The First Medal of Honor Ever Recorded

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Medal Of Honor කියන්නේ ඇමරිකාවේ හමුදා සෙබළෙක්ට ලබා දෙන ඉහලම සහ වටිනාම පදක්කම. අපේ රටේ වගේ නම් පරම වීර විභූශණය කියන පදක්කම එක්ක සමානයි. මේ පදක්කම ගන්න අවස්ථාවක් ලැබෙන්නෙ හුඟක් අඩුවෙන්. ඒකත්, තමන් ජීවතුන් අතර ඉද්දි ඒ පදක්කමෙන් ගන්න එක හුඟක්ම කලාතුරකින් වෙන දෙයක්.

    ජෝන් චැප්මන් කියන්නේ ඇමරිකන් ගුවන් හමුදාවේ විශේෂ බළකා යුනිට් එකක සමාජිකයෙක් (Combat Controller). මේ යුනිට් එකක සමාජිකයෙක් තමයි කුඩා Special Forces කණ්ඩායමක සන්නිවේදන කටයුතු භාරව ඉන්නේ. ෆිල්ම් වල හෙම වයර් ෆෝන් වගේ එකක් කනේ ගහගෙන හෙඩ් කෝටර්ස් වලින් උපදෙස් ගන්නෙ, එයාර් සපෝට් ඉල්ලන්නේ.... etc මේ අය.

    2002 මාර්තු මාසේ දවසක චැප්මන් එක්ක කුඩා Special Forces කණ්ඩායමක් ඇෆ්ගනිථානයේ හිමෙන් වැහුන කඳුකර පළාතකට(Takur Ghar) ලෑන්ඩ් කරනවා මෙහෙයුමකට (Medal Of Honor කියන ප්‍රසිද්ධ ගේම් එක නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නෙත් මේ මෙහෙයුමම තමයි.) ඒක එහෙම සිද්ධ වෙන අතරේ උඩින් USAF එකේ predator drone එකකින් ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඒ රෙකෝඩ් උන වීඩියෝ එක තමයි පහලින් තියෙන්නේ. මේ වීඩියෝ එක declassify කරේ 2019 අවුරුද්දේ,ජෝන් චැප්මන්ට පදක්කම් ප්‍රධානය කරනකොට.

    මේ වීඩියෝ එක බැලුවොත් දැන ගන්න පුළුවන් 2002 මාර්තු මාසේ 4 වෙනිදා, ඒ ඇෆ්ගනිථාන් කඳුකර ප්‍රදෙශේ මොකක්ද උනේ කියලා, ඇයි ජෝන් චැප්මන් විශේෂ වෙන්නේ කියලා, පදක්කම් දෙකකට සුදුසුකම් ලබන්න ඔහු මොකක්ද කරේ කියලා,අන්තිමේදි ඔහුගේ ඉරණම තීන්දු උනේ කොහොමද කියලා.


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Tech-Sgt.-John-Chapman-300x262.jpg
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    mokakda ban une? video eke monawath clear na
    වීඩියෝ එකේ කොලිටි එක වැඩි කරලා commentary එකත් එක්කම බලපන්. තේරුම් ගන්න අමාරුවක් නම් නෑ.
     
    • Like
    Reactions: D_Mad