මහින්ද මාමේ, මේ ලියන්නේ ඉතාම වේදනාවෙනි. මගේ පුද්ගලික මිතුරෙකු හා පැරණි නීති සගයකු වන ලසන්ත වික්රමතුංගයන් ඉතාම ම්ලේච්ඡ ආකාරයට මරා දමන ලද්දේ අද උදෑසනය. මේ සිරස රූපවාහිනියට අයත් මැදිරිය ඉතාම කුරිරු ලෙස විනාස කොට දින දෙකක් වත් ගත නොවූ තැනය.
මේ වූකලි කිසිදු රටක සිදුවිය නොයුතු ආකාරයේ තුච්ඡ නින්දිත ක්රියාවන් දෙකකි. මෙබඳු ක්රියා නිතර සිදුවන රටක් හැටියට අප දැන සිටියේ සිම්බාබ්වේය. එහිදී එවන් ක්රියා කරන ලද්දේ තමා හැර අන් කිසිදු නායකයකු නොසිටිය යුතු යැයි අන්ධව අදහන, ජාතිවාදයෙන් හිස් කුහර පුරවාගත් මෝඩ සපෝටර්ලා පිරිසකගේ අනුග්රහය ලබන ඇඩොල්ෆ් හිට්ලර් ආකාරයේ ව්යාජ ජාතිකවාදී බැටළු හම් පොරවාගත් කුරිරු පාලකයෙකු වන රොබට් මුගාබේය. ඔහු ඔබගේ මිතුරෙකුද යන්න මම නොදනිමි. මට කියන්නට ඇත්තේ ශිෂ්ට ලෝකයා මෙබඳු කාලකන්නි වැඩ අනුමත නොකරන බව පමණකි. සපෝටර්ලා එබඳු ක්රියා අනුමත කළ පමණින් සමස්ත ශිෂ්ට ජනතාව එසේ කළ යුතු යැයි උපකල්පනය කළ යුතු නොවේ.
මහින්ද මාමේ, මේවා කරන්නේ කවුද යන්න මම නොදනිමි. එහෙත් රටේ පාලකයා හැටියට ඒ නතර කිරීමට ඔබට යම් පමණක හෝ හැකියාවක් ඇතයි මම සිතමි. කාලයකට ඉහත කවුදෝ නොදන්නා පිරිසක් රූපවාහිනි සේවක සේවිකාවන්ට දැළිපිහි සංග්රහයක් එල්ල කළේය. එය නතර කරන්නට සියළු දෙනා උත්සාහ කළ මුත් අවසානයේ එය නැවතුනේ ඔබ ඊට මැදිහත් වූ පසුය. ඒ නිසා ඔබට මෙවන් ප්රශ්න විසඳීමට යම් මැජික් බලයක් ඇති බව පුහුදුන් අපට වැටහීම සාධාරණය. අනෙක් අතට කිලිනොච්චිය අල්ලා ගැනීමට තරම් බලයක් ඇති ඔබට කොළඹ නගර මැද සිදුවන මැර ක්රියාවන් නතර කිරීම්ට බැරියයි සිතන්නේ කවර නම් මෝඩයකුද?
මහින්ද මාමේ, මට ඔබට සේ දේශපාලන අත්දැකීම් නැත. එහෙත් මට වැටහෙන්නේ මේ සියල්ල කාගේ හෝ මෝඩයකුගේ පුද්ගලික න්යාය පත්රයක් ක්රියාත්මක කිරීමට ගොස් ඇති වූ අතුරු ඵල ලෙසිනි.
මහින්ද මාමේ, මේ රට තනි පවුලකට නොව කෝටි දෙකක් මහ ජනතාවට අයිති බව ඔබද පිළිගනු ඇතැයි මම සිතමි. මහින්ද මාමේ, අප තනි පුද්ගලයෙකුට හෝ තනි පවුලකට ඕනැ ලෙස නටමින් අපේ රට තවත් සිම්බාබ්වේවක් බවට පත් කරමුද?
මහින්ද මාමේ, තමා හෝ තම පවුල හෝ පක්ෂය ගැන හිතනවාට වඩා මේ තීරණාත්මක අවස්ථාවේ රට ගැන සිතීම වැදගත් බව ඔබට සිතෙන්නේම නැත්ද?
මහින්ද මාමේ, මීට වසර තුනකට පෙර ඔබට චන්දය දුන් ජනතාව බලාපොරොත්තුවූයේ මෙවන් යක්ෂයාගේ දේශයක්ද? මහින්ද චින්තන හරහා ඔබ පොරොන්දු වූයේ මෙවන් අවාසනාවන්ත තත්වයක් ඇතිවීම වැලැක්වීම නොවේද?
ඉන්ෂුවරන්ස් ගන්නට සිරස තමන්ටම ගිනි තියා ගත්තැයි කියන ලසන්ත තමාටම වෙඩි තියා ගත්තැයි කියන කොන්ඩේ බැඳපු චීනුන්ට අපි රැවටෙමුද?
මහින්ද මාමේ, දැන්වත් රට ගැන කල්පනා කිරීමට ඔබට හැකිවේවායි ඉත සිතින් පතමි. ඔබ තවම ප්රමාද නැත.
මහින්ද මාමේ, තව එකම ඉල්ලීමක්. මේ ලියන්නේ ලසන්තගේ පුද්ගලික මිතුරකු හා කණිෂ්ඨ නීතිවේදීන් හැටියට එකට වැඩ කළ කෙනකු වශයෙනි. ලසන්ත දැන් මළවුන් අතරය. ඔහුට නැඟෙන චෝදනා වලට පිළිතුරු බැඳීමට ඔහු අප අතර නැත. මේ නිසා මහින්ද අබේසුන්දර, බන්දුල පද්මකුමාර ඇතුළු ඔබගේ මාධ්ය මඩ හමුදාවන්ට තව දුරටත් ඔහුට පහර දෙමින් ඔහුගේ නම කැත කිරීමට ඉඩ නොදෙන සේ ඉල්ලා සිටිමි. එබඳු මෝඩ ක්රියාවක් ඔබ ඉතාම අමාරුවෙන් ගොඩ නඟා ගැනීමට උත්සාහ දරණ ප්රතිරූපයට හානියක් පමණකි.
ඔබට තෙරුවන් සරණයි.
(මේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට චන්දය දුන් මගේ නීති සගයකුගේ ප්රතිචාරයකි.)
::: BY MR. AJITH. P . PERERA :::

Last edited: