මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඇත්තටම බස්නාහිර පළාතෙන් අ.පො.ස උසස් පෙළ කරන අපේම සහෝදර සහෝදරියන්ට සිදුවන අසාධාරණය ගැන නොදන්න අයව දැනුවත් කර දන්න අයව ඒ අසාධාරණයට විරුද්ධව පෙලගස්වන්නයි. මෙතන එළකිරි එකේම ඇති ගොඩක් අයියලා අක්කලාත් බස්නාහිර පළාතෙන් උසස් පෙළ කරන්න වුන නිසා විවිධ අසාධාරණකම් වුන. ඒ අසාධාරණකම් අතරට උසස් පෙළට අති විශිෂ්ට ප්‍රතිපල ලබාගෙනත් විශ්ව විද්‍යාල වරම් අහිමි වීම වගෙ දේවල් ප්‍රධාන තැනක් ගන්නවා. බොහෝ අය මේ නිසා උසස් පෙළ විභාගය නැවත වරක් කරන්නට පෙළඹෙන අතර අවසානයේ සිදුවන්නේ තරුණ ජවය නිසි උපරිම කාර්යක්ෂමතාවයකින් යෙදවිය හැකි කාලයක් (උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල පටන් ගන්න තුරු කාලය ඇතුළුව අවම වශයෙන් අවුරුදු දෙකක්) අපතේ යෑමයි. මෙමගින් ඇත්තටම රටේ අනාගතයට දියුණුවටත් විශාල පරිහානියක් වෙන බව ඔබ දන්නවා...
බස්නාහිර පළාතේ සිසුන්ට විශේෂයෙන් සිදුවන මෙම අසාධාරණයට එරෙහිව උද්ගෝෂණවලින් නොව එහෙත් තීක්ෂන බුද්ධියෙන් ක්‍රියා කිරීමට පෙළ ගැසෙන ලෙස ඔබට ආරාධනා කරනවා..
පහත ෆේස්බුක් පිටුව සදහා ඔබගේ ලයික් එක පළකර ඒ හා සමග එක්වන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා..එම පිටුව හරහා අනාගතයේදී ඔබට වැඩි විස්තර දැනගැනීමට හැකිවනු ඇත..
Western Province Students' Union
ඇත්තටම මෙතන අසාධාරණ්ය සිදුවන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කිරීම වටිනවා...
බස්නාහිර පළාත් සිසුන් වන අපගේ ඉල්ලීම කිසිදු අයුරකින් වෙනත් පළාත් වල සිටින සිසුන්ට ඇති විශ්ව විද්‍යාල වරම් අහිමි කර එම වරම් අපිට ලබා දීම නොවන බව කරුණාකර වටහා ගන්න. එම ඈත ඇතැම් දුශ්කර පළාත්වල සිසුන්ට එම විශ්වවිද්‍යාල වලට තෝරාගැනීමේදි ලැබෙන පහසුකම් එපරිදිම ලැබිය යුතු බව අපගේ මතයයි..නමුත් අපගේ ඉල්ලීම අපට සිදුවන අසාධාරණය මග හැර්වීම බව ඔබ සැම සිහි තබා ගත යුතුය..
ශ්‍රී ලංකාවේ සෑම පළාතකම සිසුන් සෑම වර්ශයකම උසස් පෙළ ලියන අතර විශ්ව විද්‍යාල සදහා සිසුන් තෝරාගනු ලබන්නේ දිස්ත්‍රික් පදනමක් මතය. එම දිස්ත්‍රික් පදනම ගණනය කරනු ලබන්නේ ඒ ඒ දිසිත්‍රික්කවල ජනගහනයන්ට අනුරූපව වේ.
ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල යම් නිශ්චිත සිසුන් ප්‍රමාණයක් සදහා විශ්ව විද්‍යාල වරම් හිමිවන අතර අප එය මෙසේ සලකමු.
නුවරඑළිය , බදුල්ල , අනුරාධපුර වැනි දිස්ත්‍රික්ක සැලකුවහොත් එම දිස්ත්‍රික්ක වලට අදාල District Quota වෙනම වෙනම ඇත.
උදාහරණයක් ලෙස ඉංජිනේරු පීඨය සදහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ළමුන් 40 ක් සුදුසුකම් ලබන්නේ යැයි සිතමු. දැන් අපි සිතමු මුලු ශ්‍රී ලංකාවටම අදාල විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අවශ්‍ය අවම සුදුසුකම S සාමාර්ථ තුනක් ලෙස සැලකුවහොත් බොහෝ අවස්තාවලදී එම බදුලු දිස්ත්‍රික්කයේ එම අවම සුදුසුකම ලබන (3 S) සිසුන් ගණන 40 ට වැඩි එහෙත් 40 ආසන්නයේ සිසුන් ගණනකි. එනම් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබන සිසුන් ප්‍රමාණයෙන් 80% - 90% ආසන්න ප්‍රමාණයක් ඉංජිනේරු පීඨ වරම් ලබයි..
කොළඹ සිසුන් සැලකුවහොත්, එම ප්‍රතිශතය 20% ආසන්න ගණනක් තරම් ඉතා අඩු මට්ටමක සිටී. එනම් අප සිතුවහොත් බදුලු දිස්ත්‍රික්කයේ CCC ප්‍රතිපලයක් ලබන සිසුවා එම දිස්ත්‍රික්කයේ 40 වෙනියා නම් ඔහුට ඉංජිනේරු පීඨ වරම් හිමිවේ. නමුත් කොළඹ සැලකූ විට AAB ලබාගත් සිසුවාටත් බොහෝ විට ඉංජිනේරු වරම් අහිමි වේ. එයට හේතුව නම් කොළඹින් යම් පීඨයකට තෝරාගන්න ප්‍රමාණයට සාපේක්ශව ඉතා විශාල සිසුන් ප්‍රමාණයක් ඊට සුදුසුකම් ලැබීමයි.
(ඉහත දත්ත ගෙන එන ලද්දේ උදාහරණයක පැහැදිලි කිරීම පහසු වන පරිදි වන අතර මෙය සත්‍ය දත්ත නොවන නමුත් සත්‍ය වශයෙන් සිදුවන්නේ මෙවැනි ක්‍රියාදාමයකි)
මුලු ශ්‍රී ලංකාවටම එකම විභාගයක් පවත්වා එක් සිසුවෙක් CCC ලබාගෙන ඉංජිනේරු පීඨයට යෑමත් තවත් සිසුවෙක් AAB වැනි ඉහල සාමාර්ථයක් ලබා විශ්ව විද්‍යාල වරම් අහිමි වීමත් ඛේදජනක තත්වයකි. මෙම තත්වය සාධාරනීකරනය කරන්නන්නගේ තර්ක්ය නම් කොළඹින් පිට පළාත් වල පහසුකම් අඩු බවය. ඔබ අ.පො.ස උසස් පෙළ සදහා විද්‍යා/ගණිත කල අයෙක් නම් ඔබ දන්න කරුණ නම් ප්‍රශ්න පත්‍රය සදහා ප්‍රායෝගික පරීක්ශන වලින් වැඩිම දායකත්වයක් දෙනු ලබන්නේ භෞතික විද්‍යාවෙන් පමණක් බවය. රසායන විද්‍යාවේ ප්‍රායෝගික පරීක්ශන වලින් ප්‍රශ්න පත්‍රයට සැලකිය යුතු තරම් දායකත්වයක් නොදක්වයි. එසේම මෙම පිට පළාත් වල සිසුන්ගෙන්ද බොහෝ දෙනෙකු කොළඹ ටියුශන් පන්ති පැමිණ තම වැඩ කටයුතු කරන අතර සත්‍ය කරුණ නම් සෑම භෞතික විද්‍යා පංතියකින්ම ප්‍රායෝගික පරීක්ශන අවශ්‍ය පරිදි ආවරණය කිරීමයි. ඒ අනුව කොළඹ සිසුන්ට අසාධාරණයක් වන බව ඔබට පැහදිලිය.
අපගේ ඉල්ලීම ඔවුන්ගේ අයිතිවාසිකම් කිසිදු අයුරකින් කප්පාදු කිරීම නොව එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ මා ඉහත සදහන් කල "ප්‍රතිශතය" ඉහල දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසය. මේ සදහා සිසුන්ගේ දායකත්වයක් ඇති බව දැක්වීම සදහා මේ වනවිට අත්සන් එකතු කිරීමක් සිදු කරන අතර මෙම සම්පූර්ණ කටයුත්ත පිලිබද නව තතු ඉහත දැක්වූ ෆේස්බුක් පිටුව හරහා ඉදිරියේදි දැන ගැනීමට හැකිවනු ඇත.
විශ්ව විද්‍යාල වල පහසුකම් මදි කමක් ඇත්නම් දැනට ක්‍රියාත්මක වන පරිදි වෙනත් රටවල විශ්ව විද්‍යාල වලට අනුබද්ධ ආයතන මගින් එම විශ්ව විද්‍යාල වල උපාධීන් පිරිනමන ආකාරයට ඔවුන්ට අපගේ විශ්ව විද්‍යාල හා සම්බන්දවද සෑම ක්ශේත්‍රයකින්ම එවැනි ආකාරයට උපාධීන් පිරි නමන්නේ නැත්තේ ඇයි දැයි මට ප්‍රශ්නයකි. තවද පෞද්ගලික වයිද්‍ය උපාධි සදහා මෙතරම් විරෝදයක් ඇති වීම අර්ත විරහිත කරුණක් බවද මට හැගේ...
ඔබගේ අදහස් ද ඉදිරිපත් කරන්න...