The Fall බැලිය යුතුම TV series එකකි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    the-fall.jpg


    2013 දි විකාශය ආරම්භ වුණු සීසන් 3කින් සමන්විත British Tv series එකක් . කතාවේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Gillian Anderson (ස්ටෙලා රහස් පරීක්ෂකවරිය) Jamie Dornan (පෝල් ස්පෙක්ටර් දාම ඝාතකයා) යන අයයි.

    කතාව කෙටියෙන් කියනවා නම් පෝල් ස්පෙක්ටර් කියන්නේ කාම විකෘතිකයෙක් පෝල් අනිත් කාම විකෘතිකයන්ගෙන් වෙනස් වෙන්නේ පෝල් තමන්ගේ ආශාවන් සංසිඳුවා ගන්නේ ගෑණු අයව මරලා ඒකෙන් ලැබෙන තෘප්තියෙන්. හැබැයි මේ විදිහට කාන්තාවන්ව මරණ මිනී මරුවා අල්ල ගන්න උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් පොලීසිය අසමත් වෙනවා. පොලීසියේ අසමත්වීම නිසා පෝල් මේ මිනීමැරුම් නොනවත්වාම කරන් යනවා.
    ඔය අතරේ තමයි මෙට්‍රොපොලිටන් පොලීසියේ ඉඳලා ස්ටෙලා කියන රහස් පරීක්ෂකවරිය බෙල්ෆාස්ට් වලට ගෙන්න ගන්නේ මේ දාම ඝාතකයාව අල්ලා ගන්න.

    ඇයට පුලුවන් වෙයිද මේ දාම ඝාතකයාව නීතියේ රැහැනට හසු කරගන්න?

    තවත් දෙයක් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ගිලියන් ඇන්ඩර්සන් ගේ රඟපෑම කොහොමද කියලා The x-files බලපු අය දන්නවානේ . බලන්නකෝ මේ කතාවේ ඇගේ රඟපෑම කෙතරම් විශිෂ්ඨ ද කියලා.

    කතාව අවසානයේ ඔබට වැටහේවි දිනුම එසේත් නැති නම් ජයග්‍රහණය එකිනෙකා බලන කෝණය අනුව වෙනස් වෙනවා කියලා. සමහරු තමන් දිනුම් කියලා හිතුවට ඇත්තටම දිනුම්ද?

    "THAT'S WHAT REALLY BOTHERS
    YOU, ISN'T IT? THE ONE NIGHT
    STAND. MAN FUCKS WOMAN.
    SUBJECT MAN, VERB FUCKS,
    OBJECT WOMAN. THAT'S OKAY.
    WOMAN FUCKS MAN. WOMAN
    SUBJECT, MAN OBJECT. THAT'S
    NOT SO COMFORTABLE FOR YOU,
    IS IT?" -

    STELLA GIBSON


    (සැලකිය යුතුයි - මෙය ඇබ්බැහි වෙන සුලුය )


    Telegram ඉන්න අයට මේ ලින්ක් එකෙන් කතාව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්
    https://t.me/tvseriese/10304
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    1st episode eke baagayak baluwa..echara set une nah bn..boring....normally man crime thriller walata asai eth meka set une nah