා වගේ ඉන්නවා. අන්න ඒකත් ලොකු හේතුවක් ගමේ ඉස්කෝල බහුතරයක් හැමදාම එක තැන තියෙන්න.