The Odyssey (2026) බොරිං නොවුන තැන් කීපය

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,761
    9,106
    113
    (ස්පොයිලර්ස් තිබිය හැක - Ye be warned!)

    නෝලන්ගේ ඔඩිසි වැඩකට ඇති චිත්‍රපටියක් වන්නේ එය හෝමර්ගෙ මුල් කෘතියට සමාන වෙන තැන් වලට වඩා වෙනස් වන තැන් කීපය මතය. මෙසේ සිතමු, ෆ්ලැග්ෂිප් පරිවර්තනම හය හතක් ඇති, ඒවායින් විවිධාකාරයෙ චිත්‍රපටි දුසිමක් පමණ දැනටමත් සාදා ඇති ක්ලැසික් කාව්‍යයක් නැවතත් මුල් අකාරයෙන්ම කියන්නට මිලියන දෙසීයක් පුච්චන්නේ ඇයි ද යන්න බොහෝ දෙනෙක් අසන්නේ නැත. මේ ගැන පසුවට.

    නෝලන් තමන්ගේ ඔඩිසි ය වැඩකට ඇති තැන් දෙකකින් වෙනස් කරයි. පලමුවැන්න ඔඩිසිසියස් තමා ඇතුලු මයිසිනියානු ජනයා සහභාගී වූ ට්‍රෝජන් යුද්ධ ගැන දරන්නේ සංකීර්ණ අදහසකි. ඉන්නේ පශ්චත්තාපී මනෝභාවයක ය. සම්භාව්‍ය රීතියට අනුව ලියවුන හෝමර්ගේ ඔඩිසියස් මෙවැනි සංකීර්ණතාවක් නොපෙන්වන තමාගේ ක්‍රියාවන් ගැන දෙවතාවක් නොහිතන පන්නයේ ආත්ම විශ්වාසයෙන් පිරුනු මහෞෂදයෙකි.

    මේ පසුතැවීමේ නෝට් එක තදට ගැසීමෙන් නෝලන් කරන්නේ කතාව නූතනකරනයක් හෝ ක්‍රිස්තියානිකරනයක් ලෙස සිතිය හැක. එක අතකට මෙය නෝලන් ගේ අමුතුම සැරසිල්ලක් වන්නේත් නැත. ඉලියාඩ් කාව්‍යයේ සමහර යුද සටන් වල අවසානය ඉදිරිපත් කරන්නේ විජයග්‍රාහි බවකට වඩා විචාරාත්මක ඇම්බිවලන්ට් බවකිනි. අකිලිස් මෙවැනි චිත්ත විපර්යාසයකට ලක්වේ. නෝලන් තමන්ගේ චිත්‍රපටියෙ අකිලිස් ඉවත් කර ඒ වෙනුවට ඔඩිසියස්ට මේ දැක්ම ආරෝපනය කරයි.

    නමුත් පසුතැවෙන ඔඩිසියස් කෙනෙකු ඇති පලවෙනි නිර්මානය මෙය නොවන අතර මීට පෙර අවස්තා කීපයකදීම ඔඩිසියස් ට වඩා සංකීර්ණ මනෝභාවයන් දීමට උත්සහ කර තිබුනි. එහෙනම් මොකක්ද නෝලන්ගේ පසුතැවීමෙ නැරටිව් උවමනාව.

    නෝලන්ගේ ඔඩිසි යේ දෙවනි වෙනස්කම මුහුදු ගෝත්‍ර ගැන සඳහන් කිරීමයි. හෝමරික් කාව්‍ය වල කොතැනකවත් මුහුදු ගෝත්‍ර දකින්නට නැති අතර මේ ගැන පලමුව කියන්නේ පුරාණ ඊජිප්තු ‍ජනයා ය. ඒ වාර දෙකකට නැව් මඟින් පැමිණ තමාට සහ අවට රාජ්‍යයන් පහර දෙන ගෝත්‍ර දුසිමයක පමණ නම් සඳන් කර ඇති රූපාක්ෂර ලිපි වලිනි. අපි අද දන්නා ශාස්ත්‍රීය ඉතිහාසයට අනුව ක්‍රිපූ 1200 පමණ සුලු ආසියාවෙ බල කේන්ද්‍රයන් වන හිටයිට්, මයිසිනියානු, ඊජිප්තු ශිෂ්ඨාචාර සහ පරිවාර රාජ්‍යන් වන උගරිට් (වර්තමාන සිරියාව), සයිප්‍රසය සහ ලෙවාන්ත ජනාවාස එකවිට පරිහානියට පත් වෙන බව පෙනේ. මුහුදු ගෝත්‍ර යනු මේ සුලු ආසියානු ලෝකඩ යුගයෙ සංස්කෘතීන් ගේ අවසානයට බලපාන හේතු වලින් එකකි. අමතරව උග්‍ර නියඟයන්, භූ කම්පන සහ ඈත පලාත්වලින් එන ටින් සහ තඹ වැනි වටිනා අමු ද්‍රව්‍ය සැපයුම් අඩාල වීම ද බලපා ඇතැයි කියයි. මේ සාධක වල අනුකලනයක් නිසා සුලු ආසියානු ශිෂ්ඨාචාර අතර වෙලඳාම, ඒවායෙ පවුරු නගර සහ සාක්ෂරතාවයද විනාශ මුඛයට යයි. නමුත් නෝලන්ගේ මුහුදූ ගෝත්‍ර පෙරකී මුහුදු ගෝත්‍ර ම නොවේ.

    පුරාන ග්‍රීක අදහසක් වන xenia අනුව කලාපීය බලවතුන් අන්‍යෝන්‍ය ව ගරු කලයුතු පූජනීය ගිවිසුමෙ පොලිටිකල් අර්ථය වන්නේ හැකිතාක් යුද ගැටුම් සහ ආක්‍රමණයන් අවම කරගැනීමයි. මේ සියලුම ජනයා එකිනෙකා අතර භාණ්ඩ හුවමාරුවෙන් තමන්ගේ ආර්ථිකය නිර්මාණය කරගත් අතර වඩා ධනවත් බලයන් පරිවාර රාජ්‍යයන්ට ණය දීම සිදු කෙරුනි. එක වරක් හිටයිට් අධිරාජ්‍යයාගේ මව ඊජිප්තු අධිරාජ්‍යයාට යවන පණිවිඩය සදහන් වන්නේ ණය වාරිකය වශයෙන් ගෙවා ඇති රත්‍රන් බාල වන අතර මේ වරදනැවත නොකරන ලෙසය. මේ ශිෂ්ඨාචාර ස්තාවර පැවතීමට වෙලඳාම් සිදුවිය යුතුය. එය සඳහා ජාතීන් අතර ගැටුම් අවම කරගතයුතුය. එකිනෙකා යුද නොවැදිය යුතුය.

    නැවතත් චිත්‍රපටියට. ඔඩිසියස් නැති අතරේ ග්‍රීසියෙ ඉන්නා ඇකියන් වරු බාහිරින් එන මුහුදු ගෝත්‍රයක් තම අවට රාජ්‍යයන් හි කරමින් ඉන්නා කලහකාරී ආක්‍රමණයන් ගැන වරින් වර අසයි. ලඟ ලඟම එන නොදන්නා නොපෙනෙන විනාශයකට සූදානම් වේ. පෙනෙලොපි මුහුන දෙන යථාර්තය තනිකඩව නොසිට තවකෙකු සමඟ විවාහ වී මේ ආක්‍රමණිකයන්ට මුහුන දීමට රාජධානිය ශක්තිමත් කරගත යුතු බවයි. ඉතකාවට ආ පසු ඔඩිසියස් වටහා ගන්නේ ජාතීන් අතර සාමය උදෙසා පවතින සෝෂල් කන්ට්‍රැක්ට් එක කඩ කෙරූ මුහුදු ගෝත්‍රයන් අතරට ට්‍රෝජන් යුද්ධයන් කල තමන්ද අයත් වන බවයි. ඔඩීසියස් ඇතුලු පිරිස දේව උදහසට ලක්වන්නේ පූජනීය ගිවිසුමකට එරෙහිව යෑම නිසාය. නෝලන්ගේ දෙවියා ප්‍රැග්මැටික් ආර්ථික මූලදර්මයක් වන අතර දේව උදහස වනාහී ආර්ථික දියුණුව, සාක්ෂරතාවය, සාමය ඇතුලු ශිෂ්ඨාචාර පරිහානියය. ඔඩිසියස් ගේ පසුතැවීම මෙයයි.

    පසුවට තැබූ කතාව මේකයි- හෝමරික් කතා සම්පාදනය වෙන්නේ ක්‍රිපූ 800 පමණ ය. කතාවලට වස්තු බීජය ක්‍රිපු 1200 පමණ සුලු ආසියාව පුරා ලෝකඩ යුගයෙ රාජ්‍යයන් බිඳවැටී යන සමය ගැන පසු කාලයෙ සිටි ජනතාවට පරිකල්පනය කල සිද්ධීන් ය. ඉතිහාසය ඉතිහාසය ලෙසම ලියන්න තවමත් හෙරෝඩටස් හෝ තුසිඩයිඩස් ගෙ කාලය නොවේ නිසා හෝමර් කරන්නේ සැලකිය යුතු තරමෙ ප්‍රබන්ධකරනයකි. මෙසේ සම්පාදිත කතා ග්‍රීක පුරාණ යුගය (Archaic Period) පුරාවටම මුඛ පරම්පරාගත පවතී. නැවත නිර්මාණය වේ. පසුව ක්‍රිපු 500 න් පසුව ග්‍රීක සම්භාව්‍ය යුගයේ (Classical Period) දී ග්‍රන්ථාරූඪ වේ. එතැනින් පසු මේවා ග්‍රීසියට පමණක් සීමා වන්නේ නැත. රෝම ජනරජයෙ ජනතාව ඉලියාඩ් වැළඳගන්නා අතර් ට්‍රොජන් යුද්ධ වල සටන් කලේ තමන් පැවත එන මුතුන් මිත්තන් බව සිතයි. ඉලියාඩ් මත පදනම්ව වර්ජිල් ඉනියාඩ් ලියයි. හෝමරික් කතා බෝල්කන් කලාපයට යයි. පසු ව්‍යවහාරික යුගය පුරාවට හෝමරික් කතා ‍යුරෝපය ඇප්‍රොප්‍රියෙට් කරගනී. සෞන්දර්‍ය දර්ශනයෙ සිට වර්තමාන පොප් සංස්කෘතිය දක්වා බටහිරයන් හෝමරික් කතා ‍රීසයිකල් කරයි. මෙය බග් එකක් නොවන අතර ෆීචර් එකකි.

    හෝමරික් කාව්‍යය යනු අවුරුදු 3000 ක් පුරාවට ජීවත් වෙන හුස්ම ගන්නා සම්ප්‍රදායකි. දැනුන දේ නම් නෝලන් තමන්ගේ ඔඩිසි හදන්නේ කතාව කීමේ උවමනවාටත් වඩා මේ හද්ද පරණ බටහිර ප්‍රැක්ටිස් එකෙ නිරත වීමෙ ආසාව නිසා විය හැකි බවයි.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,540
    5,091
    113
    හම්මෝ ලවුදබෝම්බ මැති තුමා දැක්ක කල්.. ඇයි දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නැත්තේ?
    ලොවිටුස්ව එක එක ඒවාට ටැග් කරන්න යනකොට නිතරම ඔබේ නම උඩට එනව.
     
    • Like
    Reactions: lovethebomb

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    සුපර් හීරෝ මූවීස් වල තියෙන අන්තිම ලදරු හොද නරක විග්‍රයක් ඔලුවෙ දාගෙන ඉන්න හොලිවුඩ් ඕඩියන්ස් එකකට හෝමෙරික් ඔඩිසියස් පෙන්නුවොත් මරුවට තියෙයි
    මුන්ට හරියන්නෙ මේ වගේ පශ්චාත්තාප වෙන විදිහේ ඔඩීසියස් කෙනෙක් තමා
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,761
    9,106
    113
    හම්මෝ ලවුදබෝම්බ මැති තුමා දැක්ක කල්.. ඇයි දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නැත්තේ?
    ලොවිටුස්ව එක එක ඒවාට ටැග් කරන්න යනකොට නිතරම ඔබේ නම උඩට එනව.

    විශේෂ හේතුවක් නෑ බන්. නිකන් අමතක වෙලා ගියා.
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,540
    5,091
    113
    විශේෂ හේතුවක් නෑ බන්. නිකන් අමතක වෙලා ගියා.
    ඇවිල්ල යන්න මේ පැත්තට හිටපු ගමන්. උඹ හොද උපදෙස්, ත්‍රෙඩ් එහෙම ඉස්සර දානව. මතකයි ඒවා.
     
    • Like
    Reactions: lovethebomb

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    මට ඔය ඉතිහාස කතා ගැන මාර ප්‍රශ්න තියෙන්නේ බන්.

    මට හිතෙනවා Homer, වාල්මිකිගේ රාමායණය කොපි කලා ද කියලා Iliad කියෙව්වාම. බලපන් ට්‍රොයි යුද්ධය පටන් ගන්නේ පැරිස් කාරයා ගිහින් බැදපු ගැනියෙක් (හෙලන්) පන්නන් එනවා. ඒ ගැනි ගන්න කියලා ග්‍රිසියේ සෙට් එක යුද්දෙට එනවා ට්‍රොයි වලට.

    වාල්මිකිගේ සීන් එකෙත් බැදපු ගෑනියෙක් (සීතා) රාවණා පන්නන් එනවා, ඒකි බේරගන්න කියලා, ලක්ෂ්මන් එක්ක රාමා එනවා ලංකාපුරෙට. මුං ලංකාපුරේ සෙට් එකට නෙලනවා. අරුං අවුරුදු 10ක් ට්‍රොයි වලට කෙලිනවා.

    වෙන එවුන්ගේ බැදපු ගෑනු පන්නන් ආවේ නැත්තම්, ඔය කතා දෙකම අද නෑ.



    (දන්න නැති කට්ටියට, ග්‍රීක ඉතිහාසයට අයත් ප්‍රධාන වීර කාව්‍යන් දෙකක් තියනවා, Homer's Epic Poem කියලා තමා කියන්නේ. එකක් The Iliad අනෙක The Odyssey)
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,761
    9,106
    113
    මට ඔය ඉතිහාස කතා ගැන මාර ප්‍රශ්න තියෙන්නේ බන්.

    මට හිතෙනවා Homer, වාල්මිකිගේ රාමායණය කොපි කලා ද කියලා

    කොපි කලා නම් (වඩා නිවරැදියි දැන හෝ නොදැන ඉන්ෆ්ලුවන්ස් උනා කියන එක) එහෙම උනේ ඕකෙ අනිත් පැත්තට. හෝමරික් කතා සම්ප්රදාය වෛදික පුරාණ වලට කලින් තිබුන බව පේන දෙයක්.

    යම් යම් එලිමන්ට්ස් හින්දු කතා වලට එන්න ඇති. නමුත් බල්ක් එක බලපුවම කතා දෙක දෙකක්.

    මහාවංශයෙ තියෙන සමානකම දන්නවනෙ නේ. විජය ඇතුලු පිරිස ලංකාවට ගොඩ බැහැල එහෙම මෙහෙ යද්දි උපුල්වන් දෙවියො ඇවිත් පිරිත් නූලක් බඳිනව. කුවේනි කපු කටින ගමන් ඉන්නව. ඔඩීසියස් Aeaea දිවයිනට එද්දි Circe ඉන්නෙ සින්දු කියන ගමන් ලූම් එකක රෙද්දක් වියමින්. ඔඩීසියස් Circe ගෙන් තමන්ගෙ කෲ එක බේරගන්න යද්දි Hermes ඇවිත් ආරක්ෂාවට යම් බෙහෙතක් දෙනව.
     
    • Like
    Reactions: batwise and Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    @lovethebomb උඹ කියන එක හරි, මට දෙක මාරු වුනේ, කතාවේ කියවෙන කාලයයි ලියවුණු කාලයි දෙකක් නේ.

    අපි තීසිස් ලියනවා වගේ තමා එක අතකට බැලුවාම 😁
     
    • Haha
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,761
    9,106
    113
    @lovethebomb උඹ කියන එක හරි, මට දෙක මාරු වුනේ, කතාවේ කියවෙන කාලයයි ලියවුණු කාලයි දෙකක් නේ.

    අපි තීසිස් ලියනවා වගේ තමා එක අතකට බැලුවාම 😁

    ඒ ගෑනු හොරකමේ සමානකම බන් නොවැදගත් නෑ හිස්ටොරිසිටි එක අතින් බලද්දි. අරකෙ හෙලන්ගෙ කේස් එක ඒ කාලෙ සුලු ආසියාවෙ ව්‍යාකූල බව නිසා ඇති උන යුද්ධ නිරූපනය කරනව. රාමායනය ගැන එක අදහසක් තමා පූර්ව වෛදික යුගවල උතුරෙන් ආපු යම්නායා (ඉන්දු-ඉරානියානු) ජනතාව සහ අර්ද්ධද්වීපෙ ඒ වෙද්දිත් සෙට්ල්මන්ට් හදාගෙන හිටි වියැකුණු හරප්පා ශිෂ්ඨාචාරවල මිනිස්සු (AASI හෝ ප්‍රාක්-ද්‍රාවිඩියන්) අතර ඇති උන වාර්ගික ආතතියක ඩිස්ටන්ට් මෙමරියක් පසු කාලෙ වාල්මිකී අතින් ප්‍රබන්ධකරනය වෙන්න ඇති කියලා. උතුරේ ධාර්මික රාම සහ දකුණෙ සාහසික රාවණ. කතාවෙ සීතා කියන්නෙ නිකන් ඒ කල්චර් වෝ එකෙ හේතුව වගේ. ෆන්ක්ෂන් එක සමානයි. නමුත් මේව ආකියොලොජි නෙමේනෙ. කතා කීමෙ කලාව පැත්තෙන් එන ඇනෑලිසිස්.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    ඒ ගෑනු හොරකමේ සමානකම බන් නොවැදගත් නෑ හිස්ටොරිසිටි එක අතින් බලද්දි. අරකෙ හෙලන්ගෙ කේස් එක ඒ කාලෙ සුලු ආසියාවෙ ව්‍යාකූල බව නිසා ඇති උන යුද්ධ නිරූපනය කරනව. රාමායනය ගැන එක අදහසක් තමා පූර්ව වෛදික යුගවල උතුරෙන් ආපු යම්නායා (ඉන්දු-ඉරානියානු) ජනතාව සහ අර්ද්ධද්වීපෙ ඒ වෙද්දිත් සෙට්ල්මන්ට් හදාගෙන හිටි වියැකුණු හරප්පා ශිෂ්ඨාචාරවල මිනිස්සු (AASI හෝ ප්‍රාක්-ද්‍රාවිඩියන්) අතර ඇති උන වාර්ගික ආතතියක ඩිස්ටන්ට් මෙමරියක් පසු කාලෙ වාල්මිකී අතින් ප්‍රබන්ධකරනය වෙන්න ඇති කියලා. උතුරේ ධාර්මික රාම සහ දකුණෙ සාහසික රාවණ. කතාවෙ සීතා කියන්නෙ නිකන් ඒ කල්චර් වෝ එකෙ හේතුව වගේ. ෆන්ක්ෂන් එක සමානයි. නමුත් මේව ආකියොලොජි නෙමේනෙ. කතා කීමෙ කලාව පැත්තෙන් එන ඇනෑලිසිස්.
    උඹගේ background එක මොකක් ද? මම ඉතිහාසය කියවන විදියයි උඹ කියන විදියයි අතර පරස්පර තැන් තියනවා. අනෙක භාෂාව. මම ස්කෝලේ කාලේන් ඒ කියන්නේ AL වලට එනකම් වගේ ඉතිහාසය දරුණුවට කියෙව්වට, AL කාලේ කියෙව්වේම නෑ. අයේ කැම්පස් කාලේ ටිකක් කියෙව්වා, අයේ දැන් ඉඩක් ලැබුනාම ඒකට අදාල ඉතිහාසය හොයනවා සිද්ධිය කියව ගන්න. උදාහරණයක් විදියට, ඇමරිකා ඉරාන් යුද්ධය, ලංකාවේ මෑත කාලින දේශපාලනය වගේ දේවල් වල සංසිද්ධීන් වලට තියෙන විදේශ බලපෑම් වගේ ලිහා ගන්න.
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,761
    9,106
    113
    උඹගේ background එක මොකක් ද? මම ඉතිහාසය කියවන විදියයි උඹ කියන විදියයි අතර පරස්පර තැන් තියනවා. අනෙක භාෂාව. මම ස්කෝලේ කාලේන් ඒ කියන්නේ AL වලට එනකම් වගේ ඉතිහාසය දරුණුවට කියෙව්වට, AL කාලේ කියෙව්වේම නෑ. අයේ කැම්පස් කාලේ ටිකක් කියෙව්වා, අයේ දැන් ඉඩක් ලැබුනාම ඒකට අදාල ඉතිහාසය හොයනවා සිද්ධිය කියව ගන්න. උදාහරණයක් විදියට, ඇමරිකා ඉරාන් යුද්ධය, ලංකාවේ මෑත කාලින දේශපාලනය වගේ දේවල් වල සංසිද්ධීන් වලට තියෙන විදේශ බලපෑම් වගේ ලිහා ගන්න.

    ඉන්ජිනියරින්, ඇප්ලයිඩ් සයන්ස්.

    මොනවද පරස්පර තැන්? 😃 ලෝක ඉතිහාසෙද අපෙ කලාපෙ ඉතිහාසෙද.
     
    • Wow
    Reactions: Mr.dark

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    ඉන්ජිනියරින්, ඇප්ලයිඩ් සයන්ස්.

    මොනවද පරස්පර තැන්? 😃 ලෝක ඉතිහාසෙද අපෙ කලාපෙ ඉතිහාසෙද.
    භාෂාව එකක් උඹ ලියන විදිය.. උඹත් ඒ කියන්නේ මං වගේ ඉත්තෑවෙක් ඉන්න එකෙක්.! 😁

    ඔහොම උන්ට මං කැමතියි. දේවල් උඩින් බලන්නේ නැතිව.

    ඇයි මෛත්‍රි මෝදිගේ කිට් එක ගහන්නේ, ඇයි ගොඨාගේ කාලේ අරගලේ බටහිරට වගේම ඉන්දියාවට වැදගත් වෙන්නේ, සහ ධාතු සේනගේ පුතා කාශ්‍යප රජකමෙන් පන්නලා, මරලා දාන්න මුගලන්නට ඇයි ඉන්දායව උදව් කරන්නේ විතරක් නෙමෙයි. ඊට එහාටත් දේවල් ගැන හොයන්න ඉත්තෑවෝ ඉන්න උන් ඉන්නෝනේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,761
    9,106
    113
    සුපර් හීරෝ මූවීස් වල තියෙන අන්තිම ලදරු හොද නරක විග්‍රයක් ඔලුවෙ දාගෙන ඉන්න හොලිවුඩ් ඕඩියන්ස් එකකට හෝමෙරික් ඔඩිසියස් පෙන්නුවොත් මරුවට තියෙයි
    මුන්ට හරියන්නෙ මේ වගේ පශ්චාත්තාප වෙන විදිහේ ඔඩීසියස් කෙනෙක් තමා

    ෂුවර්ද. වර්තමාන ඕඩියන්ස් එකට අපහසු පව් සමාකරගන්න කතා නායකයෙක්ගෙ අර්ථය තේරුම් ගන්න එක නෙමේද. ෆිල්ම් එකට කැමති අය පවා ඒකෙ ලොකු වැදගත්කමක් දකින්නෙ නෑ පේන විදිහට. මට නම් ඕක තමා මුලු චිත්‍රපටියම. වගේ වගක් නැතුව නගර කොල්ලකන, දූෂණය කරන, සේවිකාවො එල්ලල මරන ඔඩීසියස් ව පෙන්නන එක මුල් කෘතියට සාදාරනයි, සමහරවිට ඕඩියන්ස් එක මීටත් වඩා කැමති වේවි හරිම සංකීර්ණ ප්‍රතිවීරයෙක් කියල. නමුත් නෝලන් ගෙ උවමනාව හෝමර්ගෙ ඔඩිසි කියන එක නෙමේ බවයි පොයින්ට් එක.

    මේක අහම්බයක් නෙමේ. බැට්මෑන් කතා ටික කරද්දි නෝලන් war on terror ගැන දරපු සංරක්ෂණවාදී අදහස් ඔබාමගෙ කාලෙන් පස්සෙ වෙනස් උනා. ට්‍රෝජන් ආක්‍රමණය කරන ඇගමෙම්නොන් බැට්මෑන් වගේ පෙනීම චෙෆ්ස් කිස්. ඔඩිසි කියන්නෙ දේශපාලනිකව නෝලන්ගෙ හෝම් කමින් එක. ඕක පටන් ගත්තෙ ඕපන්හයිමර් වලින්. ඔඩිසි එක අතකට ඒකෙ ස්පිරිචුවල් සක්සෙසර් වගේ.