Andromium සමාගම විසින් මේ ස්මාර්ට් ජංගම දුරකතනවල තියෙන බලයක් සහිත තාක්ෂණය නව නිර්මාණයක් සමඟ භාවිතා කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ නිර්මාණය තමා Superbook. ඇත්තටම මේක ලැප් එකක් හැබැයි ලොකු වෙනසක් තියෙනවා.
මේ ලැප් එකට USB කේබල් හරහා ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයට සම්බන්ධ කළ පසු ඔබ ෆෝන් එකෙන් කරන වැඩ ඔක්කම මේ ලැප් එකෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ තියෙන OS එක සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා මේ ලැප් එකෙන්.
ඒ අනුව ලැප් එකයි ස්මාර්ට් ෆෝන් එකයි දෙකම එකක් වෙනවා.
ඕනෑම OS එකක් තියෙන ෆෝන් එකක් මේ Superbook එකට සම්බන්ධ කරන්න පුළුවන්.
ඔබට තාමත් මේ ගැන අපැහැදිලි නම් පහත වීඩියෝ එක නරඹන්න..මේ තමා තාක්ෂණයේ නවතම විප්ලවය..
