මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න...
"මහත්තයෝ සුද්ද හැදුවා ෂූස්. අනිත් සුද්දොත් ෂූස් හැදුවද නෑ. නිකම්ම ෂුස් වලට කකුල රිංගවන්න අමාරුයි. පස්සේ ගලවන්නත් අමාරුයි.හදිසියකට ගලවගන්නත් බෑ. නිකං හිතන්නකෝ බඩේ අමාරුවක් හැදිලා වැසිකිලි යන්න වුනොත්. මේ මොන කරදරයක්ද කියල හිතෙයි. ඔන්න තව සුද්දෙක් කල්පනා කළා මේකට විසඳුමක්. ඒකා හැදුවා ලෙස්. දැන් සපත්තු වෙනදට වඩා විකිනෙනවා. ෂූස් වලට කකුල් කැපෙනවා, කිසිම සැප පහසුවක් නෑ. දාගෙන ගියාම කකුල් ගඳ ගහනවා. තව සුද්දෙක් හැදුව සොක්ස්. විකුනන්න කඩේට ගේනකොට මේවා එක එක සයිස් ඒවා මල්ලක දාගෙන එනවා. අන්තිමේදී මේවා බේරුම් ඇර ගන්නම පැයක් විතර යනවා. දුඹුරුපාට, කලුපාට. ඕක ගැන කල්පනා කරලා තව සුද්දෙක් හැදුව කේස්. සපත්තු දාගෙන යනකොට දහ ජරාව ගෑවෙනවා. දුඹුරු පාට ඒවා කළු වෙනවා. කළු ඒවා පුස් කරනවා. තව එකෙක් ටිකක් කල්පනා කර කර ඉඳලා ඔලුව කහලා කහලා ඊළඟට හැදුවා පොලිෂ්. ඉතින් මේ පොලිෂ් ගාන්න ගියාම හත්පලේ ගෑවෙනවා. ෂයින් කරන්න රෙදි කෑලි දාගෙන උලන්න ඕනේ. බැරිම තැන තව එකෙක් හැදුවා බ්රෂ්. ඒකට අපේ එවුන්. මම මේ අඹ ගහ යට ඉඳන් තෙල් බෙහෙත් විකුනනවා. තව එකෙක් ආවා ඌත් විකුනන්නේ තෙල් බේත්. ඒ මදිවට තවත් එකෙක් ආවා. ඌත් තෙල් බේත්. නෙද්දකින් කාලකන්ණි"