The difference between Bits and Bytes

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    CKdb9OHm.gif


    ඔන්න ඉතින් මගේ පළවෙනි ත්‍රෙඩ් එක දාන්න තමයි යන්නේ. ඔයාලා ගොඩාක් දෙනෙක් අවදානය යොමු නොකරන දෙයක් ගැන ඉස්සෙල්ලා කියන්න ඕනේ කියලා හිතුනා. කට්ටිය දන්නවානේ Bits සහ Bytes කියන්නේ මොනවාද කියලා. ඒ ගැන දන්නේ නැති අයට මම ඉස්සෙල්ලාම Bytes ගැන කියලා ඉන්නම්.

    දැනට පරිගණක ආශ්‍රිතව දත්ත (Data) ප්‍රමාණයන් මනින්නේ Bytes, Kilobytes (KB), Megabytes (MB), Gigabyte (GB) සහ Terabytes (TB) විදිහටනේ. මෙතනින් එහාටත් තව හෙන ගොඩාක් තියෙනවා. ඒත් තාම අපේ එදිනෙදා ජීවිතයේදී ඒවා භාවිතාවෙලා නැති නිසා ඒ ගැන සඳහන් කළේ නෑ. කොහොම හරි ඔයාලා හැමෝම දන්න විදිහට මෙය 1024න් 1024ට තමයි වැඩි වෙමින් යන්නේ. ඒ කිව්වේ 1024 Bytes සමාන වෙන්නේ 1 Kilobytes (KB) වලට ඔය විදිහටම 1024 Kilobytes (KB) සමාන වෙන්නේ 1 Megabytes (MB) වලට ඔන්න ඔය විදිහට රටාවකට අනෙක් ඒවාත් එකින් එක වැඩිවෙනවා. හරි දැන් මේ ගැන දන්නේ නැති අයට දළ අදහසක් එන්න ඇති කියලා හිතනවා.

    දැන් බලමු Bits ගැන. Bits ගැන ගත්තත් කතාව සමානයි මේකත් 1024න් 1024ට තමයි වැඩිවෙමින් යන්නේ. මේකත් Bits, Kilobits (Kb), Megabits (Mb), Gigabits (Gb), සහ Terabits (Tb) ආදී වශයෙන් දිගට දිගට තියෙනවා. හැබැයි මම දැන් කියන්න හදන්නේ Bits සහ Bytes අතර සම්බන්ධතාවය ගැන. Bits සහ Bytes ගත්තොත්, 1 Bytes සඳහා 8 Bits තියෙනවා. අනික තමයි මෙම ඒකක සඳහන් කරද්දීත් ඒකකවල වෙනසක් තියෙනවා. Bytes ගැන සඳහන් වෙන සෑම ස්ථානයකම කැපිටල් බී අකුර (B) තමයි යෙදෙන්නේ නමුත් Bits ගැන සඳහන් කරද්දී යෙදෙන්නේ සිම්පල් බී අකුර (b) උදාහරනයක් විදිහට මෙහෙම ගමු. 8 Kilobits (Kb) සමානවෙන්නේ 1 Kilobytes (KB) කියලා කියන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් මේ ගැන අවධානය යොමුකරන්නේ නෑ. ඒ නිසා හැම තැනකදීම Bits වල ඒකකය ගැන අවධානය යොමු නොකරන නිසා Bits වල ඒකක Bytes කියලා පටලවා ගන්නවා.


    rVIeZo7m.gif



    ඔන්න දැන් තමයි මම කියන්න ආපු දේ ගැන කියන්නේ. ඔයාලා හැමෝමගාව අන්තර්ජාල පහසුකම් තියෙනවා. ඔයාලාගේ ISP (Internet Service Provider | Eg: SLT & Dialog) ඔයාලාට දත්ත (Data) ප්‍රමාණය GB (Gigabytes) වලින් පවසනකොට අන්තර්ජාල වේගය පවසන්නේ Mbps (Megabits per second) වලින් බව දැනගෙන හිටියාද. (එහෙම දැනගෙන හිටියා නම් හොඳයි Big Grin ) ඒත් බහුතරයක් පිරිස මේ ගැන දන්නේ නෑ. හොඳයි අපි උදාහරණයකින්ම මේ වෙනස ගැන බලමු.


    උදා :-

    දත්ත ‍වේගය 2 Mbps වන අන්තර්ජාල සම්බන්ධතාවයක් ගැන අවධානය යොමුකරමු. මෙතනදී අපි 100 MB ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරන්න යන වේලාව ගැන දළ අදහසක් ගමු. මෙතනදී මම අපේ ISP කලින් සඳහන් කළ වේගයෙන්ම දත්ත සන්නිවේදනය කරන බවට උපකල්පනය කරනවා. හොඳයි එහෙනම් අපි ගාන හදමු.

    *Bytes සහ Bits අතර වෙනස 8යි කියලා සහ 1024න් 1024ට තමයි වැඩි වෙන්නේ කියලා ආයිමත් මතක් කරගමු.

    හොඳයි දැන් ඉස්සෙල්ලාම Mbps වලින් තියෙන දත්ත වේගය Kbps වලට හරවාගමු.

    ඒ සඳහා,
    2 Mbps X 1024 = 2048 Kbps

    දැන් අපි Kbps ඒකකය KBps වලට හරවාගමු.

    ඒ සඳහා,
    2048 Kbps, 8න් බෙදූ විට = 256 KBps

    හොඳින් කොහොමද වේගය. දැන් අපි MB ප්‍රමාණයත් KB වලට හරවමු.

    ඒ සඳහා,
    100 MB X 1024 = 102,400 KB

    හරි දැන් අපි බලමු මේ ෆයිල් එක ඩවුන්ලොඩ් කරන්න යන වෙලාව

    ඒ සඳහා,
    102400 KB, 256 KBps වලින් බෙදූ විට = 400 තත්ත්පර

    තත්ත්පර වලින් තිබ්බාම එච්චර දැනෙන්නේ නැති නිසා අපි මේක මිනිත්තුවලට හරවමු.

    ඒ සඳහා,
    400 තත්ත්පර, 60න් බෙදූ විට = 6.67 මිනිත්තු


    ඒ කියන්නේ 100 MB ෆයිල් එකක් 2 Mbps වේගයකින් ඩවුන්ලෝඩ් කරන්න මිනිත්තු 7 කට ආසන්න කාලයක් ගතවෙනවා. හැබැයි ඔයාලා දන්නවා ඔය 2 Mbps කියන වේගය කියන විදිහටම ලැබෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ දළ වශයෙන් මිනිත්තු 7කට වඩා වැඩි කාලයක් මේ සඳහා ගතවෙනවා.

    දැන් තේරෙනවා නේද මෙච්චර කාලයක් ඔයාලාගේ අන්තර්ජාල වේගය ඔයාලා හිතන වේගයට කවදාවත් ලඟානොවෙන බව. එහෙනම් මගේ ත්‍රෙඩ් එක මෙතනින් නවත්වනවා. ආයෙමත් තවත් අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු.
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    වටිනවා මචන්... Rep+
    data usage ekai, Internet speed monitor karana
    DU meter එක Network වලින් වෙනස් වෙන්නේත් එය කේස් එක හින්දද මචන්..

    Thnks bn
    Data usage enne byte walin ban. Eth internet speed eka enne bit walin. :yes: Internet speed eka 8n bedala thamai actual speed ekata ganne