"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

madushanka224

Member
Feb 19, 2014
173
91
0
"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

2013 වර්ෂයේදී නිකුත් වූ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූ "The Conjuring" අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මැලේසියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන ජේම්ස් වොන් විසින්. මෙම චිත්‍රපටයට සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවූවක්. The Conjuring නරඹන අතරතුරේදී කොඳු නාරටිය සීතල වී මුලු ඇඟම හිරිවැටී යන්නේ වරක් දෙවරක් නොවේ.

TheConjuring-Facebook-600-x-350.jpg




චිත්‍රපටයට පදනම් වූ සත්‍ය කතාව


එඩ් සහ ලොරේන් අඹු-සැමි යුවළ (වොරන් යුවළ) ඇමෙරිකානු අද්භූත සිදුවීම් පරීක්ෂක (Paranormal Investigators) යුවළක්.

conjuring.jpg



මොවුන් දෙදෙනා සිදුවීම් 10,000කටත් අධික ප්‍රමාණයකට සම්බන්ධව ක්‍රියාකර ඇති බවටයි සඳහන් වෙන්නේ.


මෙම කතාවේ අද්භූත සිදුවීම් වලට මුහුණ දෙන්නේ පෙරන් පවුලයි. සාමාජිකයින් ගණන 7ක් වන ඔවුන්ගේ පවුලේ දරුවන් පස් දෙනාම ගැහැණු දරුවන්.


Perron-family.jpg





රොජර් සහ කැරොලින් පෙරන් 1971දී රෝඩ් අයිලන්ඩ් හි හැරිස්විල් ප්‍රදේශයේ නව නිවසක පදිංචියට පැමිණෙනවා. නමුත් ඔවුන් එහි පදිංචි වී ටික දවසකින්ම ඔවුන්ට අද්භූත ආකාරයේ අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වෙනවා. හරියටම උදෑසන 5.15ට පමණ මස් පිළිස්සෙන දුගඳක් දැනීමත් ඔවුන් නිදා සිටින විට කකුල් වලින් ඇදීමත් නිතරම සිදුව තිබෙනවා. මෙම කරුණු ගැන පරීක්ෂණ පැවැත්වීමට ඔවුන් වොරන් යුවළට ආරාධනා කොට තිබෙනවා. වොරන් යුවළගේ පරීක්ෂණ සටහන් වලට අනුව චිත්‍රපටය නිපදවී ඇති අතර එම සිදුවීම් සියල්ලම පාහේ සත්‍ය බවට ඇන්ඩ්‍රියා පෙරන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් මෙම නිවසෙහි වසර 10ක් ජීවත්ව සිට ඇති අතර පවුලේ වැඩිමහල් දියණිය වන ඇන්ඩ්‍රියා පෙරන් ඔවුන් මුහුණදුන් අත්දැකීම් ගැන House of Darkness House of Light නමින් පොතක් ලියා පළකර තිබෙනවා.

චිත්‍රපටයේ සඳහන් වන පරිදි පෙරන් පවුලට කරදර කරන භූතාත්මය වන්නේ බාත්ෂීබා ශර්මන් නම් යක්දෙස්සියක්. නමුත් බාත්ෂීබා යක්දෙස්සියක්ද යන්න ගැන කිසිම තීරණාත්මක සාධකයක් හමුවී නැහැ. දැනට සොයාගෙන තිබෙන කරුණු අනුව නම් ඇය සාමාන්‍ය ආකාරයෙන් ජීවත් වී 1885දී මියගිය බවටයි සැළකෙන්නේ. ඇය සාමාන්‍ය ආකාරයෙන් පවුල් ජීවිතයක් ගෙවා ඇති බවටද ඇගෙන් පැවතෙන පරම්පරාවක් සිටිනා බවටද විශ්වාස කෙරෙනවා. පහත දැක්වෙන ඡායාරූපයේ ඇය සිටිනා බවට මත පළ වී ඇතත් (ඇන්ඩ්‍රියා පෙරන්ගේ කෘතියේ සඳහන් වන ආකාරයට) එය නිශ්චිත වශයෙන්ම සනථ කොටගෙන නැහැ.

bgnst.jpg



නමුත් ජනප්‍රවාද වලට අනුව නම් බාත්ෂීබා යක්දෙස්සියක්. මේ පිළිබඳ මුලින්ම සැක පහළව ඇත්තේ ඇයගේ භාරයේ සිටි ළදරුවෙකු අභිරහස් ආකාරයෙන් මිය යාමත් සමගයි. ළදරුවාගේ මරණ පරීක්ෂණයෙන් හෙලිවී තිබෙන ආකාරයට ළදරුවාගේ මරණය සිදුව තිබෙන්නේ විශාල ඉඳිකටුවක් හිස් කබල සිදුරු කරගෙන යාමෙනුයි. සාක්ෂි මඳකම නිසා ඇයව මෙම මරණයට නිවැරදිකරු වුවද එම නගරයේ මිනිසුන්ගේ මතය වූයේ බාත්ෂීබා එම ළදරුවාව යක්ෂයාට බිලිපූජාවක් ලෙසින් බිල්ලට දුන් බවයි.

grvbt.jpg

බාත්ෂීබාගේ සොහොන

1885 මැයි මස 25 වනදා බාත්ෂීබා ශර්මන් මියගොස් ඇත්තේ වයසට යාමෙන් අනතුරුව ස්වාභාවික ආකාරයෙනුයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන ඇයගේ සොහොන පිහිටා ඇත්තේ රෝඩ් අයිලන්ඩ් හි හැරිස්විල්හි සුසාන භූමියේයි.

පෙරන් පවුලට කරදර කල භූතාත්මය බාත්ෂීබා බවට තීරණය කර ඇත්තේ ලොරේන් වොරන් විසින්. ඒ හරියටම ඉඳිකටුවකින් සිදුරු කලා වැනි තුවාලයක් කැරොලින් පෙරන්ගේ (මවගේ) කකුලේ අද්භූත ආකාරයෙන් ඇති වීමෙන් පසුව හා බාත්ෂීබ පිළිබඳ පුරාවෘත්තය ඇසීමට ලැබීමෙන් පසුවයි.

මෙම නිවසේ ඉතිහාසය සොයා බලද්දී එහි සිදුවී ඇති අකල් මරණ ගණන 10ක් ලෙසටයි සඳහන් වන්නේ. මින් 2ක් ගෙල වැළලාගෙන කරගත් සියදිවිනසාගැනීම් ලෙසටත් තවත් එකක් වස පානය කර සියදිවි නසාගැනීමක් ලෙසටත් දියේ ගිලී සිදුවූ මරණ 2ක් ලෙසටත් අධික ශීතල නිසා ඇතිවූ මරණ 4ක් ලෙසටත් සඳහන් වන අතර අනෙක් මරණය වයස 11ක දරුවෙකුව දූෂණය කර මරා දැමීමක්.

rstfr.jpg

සිදුවීමට පාදක වූ නිවසේ වර්තමාන (2000 වර්ශයේදී) පෙනුම



මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන්ගේ සත්‍ය ඡායාරූප

lrnwn.jpg

ලොරේන් වොරන්
dwrrn.jpg

එඩ් වොරන්
crlpn.jpg

කැරොලින් පෙරන්
rgrpn.jpg

රොජර් පෙරන්
adrpr.jpg

ඇන්ඩ්‍රියා පෙරන්
ncypr.jpg

නැන්සි පෙරන්
chrtn.jpg

ක්‍රිස්ටීන් පෙරන්
cndpr.jpg

සින්ඩි පෙරන්
aprlp.jpg

ඒප්‍රිල් පෙරන්



අනෙකුත් සෑම අද්භූත කතාවක් මෙන්ම මෙම කතාවද විශ්වාස නොකරන බොහෝ පිරිසක් වන අතර ඒ පිළිබඳ තීරණය කිරීම ඔබට භාරයි.



new.jpg
 
Last edited:

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    රෑ 12න් පස්සේ කාමරේ ලයිට් off කරගෙන බලන්න:)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    බලපු නැති උන් මේක නම් බලන්න හිතන්න වත් එපා යකුනි. . . :D

    මමත් ආපු දවස් වලම වෙනදා හොල්මන් ෆිල්ම් බලන විදියටම රැ 11 ට විතර Headphones දෙකක් දාලා බලන්න පටන් ගත්තා,
    අම්මට සිරි වෙන්න .. . . ඒක තමයි මම රැට බලපු අන්තිම ෆිල්ම් එක, එතනින් පස්සෙ හොල්මන් ෆිල්ම් බලන්නෙ දවල්ට :lol:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    රෑ 12න් පස්සේ කාමරේ ලයිට් off කරගෙන බලන්න:)


    එහෙනම් ඉතින් කට්ටියටම කලින් උදේම නැගිටලා කාමරේ සුද්ද කරන්න වැඩේ වෙලා තියෙයි!!! :baffled::baffled::baffled::baffled:

    click
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල

    බලපු නැති උන් මේක නම් බලන්න හිතන්න වත් එපා යකුනි. . . :D

    මමත් ආපු දවස් වලම වෙනදා හොල්මන් ෆිල්ම් බලන විදියටම රැ 11 ට විතර Headphones දෙකක් දාලා බලන්න පටන් ගත්තා,
    අම්මට සිරි වෙන්න .. . . ඒක තමයි මම රැට බලපු අන්තිම ෆිල්ම් එක, එතනින් පස්සෙ හොල්මන් ෆිල්ම් බලන්නෙ දවල්ට :lol:

    මම ඕක බැලුව බං බය හිතුනෙ නෑ.. :(
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මමත් රෑ 10.00ට විතර හෙඩ්ෆෝන් දාගෙන බැලුව පට්ට ෆිල්ම් එක. අර කබඩ් එකේ උඩ ඉදන් පනින හොල්මන් සීන් එක කොහොමද..?? හැබැයි woman in black ෆිල්ම් එක තරම් බය උනෙ නෑ මචංග්. true storyක් නිසා හොදයි.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මගෙ අප්පොච්චියේ මම ඕක බැලුව වෙනද පුරුදු විදිහටම රෑ නිදාගන්න ඇවිත් කාමරේ කට්ට තනියම ලයිටුර්හ් ඕෆ් කොරොල බයවෙච්ච පාර අන්තිමට අම්ම ගාවට දුවන් ගිහින් ඒගොල්ලොන්ගෙ කාමරෙන් නිදාගත්ත අප්ප... බලපු නැති උන් ඉන්නව නම් දවල් වෙලාවක කට්ටියක් එක්ක බලන්න
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එච්චරම බය හිතුනෙත් නෑ හැබැයි :oo:
    මාරු ෆිල්ම් එක :cool:
    මෙච්චර තිරය පසුපස කතාවක් තියෙනවා කියල දැනගත්තේ අදයි :yes:
    බෙදාගත්තට ස්තුත්යි :)
    රේප් දුන්න ;)