එම්පයර් ස්ටේට් ඉදිකළ අයුරු
දැනට ලෝකයේ ඇති උසම ගොඩනැගිලි අතරින් නව වැනි ස්ථානයේත් ඇමරිකාව තුළ දෙවැනි ස්ථානයේ පසු වන්නේත් මේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලයි. මහල් 102 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා යකඩ වැඩ කරන්නන්, ගල් වඩුවන් සහ අනෙකුත් ශිල්පීන් 3400 ක් පමණ දෙනා සේවයේ යෙදුණු බවත් වාර්තා වෙනවා.
යකඩ , ඇලුමිනියම් යොදා නිමවා ඇති මෙහි මුහුණත් සඳහා යොදාගෙන තියෙන්නේ ඔප දැමූ කළු ගල් සහ ඉන්දියානා හිරිගල් ය. මේ ගොඩනැගිල්ලේ මුදුනත සවිකර ඇති අකුණු සන්නායකයේ සිට එහි සම්පූර්ණ උස අඩි 1450 ක් වෙන බවයි මට දැන ගන්න ලැබුණේ. මෙම එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ වුණේ 1929 වර්ෂයේදියි . මෙහි ඉදිකිරීම් කළ සියලු පාර්ශ්වකරුවන් එකිනෙකා පරයමින් වේගවත් ඉදිකිරීමක නියැළුණු අතර මේ හේතුව නිසාම දුටුවන් මවිතයට පත් කරමින් සතියකට ගොඩනැගිල්ලේ මහල් පහක සියලු වැඩ නිම කරන්නට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව මාස 13 ක් වැනි කෙටි කලකින් එම්පයර් ස්ටේට් සම්පූර්ණ කරන්නට ඒ නිර්මාණකරුවන්ට පුළුවන් වුණා.
දැනුම ඇසුරින් : http://en.wikipedia.org/wiki/Empire_State_Building
