The Karate Kid (2010) | ගුරයි ගෝලයයි…

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    The Karate Kid (2010) | ගුරයි ගෝලයයි…

    the_karate_kid_2010-209x300.jpg

    ඔන්න ඉතින් උනු උනුවෙම බයිස්කොප් 1ක් දෙන්න තමයි මම මේ ලැස්ති වෙන්නේ. නමින් The Karate Kid. 1984 වසර ලොවපුරා කරාතේ උන්මාදයේ අලුත් ම ප්‍රතිනිර්මාණය. 1984 – 1994 දක්වා නිපදවපු බයිස්කොප් 3 ම ඩැනියෙල් සහ මාස්ටර් මියාගි යන ප්‍රධාන චරිත ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේ ම The Next Karate Kid නමින් එහි 4වන කොටස 1994 වසරේ තිරගත වුනා. කොලොම්බියා පික්චර්ස් සමාගම විසින් එලිදක්වන මේ අලුත්ම බයිස්කොප් 1ක ජනප්‍රිය නළු විල් ස්මිත් ගේ මුදලින් නිශ්පාදනය වන්නක්… ඒ වගේම තවත් අලුත් මුහුණක් අපට හදුන්වා දෙනවා. ඒ තමයි ජේඩන් ස්මිත්. ඒ කියන්නේ විල් ස්මිත් ගේ ආදරණීය පුතා. ඒ වගේම කලින් කථාවේ මියාගි ලෙස රගපෑ පැට් මෝරිටා ගේ මරණින් පසු (2005) මෙම බයිස්කොප් මාලාව අවසානය කියලා හිතුවත් නිශ්පාදන කණ්ඩායම තවත් අයෙක් ඒ සදහා යොදා ගෙන තියෙනවා. ඒ තමයි දක්ශ නළුවෙකු වන ජැකී චෑන්. ඉතින් තව අ‍ටුවා ටීකා මොකටද මේ බයිස්කොප් 1ක ගැන. Dre Parker ඒ කියන්නේ ජේඩන් ස්මිත් ඩේට්‍රියෝට් ඉදලා චිනයට එනවා. ඒ තමන්ගේ මවත් සමග. නමුත් ඔහුගේ පාසල් දිවියේ ආරම්භක දවසේ ඉදලා ලැබෙන සංග්‍රාහ හෙතුවෙන් ඔහු හෙම්බත් වෙනවා. මේ අතර ඔහුව වරක් බේර ගන්නේ අසල ගොඩනැගිල්ලක සේවකයෙක්. ඇත්තටම එයා කවුද? ඔන්න මෙතනින් මං නවත්වනවා. ආදරය, මිත්‍රත්වය, වෛරය අතරින් සටන් කලවේ සැබැගුණ පෙන්වන මේ බයිස්කොප් එක මිනිත්තු 140 පුරා දිවයන ලස්සන බයිස්කොප් එකක්.
    පොරකන්නේ නැතුව පොලිමේ ඇවිත් මෙතන ඔබන්න.

    දැන්වීමයි: කැමති උදවිය මේ පිටපත බාගත කරන්න.


    මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..