Hindi Urdu mutually intelligible neda??
හින්දි, උර්දු කියල භාෂා දෙකක් නෑ. ඒ දෙකම එකම භාෂාව.
1940-ගණන් වලට කලින් හින්දි කියල වෙනම භාෂාවක් තිබිල නෑ. තිබිල තියෙන්නේ හින්දුස්ථානි කියන භාෂාව. ඒ භාෂාවත් සමස්ත ඉන්දියාවේම පැතිරුණ භාෂාවක් නෙමෙයි. ඉන්දියාවේ භාෂා 800ක් විතර තියෙනවා.
හින්දුස්ථානි භාෂාවට අක්ෂර මාලාවක් නෑ. ඒ හින්ද දේවනාගරී සහ පාර්සි අක්ෂර මාලා දෙකම හින්දුස්තානි භාෂාවේ භාවිතා වුනා. ඉන්දියාව නිදහස ලබපු කාලයේ රටේ රාජ්ය භාෂාව කෝකද කියල තර්කයක් මතුවෙලා තියෙනවා. මොකද ඒ කාලේ මුළු ඉන්දියාවම එක භාෂාවක් කථා කලේ නෑ. ගාන්ධි ඇතුළු පිරිසක් කැමති වුනේ හින්දුස්ථානි භාෂාව (අක්ෂර මාලා දෙකක් එක්ක) රටේ රාජ්ය භාෂාව කරමු කියලා. නමුත් අන්තිමට බහුතර චන්දයෙන් සම්මත වුනේ දේවනාගරී අක්ෂර මාලාව පමණක් එක්ක හින්දි කියන භාෂාව රටේ රාජ්ය භාෂාව කලයුතුයි කියල. හින්දි භාෂාව ප්රමිතිගත වුනේ 1954දී.
මේ ගස් ඇඳලා තියෙන්නේ නම් ඉන්දියන් කාරයෙක් වගේ. ඔකේ අප්රිකානු භාෂා සහ චීන/ජපන් භාෂා එකක් වත් නෑ. ඉන්දියන් කාරයන්ගේ විශ්වාසයක් තියෙනවා ලෝකේ හැම භාෂාවේම මූලය සංස්කෘත කියලා. අපිටනම් ඕව අහනකොට හිකෙන් පුනා.