The Blue Book

your_love

Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Meka Koheda ban Lankawe Ganna tiyenne?

    images
     

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය ලබන ඔක්තෝබර් 5වනදා සිට 15වනදා දක්වා කොළඹ ප්රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. අධ්යාපන අමාත්යංශය හා එක්ව පවත්වන මෙම පොත් අලෙවිය මෙරට ක්රියාත්මක කිරීම පිළිබඳව මාධ්ය දැනුවත් කිරීම Big Bad Wolf Books නිර්මාතෘ සහ කළමණාකාර අධ්යක්ෂ ඇන්ඩෘ යැප් මහතා සහ ProRead Lanka (Pvt) Ltd අධ්යක්ෂ නිශාන් වාසලතන්ත්රී යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
    මෙම පොත් අලෙවියෙහි විශේෂත්වය වන්නේ එය පැය 24පුරාම විවෘතව පැවතීමයි. පොත් පත් පරිශීලනය කරන්නන්ට නොනැවතී එක දිගට දින 11ක් තිස්සේ පොත් පත් මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙයි. මෙම පොත් අලෙවිය පැය 255ක් විවෘතව තැබීමට නියමිතය. මෙම නිසා ඕනෑම වයසක පසුවන්නකුට සිය කැමැත්ත පරිදි පොත් තෝරා ගැනීම සඳහා කාලය ගැටළුවක් නොවනු ඇත. නවතම ඉංග්රීසි පොතපත සඳහා 60%සිට 80%දක්වා විශේෂ වට්ටම් මෙහිදී ලබාගත හැකිය. උසස් තත්වයේ නවතම ඉංග්රිසි පොත් පත් රැසක් මෙහිදී අලෙවි කීරිමට අපේක්ෂිත ය. අඩු මිලකට හොඳ පොත් පත් මිලට ගැනීමට පාඨකයාට අවස්ථාව සැලසීමේ අරමුණ ඇතිව මෙම පොත් අලෙවිය ක්රියාත්මක වෙයි. ශ්රී ලාංකිකයන් තුළ ඉංග්රීසි දැනුම වර්ධනය කිරීම සහ පොත පත කියවීමේ වටිනාකම ප්රචලිත කිරීම ද මෙහි තවත් අපේක්ෂාවකි.
    විවිධ පොත පත රැසක් එකම වහලක් යටදී අඩුම මිලකට මිලදී ගැනීමට ලැබෙන හොඳම අවස්ථාව ලෙස මෙම අවස්ථාව හැදින්විය හැකිය. ලොව පුරා අතිශය ජනප්රිය ඉංග්රීසි පොත් 20000ක් ද ඇතුළුව විවිධ ෂානරයන්ගෙන් යුත් මිලියන 1.5කට අධික පොත්පත් ප්රමාණයක් මෙහිදී අලෙවි කෙරේ. චරිත කථා, ප්රබන්ධ, ප්රබන්ධ නොවන, සාහිත්ය, ඉවුම් පිහුම්, ළමා පොත් වැනි කුඩා පොත පත සහ දෙමව්පියන්ට, ගුරුවරුන්ට සහ ළමයින්ට වැදගත් වන අධ්යාපනික පොත පත ද ඒ අතර වෙයි. ඉතා දුර්ලභ සීමිත පිටපත් සංඛ්යාවලින් යුතු පොතපත එකතු කරන්නන්ට ද මෙම අවස්ථාව කදිම අවස්ථාවකි. දේශීය පොතපත අලෙවි කරුවන්ටද මෙම අලෙවියෙහි අවකාශයක් වෙන් කර දී ඇති අතර DVD සහ Blu-Ray චිත්රපට මිලදී ගැනීමටද මෙහිදී අවස්ථාව සැලසෙයි.
    මෙම පොත් අලෙවිය පිළිබඳව අදහස් දැක්වූ ProRead Lanka (Pvt) Ltd අධ්යක්ෂ නිශාන් වාසලතන්ත්රී මහතා පෙන්වා දුන්නේ Big Bad Wolf පොත් අලෙවිය මෙරට පැවැත්වීමට අවස්ථාව හිමිවීම මහත් භාග්යයක් කොට සලකන බවයි. මේ ආකාරයේ පොත් අලෙවියක් කලක පටන් මෙරට පාඨකයින්ගේ අවශ්යතාවක් ව පැවැති බව ද හෙතෙම සඳහන් කළේය. පැමිණෙන සෑම පුද්ගලයෙකුටම වැදගත් වන පොත් මෙම අලෙවියෙන් ලබාගත හැකිවීම විශේෂත්වයක් බවද වාසලතන්ත්රී මහතා පෙන්වා දුන්නේය. ඉදිරියේදී ද මේ ආකාරයේ ප්රජාව අතර දැනුම හුවමාරුකරගැනීමේ වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බව ද නිශාන් වාසලතන්ත්රී මහතා අවධාරණය කළේය.
    Big Bad Wolf හි මලයාසියානු සහකරු වන දීපක් මාධවන් මහතා මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ඉංග්රීසි භාෂාව පිළිබඳව හසල දැනුමක් ලබාගැනීමට සියලු දෙනා දැඩි උනන්දුවක් දක්වන බවයි. එම අපේක්ෂාවන් ඉටුකරගැනීම සඳහා මෙම පොත් අලෙවිය කදිම අවස්ථාවක් සලසන බව ද හෙතම කියා සිටියේ ය. මෙම අවස්ථාව පොතපත පාඨකයින්ට පමණක් නොව සමස්ථ පවුලටම ප්රයෝජනවත් පවුලේ අවස්ථාවක් බවද මාධවන් මහතා සඳහන් කළේය. Big Bad Wolf පොත් අලෙවිය වෙත පැමිණ එම වෙනස වටහාගන්නා හැටියට තමන් සමස්ථ ශ්රී ලංකාවාසීන් ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා සඳහන් කළේය. පොත පත කියවනන්ට මෙය කදිම අවස්ථාවක් වන බවත්,තරුණ සහ වැඩිහිටි ආදී වශයෙන් විවිධ වයස් කාණ්ඩවල පිරිස් වෙත තම දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම ඉංග්රීසි භාෂාව ඉගෙන ගැනීමට මෙන්ම කුසලතා වර්ධනය කර ගැනීමට ද මෙහිදී අවස්ථාව හිමිවන බව හෙතෙම සඳහන් කළේය.
    වසර 2009දී මැලේසියාවේ සේලන්ගර් හි Dataran Hamodal හි දී ඇරඹි මෙම Big Bad Wolf පොත් අලෙවිය ඉතා කෙටි කලක් තුළ අතිශයින් ජනප්රියත්වයට පත්වූ සංකල්පයකි.කෙටි කාලයක් තුළ අසල්වැසි රටවල් වන ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල් වෙත මෙම Big Bad Wolf පොත් අලෙවිය ව්යාප්ත වූ අතර ශ්රී ලංකාව මෙම දැවැන්ත පොත් අලෙවිය පවත්වන හතරවන රට ය.